Date: 08/12/2023 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

01/12/2023 නිබ්බාන භාවනාවේ දී 7.7 වන විට, එකම රෝදයක් මෙන් පොළොවට සම්බන්ධ වෙන තැන, axle එක කැඩීම වන අවස්ථාව සටහන 5 මගින් දක්වා ඇත්තේ, දකුණු පැත්තේ රෝදය ගැලවී යෑම, සඤ්ඤාමය කාය ඉවත් වීම සමඟ සිදු වේ යන්නත්, සඤ්ඤාමය කායේ පථය, වේදනා චේතනා භය අගති යැයි ඉගෙන ගතිමු.

15/01/2016 නිරෝධ භාවනාවේ දී, නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණගත වීමෙන් පසුව බිඳී යන්නේ නම්, line 5 සුභ සුඛ, line 6 සුඛ, line 7 අත්තා දිට්ඨි, හරහා ධර්මයන් කිසිදු ආකාරයකින් නොගලන්නේ නම්, කුමක් වේ ද යන්න, සාකච්ඡා කර ඇත. එකවර ම ගර්භාෂයකට ඇදී යන අවස්ථාවක් එහි දී දැක ඇත. සඤ්ඤාමය කාය ඉවත් වීම වන්නේ නම් එසේ වන්නේ ය, යනුවෙන් වැටහුණා.

මෙම ධර්මතාවයන් තවදුරටත් විමසීම කළා.

1 - 13/01/2016 උපෙක්ඛා අප්‍රමාණ 6 භාවනාවේ දී, අත්තා සඤ්ඤාව චේතනා වීමෙන් පසුව, බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද යන්න, විමසා ඇත. එම සටහන් අපි දෙනවා, එහි පළවන සටහන බලන්න.

MM_13_01_2016.jpg

මෙම අවස්ථාව, line 6 >= line 7 සහ line 5, දුර්වල ය. මෙහි දී අත්තා යැයි නොගනී නම්, අත්තා සඤ්ඤාව අනිත්‍ය නම්, ආකිඤ්චඤ්ඤායතන නෙවසඤ්ඤානාසඤ්ඤායතන විය හැකි ය. මෙහි දී චිත්ත සංස්කාර මගේ යැයි ගැනීම, විය හැකි ය. කාය සංස්කාර සහ වචී සංස්කාර අත්හැරීම, විය හැකි ය. බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට තුඩු දෙන සංස්කාර කරන්නේ, භය අගති සිට චේතනා දක්වා දහමුන් ගොඩනැගී, විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්මයෝ ඉස්මතු වීම වන්නේ, දෝලනය සටහන, සෝකය පැත්තෙන් බලන්නේ, වාමාවර්ත ව කැරකේ. එනමුදු 4.4 දක්වා පමණක් යනු ලබයි. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන පථය තදින් ක්‍රියාත්මක වේ. මෙහි දී ඉපදීම කෙසේ ද? line 6 >= line 7, සුඛ සංකල්පය ඇත්තේ හයවන ධ්‍යාන තලයෙන් එපිට ධ්‍යාන තලයක ම පමණක් ඉපදේ. කුමක් නිසා ද? වේදනාව දැනෙන්නේ නම් සුඛ යැයි පැවසිය නොහැකි බව විඤ්ඤාණයට හැඟෙන නිසා ය. සුඛය අත්තා කරගත්තත්, චේතනාවට පැමිණ බිඳී ගිය නිසා ය. මොහු රූප නොසොයයි, රූප නිසා වන වේදනා නොපතයි. මෙහි දී යම් අයකු රූප සොයන්නේ නම්, අසරණ ස්වභාවයට පත් වේ. මරණ මොහොතක මෙම තුන් අගයෝ නැති ද, එය නිර්වාණයයි.(*1)

