ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
29/07/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි h1 සහ h2 විමසා ඇත.
h1, මට දැන් ඇති දේ. අත්තා යන්න ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අවස්ථාවේ දී, මට දැන් ඇති දේට උදාහරණ වශයෙන්, ආකිඤ්චඤ්ඤායතනය මෙන් විශාල වූ මනස දැනෙන ස්වභාවය ගත හැකි ය. මට දැන් ඇති දේ සෑදී ඇත්තේ නාමරූප සිට සඤ්ඤා මගින් චේතනා trigger වීමට තුඩු දෙන ධර්මතාවයෝ මගිනි. එනම් h1 මගිනි. මෙහි රූප විෂයයෙහි යම් අගයක් තණ්හාව මගින් නිරූපණය කරන ලද ද, එම අගය කෙරෙහි ම, සඤ්ඤා අගය චේතනාව කරා ගමන් කිරීමට තරම් ප්‍රබල විය යුතු ය. උදාහරණ වශයෙන් සාරිය උදාහරණයේ දී, සඤ්ඤා අගය සාරියේ ඇති මල්වලට දෙන අගය වශයෙන් ගන්නේ, තණ්හා අගය මෙය මගින් භවය පැවැත්විය හැකි ය යන්න ලෙස ගත හැකි ය. මෙහි සාරිය එතරම් හොඳ නොවුණත්, බාල එකක් වුවත්, මලට දෙන ලද අගය චේතනාව කරා ගමන් කිරීමට තරම් ප්‍රබල වීම ගත හැකි ය. ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අවස්ථාවේ දී, සඤ්ඤා අගය, රූප වේදනා එපා කියන අදහස සහිත අගය වශයෙන් ද, තණ්හා අගය, විභව තණ්හා වශයෙන් ද, ගත හැකි ය.
h2, මට ඕනි දේ.(*1) ආකිඤ්චඤ්ඤායතනයට තුඩු දෙන අවස්ථාවේ දී, ආකිඤ්චඤ්ඤායතනයේ වාසය ස්ථිර විය යුතු ය, යන්න ලෙස ගත හැකි ය. මට ඕනි දේ සෑදී ඇත්තේ, විචිකිච්ඡා සංස්කාරයේ සිට යම් අවිද්‍යා ආශ්‍රවයක් කාම ආශ්‍රව දක්වා ගෙන යාමට කරන උදව්ව මගිනි. එනම් h2 මගිනි. මෙහි අවිද්‍යාව නිසා යම් අගයක් විචිකිච්ඡාව මගින් නිරූපණය කරන ලද ද, එම අගය කෙරෙහි ම වූ අවිද්‍යා ස්වභාවයෙහි, රෝගී බව නොදන්නාකමෙහි පිහිටා,(*2) අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව කරා ගමන් කිරීමට තරම් ප්‍රබල විය යුතු ය. එනම් අවිද්‍යා ආශ්‍රව තුළ, තණ්හාව නිසා දුක ඇති වන බව නොදන්නාකම තිබිය යුතු ය.(*3)
h1, මට දැන් ඇති දේ නිසා මිච්ඡා දිට්ඨිය ඇති වේ. ධාරාව විඤ්ඤාණය දක්වා ගමන් කරන්නේ නම් සුඛ යැයි වැරදි හැඟීම් ඇති වේ. එවැනි විඤ්ඤාණයක් තුළ සුඛ යන හැඟීම ඇත. එනම් කාම ආශ්‍රව ඇත. මෙයට තුඩු දීම විචිකිච්ඡාව මගින් සිදු විය. මෙසේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වටහා ගත හැකි ය.(*4) අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ නම් තමාට ඕනි දේ, ලැබී ඇත. h1 >= h2 යන්න මෙසේ වටහා ගත යුතු ය, යනුවෙන් ඉගෙන ගත්තා.
01/12/2023 නිබ්බාන භාවනාවේ සටහන 4 අවස්ථාව සමඟ විමසීම කළා. 6.4 අවස්ථාවේ දී, නිත්‍ය යැයි විඤ්ඤාණය දෙසට torch එක ඇල්ලුවාක් මෙන් වන ක්‍රියාවලිය සිහි කරන්නේ, h1 වලින් කරන ක්‍රියාවලිය වැටහෙන්නේ, ධාරාව හොඳින් ගලන්නේ, h2 වලින් කරන ක්‍රියාවලිය ද, හොඳින් වැටහේ. එය කුමක් ද? සුළං පහරක් වදින විට සැප යැයි යමෙක් සිතන්නේ යම් සේ ද, එසේ ම දුක අමතක කර, දුක යන්න කෙරෙහි සැක ඇතිව, රෝගී බව නොදන්නාකමෙහි පිහිටා, එනම් අවිද්‍යා ආශ්‍රවයෙහි පිහිටා, සුඛ යැයි සිතා, කාම ආශ්‍රව කරා ගමන් කරයි. මෙහි තණ්හාව නිසා දුක ඇති වන බව නොදන්නාකම, අවිද්‍යා ආශ්‍රවයෙහි අඩංගු ය.
