ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
24/11/2023 අමෘතය 12 භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ. දෝලනය දක්ෂිණාවර්ත ව කැරකැවේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, දෝලනය වාමාවර්ත ව කැරකවීම සිදු වේ. විඤ්ඤාණය පැත්තෙන් බලන විට එය දක්ෂිණාවර්ත ව කැරකැවෙන බව පෙනේ. මෙහි දී tricycle එකේ, පරාමාසය hub එක වශයෙන් තිබෙන රෝදය, එනම් ගිද්ධිලෝභ චේතනා භය අගති, cone එක, විඤ්ඤාණය පැත්තෙන් බලන විට, එය දක්ෂිණාවර්ත ව කැරකැවී රෝදය ඉදිරියට යන්නේ, සඤ්ඤාව ඇති වම් පැත්තට, යන බව වැටහේ. රෝද කැරකැවෙන දිශාව දැක්වෙන සටහන් අපි දෙනවා, එහි සටහන 1 බලන්න.
6.4 වන විට tricycle එකේ, ගිද්ධිලෝභය hub එක වශයෙන් තිබෙන, වම් පැත්තේ රෝදය, විඤ්ඤාණය පැත්තෙන් බලන විට, වාමාවර්ත ව කැරකැවෙන බව පෙනේ, එනම් tricycle එක පිටුපසට යයි. එනම් සඤ්ඤාවෙන් විරුද්ධ පැත්තට, ද්වේෂය ඇති පැත්තට යන බව පෙනේ. මෙසේ ම 7.4, 7.5, 7.6 වන අවස්ථා විමසන්නේ, tricycle එකේ පරාමාසය hub එක වශයෙන් තිබෙන, දකුණු පැත්තේ රෝදය, විඤ්ඤාණය පැත්තෙන් බලන විට, වාමාවර්ත ව කැරකැවෙන බව පෙනේ. එනම් tricycle එක පිටුපසට යයි. ද්වේෂය ඇති පැත්තට යයි. මෙසේ ඉදිරියට ගිය වාහනය, පිටුපසට යෑම වන්නේ, ද්වේෂය ව්‍යාපාදය විඤ්ඤාණයෙහි පිහිටයි. සටහන 2 බලන්න.
සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ ඇති වන විට, දෝලනය සටහන 47° ක් පමණ දක්ෂිණාවර්ත ව කැරකැවී ඇති අවස්ථාව, driving force diagrams වල අවසානයට දැක් වූ පාද සටහන්වල, අවසාන සටහන වශයෙන් දී ඇත.
ඒ අනුව සිතන්නේ tricycle එකේ සඤ්ඤාව ඉස්සී, පොළොව දිසාවට නැඹුරුව ඇති බව වටහාගෙන, ඉහත ධර්මය විමසන්න.(*1)
ඊතලය හිර වී ඇති අවස්ථාව විමසන්නේ, 7.2 න් පසුව ජාති වේදනා භය අගති cone එක, භ්‍රමණය ආරම්භ වී, භය අගති දක්වා යෑම ඇති වීම සිහි කරන්නේ, 7.4 නිත්‍ය සංකල්පය බිඳීම බව බුදුපියා පැවසුවා.
7.2 යන්න කඩේට යන්න සිතන්නේ, වාහනයට නගින්නේ ය, යන්න මෙනි. තවම එහි ගිහින් නැත. එනමුදු පාන් ගෙන එමියි යන අදහස, වේදනා අගයන් සමඟ පැමිණ ඇත. මෙසේ නොවන්නේ නම් පාන් නිසා විඤ්ඤාණ ධාරාව නොගලයි. 7.4, කඩේ සොයන පාන් එක නැත. සටහන 4 බලන්න.
7.2 න් පසුව හිරවී ඇති ඊතලය නිසා, රෝදය බකල් වීම ද විය හැකි ය. Axle එක කැඩීම ද විය හැකි ය. 7.6 අවස්ථාව සටහන 5 මගින් දැක්වේ.