Special බොජ්ඣඞ්ග භාවනාවේ දී ඉගෙන ගත් කරුණු සමඟ සිතන්නේ, මෙහි අවිද්‍යා ආශ්‍රව නිසා මෝහයට යෑම වන්නේ, කාමරාග අනුසය නිසා, සඤ්ඤාව සුඛ වී, එහි පසු සඤ්ඤාව ලෙස කාම ආශ්‍රව වීම වටහා ගත යුතු ය. වේදනා නොදැනෙන සුඛ සඤ්ඤා නිසා, කාම ආශ්‍රව ඇත. වේදනා නිසා කාම ආශ්‍රව හෝ දිට්ඨි ආශ්‍රවවලට යන ගැම්ම මෙහි නැත.

2 - මධ්‍යම ප්‍රමාණයේ ධර්මයන්, line 5 හරහා ගලන අවස්ථාව විමසා බලමු. 14/01/2016 උපෙක්ඛා අප්‍රමාණ 7 භාවනාවේ දී, මෙය විමසා ඇත. එනම් නිත්‍ය සඤ්ඤාව, විඤ්ඤාණගත වීමෙන් පසුව බිඳී යන්නේ නම්, කුමක් වන්නේ ද? සටහන 2 බලන්න.

MM_14_01_2016.jpg

line 5 > line 7 >= line 6. මධ්‍යම ප්‍රමාණයේ ධර්මයන් line 5 හරහා ගලන අවස්ථාවට සමානයි. මෙහි දී 7.4 රූප අගය චේතනා දක්වා පැමිණීම අන්තර්ගත ය. කරුණු තුනක් සිදු විය හැකි ය.

2a - කාම ලෝකයේ ඉපදීම. 7.7, 8.2.

2b - 7.4 වුවත් චේතනා නිසා සංස්කාර කිරීමට තරම්, රූප අගය ප්‍රමාණවත් නොවීම. භූත ප්‍රේත යන ලෝකවල ඉපදීම විය හැකි ය. මෙතන මේ භූත කිව්වහම ප්‍රේත ලෝකයේ ම දැඩි ශරීර ඇති කොටසක්.

2c - 6.4 දී සඤ්ඤා අධිමොක්ඛය සිදු වුවත්, yellow traffic light වාහන නොනවත්වා යන්නාක් මෙන් සිදු විය හැකි ය. මෙය ගැටීම් සහිත ය. 1 සිට 4 දක්වා ධ්‍යාන තලවල ඉපදීම මේ ආකාර ය. මෙහි දී ධාරාව ගලමින් තිබුණු දිසාව, භය අගති සිට චේතනාව දක්වා ය. Yellow traffic light නතර විය යුතු ය. නමුත් ගලයි. චේතනා කරයි. එය සරසුල මෙනි. රූප ඕනෑ යැයි කියයි. එනමුදු එහි සියුම්භාවය පතයි, කෙසේ ද? 5.5 දී අත්තා සිට විඤ්ඤාණ දිසාවට ධාරාව torch එක ඇල්ලුවාක් මෙන් ගලයි. මෙහි දී අත්තා සඤ්ඤාව, චේතනා වී බිඳී නැත. මෙසේ සිටීම නිත්‍ය යැයි සඤ්ඤා අගයන් ඇති වේ.(*2)

3 - 18/01/2016 උපෙක්ඛා අප්‍රමාණ භාවනාවේ දී මෙය විමසා ඇත. අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද? සටහන 3 බලන්න.

