ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
08/12/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි තුන් වෙනියට සඳහන් කරුණුවලට සිත යොමු වුණා.
18/01/2016 උපෙක්ඛා අප්‍රමාණ භාවනාවේ, අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද? මෙම අවස්ථාව කොටස් දෙකකට බෙදේ.
3.1 සඤ්ඤා පරිණත අවස්ථාව,
3.2 සඤ්ඤා පරිණත නොවන අවස්ථාව.
3.1 සඤ්ඤා පරිණත වන්නේ 5.5 වීමෙන් පසුව ය. එනම් අත්තා දිට්ඨි සෑදීමට තරම් සඤ්ඤාව ප්‍රබල නම් ය. මෙහි දී විඤ්ඤාණඤ්චායතනයේ ඉපදීම සිදු වේ.(*1)
3.2 සඤ්ඤා පරිණත නොවන්නේ නම්, අත්තා දිට්ඨි සෑදීමට තරම් සඤ්ඤාව ප්‍රබල නොවේ නම් බිඳුණා වූ අත්තා සංකල්පය නිසා, පස් වන ධ්‍යාන තලයේ ඉපදේ. Special බොජ්ඣඞ්ග භාවනාවේ දී ඉගෙන ගත් කරුණු සමඟ සිතන්නේ, රූප ලාභ වශයෙන් නොගනී. 6.3 සුඛ ලාභ යැයි නොකියයි. 6.4 සඤ්ඤා අධිමොක්ඛ නොවේ.
හය වන ධ්‍යාන අවස්ථාවේ දී හඳුනා ගත් වේදනා අගයෝ, නිත්‍ය වශයෙන් පවතිනවා යැයි සිතයි. පදුට්ඨමනසඞ්කප්පය බලපායි යනුවෙන් ඉගෙනගෙන ඇත.
පස් වන ධ්‍යාන අවස්ථාව තවදුරටත් විමසා බැලුවා. මෙහි දී වේදනාව, සඤ්ඤා සිට පරාමාස දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වීම සිදු වී ඇත. එනම්, වේදනා අධිමොක්ඛ 5.4 වී ඇත. එනමුදු සඤ්ඤාව, වේදනා සිට චේතනා දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වී නොමැත. සඤ්ඤා අධිමොක්ඛ වීමට පෙර 6.3 දක්වා පමණක් ගිහින් නතර වී ඇත. මෙහි දී කාරණා දෙකක් විමසිය යුතු ය.
1 වේදනාව නිසා බනියා අතහැරීමට තරම් සඤ්ඤා අගය ප්‍රබල නොවන අවස්ථාව. මෙහි දී අතහැර ඇත්තේ කුමක් ද? දැනට පවතින්නා වූ ඕලාරික රූපය වේ. ඕලාරික රූපය නිසා වන වේදනා අතහැර නැත.(*2)
2 ඕලාරික රූපය නිසා ඇති වන වේදනා අතහැරීමට තරම් සඤ්ඤා අගය ප්‍රබල වන අවස්ථාව. මෙහි දී අතහැර ඇත්තේ කුමක් ද? ඕලාරික රූපය නිසා වන වේදනා.(*3)
මෙහි දෙවන අවස්ථාව සඳහා උදාහරණ වශයෙන් රූපයේ ආදීනවය දැන, මගේ යැයි නොකියන්නේ පස් වන ධ්‍යානය ඇති වන්නේ ය. එහි දී කළුවර අහස මෙන් පෙනෙන්නේ, ඔහු එයින් සතුටු වෙයි.
පළවන අවස්ථාව සඳහා උදාහරණ වශයෙන් රූපයේ ආදීනවය දැන, මගේ යැයි නොකියන්නේ පස් වන ධ්‍යානය වන්නේ, රූප එපා යැයි කියයි. එනමුදු පස් වන ධ්‍යාන ස්වභාවයේ දී පෙනෙන දර්ශනය,(*4) රූපයක් ලෙස සිතන්නේ නම් එම රූපය අතහැර නැත. ඒ නිසා වන වේදනාව අතහැර නැත.(*5)
මෙහි දී රූප, ඕලාරික සහ සූක්ෂම යන දෙක ම, බනියා ලෙස ගත යුතු ය. මෙසේ සඤ්ඤා අධිමොක්ඛ නොවීම වටහා ගත යුතු ය.
පස් වන ධ්‍යාන අවස්ථාවේ දී විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන්න, පරාමාසයෙන් උඩු අතට චේතනාව දක්වා ලකුණු කළ යුතු ය. මෙය නිත්‍ය යන්න සකස් වීම ය.
හය වන ධ්‍යාන අවස්ථාවේ දී විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන්න, පරාමාසයේ සිට පහළට භය අගති දක්වා ලකුණු කළ යුතු ය. මෙය නිත්‍ය යන්න සකස් වීමෙන් පසුව ය. කුමක් නිසා ද? පදුට්ඨමනසඞ්කප්පය විඤ්ඤාණ සිට පරාමාසයට පැමිණීම නිසා ය.