07/08/2020 නිබ්බාන භාවනාවේ සඳහන් කරුණුවලට සිත යොමු විය. සම්මා සංකප්ප 1, රවුම 7 සම්පූර්ණයි. මෙය සඳහා 7.4 සිට 7.5 එතනින් 7.6 විමසන්න, ව්‍යාපාදය. සම්මා සංකප්ප 2, රවුම 7 සම්පූර්ණ නැත, ද්වේෂය. මෙය සඳහා 6.4 සිට 7.2 දක්වා යෑම ප්‍රමාණවත් ය. ඉදිරියට යන්නට උත්සාහ කරන අයෙකුට, එයට බාධාවක් ලෙස 6.4 දී පසුපසට යෑම පෙනෙන්නේ යම් සේ ද, මෙය තවදුරටත් වේදනාව නිසා, 7.4 සිට 7.6 දක්වා පසුපසට යෑමක් ම එකතු වන්නේ, එම බාධාව දෙගුණ වී පෙනේ. මේ නිසයි ව්‍යාපාදය. කෙසේ හෝ අකමැති වූ රූපය, තමා කර ගන්නට සිදු වී ඇත. මෙය පුදුම කරුමයක් යැයි යමෙක් පවසන අවස්ථාවලට යොදා බලන්න. රූපය ගන්න යැයි කරන බලපෑම ගැන සිතන්න.
7.7 දී සංස්කාර ජරා, 7 රවුම සම්පූර්ණයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වන්නේ, සංස්කාර ජරා නිසා, ව්‍යාපාදය වන්නේ ය. අපි දන්නවා අභිජ්ඣා ඇත්තේ, ජරාවට පත් වූ බව දන්නේ, ව්‍යාපාදය ඇති වේ.
7.7 වන විට, එකම රෝදයක් මෙන් පොළොවට සම්බන්ධ වෙන තැන දී පෙනේ. Axle එක කැඩීම, ව්‍යාපාදය. සටහන 6 මගින් දක්වා ඇත්තේ, දකුණු පැත්තේ රෝදය ගැලවී ගිහින් ඇති අවස්ථාවේ, වම් පැත්තේ රෝදය පිහිටන ආකාරය වේ.
මෙය සඤ්ඤාමය කාය ඉවත් වීම සමඟ සිදු වේ. සඤ්ඤාමය කායේ පථය, වේදනා චේතනා භය අගති යැයි බුදුපියා පැවසුවා.
6.4 වන විට විඤ්ඤාණය පැත්තෙන් බලන විට, වාමාවර්තව කැරකැවෙමින් තිබුණු වම් පැත්තේ රෝදය, 7.7 සිට 8.2 දක්වා යන විට, පාණාතිපාත වැනි ධර්මයෝ මගින්, එම දිසාවට ම ගලයි. ගැලවීමක් නැත. මෙය වටහා ගැනීම සඳහා, දී ඇති 7 වෙනි සටහන බලන්න.
පාණාතිපාත අදත්තාදාන කාමයෙහි වරදවා හැසිරීම යන ධර්මයෝ, පරාමාසගත වීම මුලින් සිදු වේ. ඉන් පසු භය අගතියට යයි. රතු ඊතල දෙක බලන්න. දෝලනය සටහන විඤ්ඤාණය පැත්තෙන් බලන විට, වාමාවර්ත ව කැරකැවෙන බව පෙනේ. එසේ ම tricycle එකේ, පරාමාසය hub එක වශයෙන් තිබෙන රෝදය, විඤ්ඤාණ පැත්තෙන් බලන විට, වාමාවර්ත ව කැරකැවෙන බව පෙනේ. එනම් පසු පසට යෑම සිදු වේ. හිරවී ඇති ඊතලය මගින් වන සම්බන්ධතාවය නිසා tricycle එකේ වම් පැත්තේ රෝදය ද, එම නිසා ම වාමාවර්තව කැරකැවී, පසු පසට යෑම සිදු වේ. මෙය ඇඳ නැත.