MM_18_01_2016.jpg

මේ අවස්ථාව අත්තා සඤ්ඤා චේතනා වී බිඳුණ විට සිදු වෙන ක්‍රියාවලියට අනතුරුව, සිදු වෙන බව වටහා ගත යුතු ය. එනම් line 5 weak අවස්ථාවට වඩා වැඩියෙන් ගලන බව වටහා ගත යුතු ය. මධ්‍යම ප්‍රමාණයට ගලන නිත්‍ය සඤ්ඤා අවස්ථාවට වඩා අඩුයි. මේ දෙක අතර බව වටහා ගන්න. මෙහි දී line 5 දුර්වල වූ අවස්ථාවේ දී සහ පෙර වැඩියෙන් ගලන අවස්ථාවේ දී යන අවස්ථා දෙකේ දී, ඇති වූ අත්තවාද උපාදාන ධර්මයෝ ආධාර උපකාර ඇතිව ම ධර්මයන් ගලයි. මේ අවස්ථාව කොටස් දෙකකට බෙදේ.

3.1 - සඤ්ඤා පරිණත අවස්ථාව, ඕක ඉංග්‍රීසියෙන් කියනවා good digestion කියලා.

3.2 - සඤ්ඤා පරිණත නොවන අවස්ථාව, poor digestion.

3.1 සඤ්ඤා පරිණත වන්නේ 5.5 වීමෙන් පසුව ය. එනම් අත්තා දිට්ඨි සෑදීමට තරම් සඤ්ඤාව ප්‍රබල නම් ය. මෙහි දී විඤ්ඤාණඤ්චායතනයේ ඉපදීම සිදු වේ. අත්තා දිට්ඨිය වේදනාව නිසා ය. වේදනාව හොඳින් දිරවා ඇත.

3.2 සඤ්ඤා පරිණත නොවන්නේ නම්, අත්තා දිට්ඨි සෑදීමට තරම් සඤ්ඤා ප්‍රබල නොවේ. බිඳුණා වූ අත්තා සංකල්පය නිසා පස් වන ධ්‍යාන තලයේ ඉපදේ. Special බොජ්ඣඞ්ග භාවනාවේ දී ඉගෙන ගත් කරුණු සමඟ සිතන්නේ, රූප ලාභ වශයෙන් නොගනී. 6.3 සුඛ ලාභ යැයි නොකියයි. 6.4 සඤ්ඤා අධිමොක්ඛ නොවේ.

හයවන ධ්‍යාන අවස්ථාවේ දී, හඳුනා ගත් වේදනා අගයෝ, නිත්‍ය වශයෙන් පවතිනවා යැයි සිතයි. පදුට්ඨමනසඞ්කප්පය බලපායි.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේ භාවනාව දවසකට එක කොටසක් පමණක් ගෙන කිරීම සුදුසු ය.

සාකච්ඡාව 23/12/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට මෙතෙන්ට තව පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්, රහතන් වහන්සේ කිව්ව දෙයක්, ඒ කියන්නෙ මගඵල ලබලා කවුරු හරි 7, 8 ධ්‍යාන තලවල ඉපදෙන්නේ නම්, බොහෝ දෙනෙක් ඉන් එළියට එන විට පිරිනිවන් පාන්නේ ය, යනුවෙන් බුදුපියා පැවසුවා. කුමක් නිසාද? එම අයගේ ආශ්‍රවයන් මගඵල ලබා බොහෝ කාලයක් සිටීම නිසා ම ගෙවී යන්නේ ය.

(*2) මෙතන තවත් දෙයක් කියන්න පුළුවන් මේ අවස්ථාවේ දී, මේ ශරීරය repair වීම කියන එක ඉබේම සිදු වෙනවා. ඒ වගේ ම ඔය මනෝමය කායේ ඇහැ හිටන් දැක්කා මං බුදුපියාගේ ඇහැත් දැක්කා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මේ භාවනාවට තව ටිකක් එකතු කරනවා නම් ඒ 3.1, 3.2 කොටස් සිහි කරනවිට, ඒ ධ්‍යාන තල අතර මාරු වීම කරන්න පුළුවන්. හයේ සිට පහ දෙස බලා සිටින ආකාරය පවා දුටුවා.