මෙම පහ සහ හය ධ්‍යාන දෙකට ම, අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යාම සාධාරණ බව වැටහේ. කුමක් නිසා ද? කුමන ආකාරයකට කතා කළත් වේදනාව ම, කතා කළ බැවිනි. එක් අයකු ඕලාරික වූ රූප එපා කියයි. එනමුදු සූක්ෂම වූ පස් වන ධ්‍යාන ස්වභාවයේ දී පෙනෙන දර්ශනය, රූපයක් ලෙස ගත්තේ ය. හය වන ධ්‍යාන ඵල ලාභියා මෙම දෙක ම එපා කියයි. එනමුදු වේදනා නොඉක්මවයි. වේදනා ගැන සඤ්ඤා මනසිකාරයෝ ඇත. ඔහු 5.5 න් නවතී.
හත අට ධ්‍යාන අවස්ථා ගැන සිතන්නේ, අත්තා සඤ්ඤාව චේතනා වීමෙන් පසුව බිඳී යන්නේ, 4.4 නොවන්නේ වේදනාව, චේතනාව දක්වා නොයයි. චිත්තයට ඇතුල් නොවෙයි. සඤ්ඤා පමණක් චිත්තයට ඇතුල් වෙයි. මේ නිසා අත්තා යන චිත්ත විපල්ලාසය, ජීවිත ඉන්ද්‍රිය දක්වා යෑමක් සිදු නොවේ යන්න ද වැටහේ. තව ද, හත අට ධ්‍යාන අවස්ථාවල දී ත්‍රිශූලය කැරකවීම නොවේ. හත් වන ධ්‍යානයේ දී ත්‍රිශූලයේ සෙලවීම අඩු ම ස්ථානය වන සඤ්ඤාව අල්ලාගෙන සිටින්නේ, හත් වන ධ්‍යානයේ ආනෙඤ්ජ ස්වභාවයේ කම්පා වීම ද අඩු බව වැටහේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 23/12/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතන අපිට පේනවා මේ අත්තා දිට්ඨිය වේදනාව නිසාය, වේදනාව හොඳින් දිරවා ඇත. රූප ඕලාරික වේවා, සුකුම වේවා ඒ නිසා වන වේදනා, හොඳින් දිරවා ඇත කියන එක.
(*2) ඉතින් මේ අවස්ථාව තමයි, ඔය අළු පාටට අපි පස්වන ධ්‍යාන තලය පෙනෙන අවස්ථාව.
(*3) ඉතින් මේ අවස්ථාව තමයි, ඔය කළු පාටට පස්වන ධ්‍යාන තලය පෙනෙන අවස්ථාව.
(*4) සූක්ෂම
(*5) ඉතින් ඒ වගේ ම, අපිට පේනවා ඕලාරික රූපය නිසා වන වේදනාත් අතහැරලා නැහැයි කියලා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකෙ, මේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. ඔය යම් කිසි තනතුරක් ඇති අයෙකුට එම තනතුර නිසා යම්කිසි සැප විහරණයක් වෙනවද, එම තනතුර අතහැරීමට හැකි වුවත්, ඒ කියන්නේ දැනට පවතින්නා වූ ඕලාරික රූපය, ඒක අතහරින්න පුළුවන් වුණත් තමාට ලැබී නැති තනතුරක සැප විහරණය ගැන සිතා, ඒවා තමාට ලැබී නැති ඕලාරික රූපය නිසා වන වේදනා, අතහැර නැතෙයි කියලා. අර අපි මුලින් කතා කරපු අවස්ථාවේ, අපි පෙන්නුවනේ අර දැන් තියෙන මේ ඕලාරික රූපය අතහරින්න පුළුවන් හැබැයි එයා ඒ රූපය ගැන වේදනාව අතහරින්නේ නැතෙයි කියන එක. එතකොට ඒ අවස්ථාව ඔන්න ඔය පැහැදිලි කිරීමෙන් කෙනෙකුට වටහා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා.
එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ. මේ භාවනාව නම් ඉතින් හරියට මහන්සි වෙන්න වුණා. මොකද රහතන් වහන්සේ ඔය තරම් පැහැදිලි කරලා නෙමෙයි ඕක දුන්නේ, ඒ කියන්නේ ඔය වේදනාව නිසා බනියා අතහැරීමට තරම් සඤ්ඤා අගය ප්‍රබල නොවන අවස්ථාව කියන වචනය විතරයි එතන කියලා දුන්නේ. මම තමයි අර පස්සෙ එකතු කළේ මොනවද මේ වෙලාවේ අතහැරලා තියෙන්නෙ, මොනවද අතහැරලා නැත්තේ, කියන එක. එතකොට ඒ වාක්‍ය දෙක විතරක් අරගෙන, ඒ කියන්නේ දෙවෙනි වාක්‍යයට රූපය නිසා ඇතිවන වේදනා අතහැරීමට තරම්, සඤ්ඤා අගය ප්‍රබල වන අවස්ථාව. මේ වාක්‍ය දෙක විතරක් අරගෙන මේක හිතනකොට බොහෝ ම ගාම්භීරයි ඒක. කොච්චර, ඒ කියන්නෙ ධර්මය දෙන්න තියෙන ඒ රහතන් වහන්සේලාගේ හැකියාව කොච්චර ද කියන එකත් ඒකෙ පේනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්