මෙම ධර්මතාවය දැන සතර ඉද්ධිපාදයෝ භාවිතා කරන්නේ නම්, මෙම ක්‍රියාවලිය නවතී, නිර්වාණය සාක්ෂාත් කරයි. එතකොට ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1 - අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර සිහි කරනවිට ම, සිත නතර වේ. ආරම්භයේ දී ම මෝහය ළඟ විනයධර බුදුපියා පිහිටුවීම සිහියේ තිබුණි. මෝහය, යන්න එපා යැයි කාමරාග අනුසය රේඛාවට ඇඟිලි දිගු කර පෙන්වා දෙයි. මෙහි දී සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ ඇති වන විට, දෝලනය සටහන 47° ක් පමණ දක්ෂිණාවර්ත ව කැරකැවී ඇති අවස්ථාව, තුන්වැනි සටහන හැටියට දීපු එක,(*2) ඒ අනුව සිතන්නේ tricycle එකේ සඤ්ඤාව ඉස්සී, පොළොව දිසාවට නැඹුරුව ඇති බව යනුවෙන් බුදුපියා පැවසූ ධර්මය මෙනෙහි විය. පාණාතිපාත පොළවේ ය. අරූප ධ්‍යාන තලවල නැත. පාණාතිපාත පොළොවට නැඹුරුව ඇත.
2 - 7.6 අවස්ථාවේ දී සිත නතර වේ. මෙහි සම්මා සංකප්ප 1 සහ 2 යෙදීම නිසා විය හැක. 6.4 සිට 7.2 ද්වේෂයත්, 7.6 ව්‍යාපාදයත් ගැන සිතීම නිසා විය හැක. 7.2 යන්න කඩේට යන්න සිතන්නේ, වාහනයට නගින්නේ ය යන්න මෙනි. තවම එහි ගිහින් නැත. එනමුදු පාන් ගෙන එමියි යන අදහස, වේදනා අගයන් සමඟ පැමිණ ඇත. මෙසේ නොවන්නේ නම්, පාන් නිසා විඤ්ඤාණ ධාරාව නොගලයි. 7.4 කඩේ, සොයන පාන් එක නැත, යන්න සිහි විය. 7.4 සිට 7.6 දක්වා පසුපසට යෑමක් ම එකතු වීම සිහි විය. ඒ කියන්නේ මේ ද්වේෂය double වෙලා, ව්‍යාපාදය.
3 - 7.7 අවස්ථාව සටහන 6 කෙරෙහි සතිය ඇත්තේ, සඤ්ඤාමය කායේ පථය සිහි කරන තාක් කල්, ඵල චිත්තය නොගිලිහේ. එය නැංවී පවතී.
මෙසේ මෙම භාවනාව, විමුක්ති මංසලාවක් බව මොනවට වැටහේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 09/12/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් අපිට පේනවා ඔතන කාම ලෝකවල පාණාතිපාතා, අදත්තාදාන, අරූප ලෝකවල මේක නෑ. එතකොට කාම ලෝක පොළොව දිසාවට නැඹුරු වී ඇති බව වටහා ගැනීමට මේක උදව් උපකාර වෙනවා.
(*2) අපි මේ driving force සටහන්වල අවසානයට දීලා තියෙනවා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව කාරණා තුනක් එකතු කරන්න පුළුවන්.
1 - සඤ්ඤාමය කාය ඉවත් වූ විට biased state එකක් ඇතිවෙයි. ගලන දිසාවට යෑම මිස විමසීමක් නැත.
2 - තත්පර හත පසු වී මනෝමය කායේ සිටින විට ධර්මය මතු වුණොත් නිර්වාණය වේ ද? එතකොට මේ අපි දැන් ඊයේ දුන්නා භාවනාවක්, ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයට ධර්මය ගලන අවස්ථාව, ඒක යොදාගෙන බලන්නෙයි කියලා රහතන් වහන්සේ කිව්වා. ඔය 08/12/2023 භාවනාවෙන් පසුව ඒක වැටහෙනවා. ඵල ලාභියෙකු එක, දෙක, තුන, හතර ධ්‍යාන තලයක ඉපදීම විය හැකි ය. දිට්ඨි අනුසය නිසා නොඉපදී සිටීමට අඩිතාලමක් නැත.
3 - තථාගතයන් වහන්සේගෙන් බණ අසා මනෝමය කායේ සිට ආශ්‍රව නසන්නේ නම්, සඤ්ඤාමය කාය නැවත පැමිණිය යුතු ය. මේ සඳහා අතිශ්‍රේෂ්ඨ වූ ධර්මයක් භාවිතා කළ යුතු වේ. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්