ඔය 2, 6.4 අවස්ථාව තවදුරටත් විමසා බලමු. line 5 > line 7 >= line 6, එතකොට උපෙක්ඛා අප්‍රමාණ 3 භාවනාවේ 10/01/2016 පෙන්නනවා, මෙහි දී මෝහ අගතියෙන් පරාමාසයට යමක් එකතු වන්නේ ද, ඒ කියන්නේ line 6, ඊට වඩා වැඩි අගයක් පරාමාසය තුළින් පිටතට line 7 වලින් ගැලිය යුතු ය යනුවෙන්. මෙසේ වීමට නම් line 5 හරහා එන අගය, භය අගති හරහා දිට්ඨි අනුසය පාර දිගේ වේදනාවට පළමුවෙන් පැමිණිය යුතු ය. මෙය සිදුවන්නේ line 5 සහ line 7 පළමුව එකතු වීමෙන්. ඒකෙ පථය හැටියට පෙන්නන්නෙ පරිදේව, line 8, භය අගති, වේදනා, නාමරූප, පරාමාස වීම. ඕක අපි බලලා තියෙනවා, ඔය පථය 1 නැති වීම, නිබ්බිදා කියලා එහෙම බලලා තියෙනවා.

ඉතින් මෙතන මං මේ diagram එක දෙන්නම් සාකච්ඡාවට,

MM_Discussion_08_12_2023.jpg

එතකොට ඕකෙ පේනවා ඒ diagram එකේ ලියලා තියෙනවා ඔය පරණ භාණ්ඩවල අගය කියලා ඉදංසච්චයේ ඉඳන් line 5 වල එන එක. line 6 වලට කෙනෙකුට ලියාගන්න පුළුවන්, හොඳ ලී ඇත, කියන එක. අර පථයත් එක්ක ඕක විමසන්න පුළුවන්. එනම් කාමරාග අනුසය මගින් සඤ්ඤාවට හොඳ ලී ඇති යැයි පැවසුවත්, වේදනා චේතනා රේඛාව මගින් පෙන්වන, බනියා සෙනෙහසක් මෙන් වූවා යැයි දැන් පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. ඒ කියන්නේ ඒකෙ අගය වැඩියි. නාමරූප ගැන සිතන්න. මෙහි බනියා සෙනෙහසක් මෙන් වූවා යැයි දැන් පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. එනම් එයත් ඕනෙ යැයි පිළිගනියි. පසුව පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. මෙසේ සිතා බනියාගෙන් වෙන්වීමට තීරණය.

ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා, ඇයි අපි yellow light හරහා යන්නෙ කියන එක. තමා රෝගී වී ඇත්තේ 6.4, නීරෝගී යමක් ඇති යැයි සිතා යයි. එය ලාභ වශයෙන් ගෙන ඒ, යනුවෙන් බුදු පියා උදව් කළා. රෝගී බව අඩු, හතර ධ්‍යානයන් සොයයි. මෙහි අත්තවාද උපාදානය, දිට්ඨි උපාදානය සමඟ එකතු වන්නේ, දිට්ඨි අනුසය සෑදේ, මෙහි බඩු විකිණෙනවා යන්න ඇත. ඕක මතක ඇති, අපි ඒ 18/08/2023 අමෘතය 4 වඩු බාස්ගේ කතාවේ සාකච්ඡා කළා. කුමන බඩු ද? Garage sale දමා විකුණන පරණ බඩු ය. පරණ භාණ්ඩවල අගය line 5 හරහා පැමිණීයේ, ඒවා විකුණා ඉවතලා අලුත් භාණ්ඩ ගනිමි. නීරෝගී වෙමි යැයි සුඛයක් අත්පත් කරගැනීම ලෙස සිතන්න.

එහෙම නැත්තම් හිතන්න, තමන් කඩේට ගිහිල්ලා මිල දී ගත්තා වූ අලුත් උපකරණය හෝ ගවුම, ගෙදර ගිහින් පරිහරණය කිරීමට ඇති හදිසිය, කියන එක විමසන්න. අර diagram එකත් එක්ක ඒක බලන්න ඕනේ. මෙය ගැටීම් සහිත යැයි පවසන්නේ, බ්‍රහ්ම ලෝකයේ සිට මනුලොව ඉපදීම විය හැකි ය. මෙයයි ගැටුම, ඉස්සරහට ගිය වාහනය පස්සට ගන්නවා වැනි ය. ධාරාවේ දිසාව වෙනස් වීම සිහි කරන්න. ඒ කියන්නේ භය අගතියේ ඉඳන් චේතනාවට විඤ්ඤාණ පච්චයා නාමරූපං, අර ඉදිරියට යෑම තියෙනවා.

එතකොට 6.4 න් පස්සෙ අපිට පේනවා, චේතනාවේ ඉඳන් පල්ලෙහාට භය අගතියට, පසුපසට යෑම 6.4 න් පසුව ය. ඒ කියන්නේ හොඳ ලී ඇත. කාමරාග අනුසය මගින් දිසාව වෙනස් වෙනවා. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වන 7, 8 ධ්‍යාන තරමට සිත ඇති බව සිතන්න. ඔය 6.4 අවස්ථාව ගැන ඔච්චර පැහැදිලි කළේ ඒකෙ ගොඩක් අමාරුයි ඒකෙ කරුණු ඒ තරම් හිතන්න.

එතකොට 3, මේ අපි මුලින් පෙන්නුවා, ඔය නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණගත වීමෙන් පසුව බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද කියලා. එතකොට ඒ දෙවෙනි සටහනේ අපි ඒක පෙන්නුවා, එතන line 5 සුභ සුඛ, line 6 සුඛ, line 7 අත්තා දිට්ඨි හරහා ධර්මයන් කිසිදු ආකාරයකින් නොගලන්නේ නම්, කුමක් වෙයි ද යන්න, සාකච්ඡා කර ඇත. ඉතින් මේකෙ මේ cases දෙකක් තියෙනවා.

අපි ගත්තොත් ඒක 3a කියලා එකවර ම ගර්භාෂයට ඇදී යන අවස්ථාවක් දැකලා තියෙනවා. පෙර පුරුද්දක් නිසා, පූර්වේ කර්මයක් නිසා, බොහෝ කාලයක්, ඒ කියන්නේ ගබ්භා ගබ්භං ගමිස්සතී කීම නිසා සිදු විය හැකි යැයි කියලා ඒක අපිට වැටහුණා. ඒ කියන්නෙ අර yellow පාටට ගර්භාෂයේ අස්සෙන් යමක් දැකපු ගමන් වගේ අවස්ථාව.

එතකොට 3b, අනාශ්‍රව චිත්ත අවස්ථාව, ඕක 16/01/2016 අනාශ්‍රව චිත්ත භාවනාවේ සාකච්ඡා කරලා තියෙනවා.

එතකොට මේ 3a අවස්ථාවේ යමක් දැකපු විගසින් එය හොඳ විය. සිතීමට තරම් කාලයක් ඇති නොවන අවස්ථාව. මේ ජීවිත ඉන්ද්‍රිය හරහා spark වී, විඤ්ඤාණ ඇති වීම ය.

3b අවස්ථාවේ දී, යමක් දැකපු විගසින් එය හොඳ වුවත්, විඤ්ඤාණ ඇති වුවත්, අධික සතියක් ක්ෂණිකව ඇති වන අවස්ථාව. එතකොට ඒ කාය සංස්කාර, වචී සංස්කාර, නොවන අවස්ථාව අර පහළ සංස්කාරයන් නෑ, මේක knowledge instance එකක් විතරයි. එතකොට අන්න ඒ විදියට ඒකේ cases දෙකක් තියෙනවා කියන එක පේනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_01_12_2023_Wheelbuckling_diagram4.jpg


MM_01_12_2023_axisbroken_diagram.jpg