7.2 න් පසුව හිර වී ඇති ඊතලය නිසා, රෝදය බකල් වීම ද විය හැකි ය. Axle එක කැඩීම ද විය හැකි ය, යන්න සිහි කළා. මෙතනට diagram එකක් එනවා අපි ඒක දෙනවා.
7.2 දී කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව කරා ගමන් කිරීම ආරම්භ වේ. ඊතලය වැදීම මෙයයි. කුමක් නිසා ද? යම් ධර්මයක් කෙරෙහි නොදන්නා බවක් ඇති ද එයයි. සුඛ වූයේ කෙසේ ද යන්න නොදනී. 7.6 අවස්ථාව විමසා බලන්න. 7.6 අවස්ථාවේ දී මෙහි යම් අවිද්‍යාවක් වේ ද එයයි. එනම් දිට්ඨි අනුසය, මගින් රූපය සුඛ යැයි ස්ථිර කරන බව අපි දනිමු.
18/08/2023 අමෘතය 4 භාවනාවේ දී, අත්තවාද උපාදානයේ p කොටස, දිට්ඨි උපාදානය සමඟ එක් වන්නේ දිට්ඨි අනුසය සෑදෙන බව ඉගෙනගෙන ඇත. මෙහි දී දිට්ඨි අනුසය මගින්, කාමරාග අනුසය විසින් හඳුන්වා දුන් සඤ්ඤාව සුඛ යැයි ස්ථිර කරයි. මෙය 7.2 දී ම සිදු විය. දැන් කිරීමට ඉතිරිව ඇත්තේ කුමක් ද? එම ස්ථිර කිරීම සඳහා යමක් කළ යුතු ද, ඒ දේ සොයා යෑමයි. උදාහරණ වශයෙන් ආයතනයක වැඩ කරන අයෙකු හොඳ යැයි එහි ප්‍රධාන අය අනුමත කරන්නේ නම් එම ගෝලයා එම ආයතනයේ ම රැඳී සිටී. එය 7.2 දී, කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව දක්වා ගමන් කිරීමෙන් සිදු කරනු ලබයි.(*5) මෙහි වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව යන්න යෙදේ. නිත්‍යභාවය ධාරාව ගැලීම නිසා ය. තණ්හාව සුඛ වේදනාවට ඇලීම නිසා ය. එහි පැවතීමක් නැති බව නොදන්නාකම නිසා, අසම්පජානය ඇත. මෙය h2 වලින් කරන ක්‍රියාවලිය reverse ලෙස වැටහිණ.
සඤ්ඤාව අකමැති වුවත් පටිඝානුසය මගින් එසවීම ඇත. කෝටුව 4 සෑදීම, එනම්, රූප සිට චේතනා දක්වා ගෙන යෑම, 7.4 දී සිදු වේ. රෝදය බකල් වුවත් එම ගමන අවිද්‍යාව සහගතව ම යනු ලබයි. මෙසේ කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වන්නේ ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 06/01/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතන ධාරාව ගැලීමට h1 >= h2.
(*2) උදාහරණ වශයෙන් ආකිඤ්චඤ්ඤායතනයේ රෝගී බව නොදන්නාකමෙහි පිහිටා.
(*3) ඒ කියන්නෙ අසම්පජානකාරීත්වය තිබිය යුතු ය. එතකොට අපිට එතන එනවා, අර අවිද්‍යා ආශ්‍රව තිබිච්ච තැන, තණ්හාව නිසා දුක ඇති වන බව නොදනී කියලා. කාම ආශ්‍රව තියෙන තැන සුඛයි කියලා. එතකොට සැකය තියෙන තැන දුක යන්න සැක ය. දුක බව නොදනී.
(*4) ඒ කියන්නේ පහළ අවිද්‍යා ආශ්‍රව සිට විඤ්ඤාණ ආහාර පාරේ උඩ විඤ්ඤාණය දක්වා.
(*5) ඒ කියන්නේ ප්‍රධාන අය අනුමත කිරීම නිසා ධාරාව ගැලීම
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව කාරණා හතරක් විතර එකතු කරන්න පුළුවන්.
1 - මේ භාවනාවේ දී h2 ධර්මයන් මෙනෙහි කරන්නේ අට වන ධ්‍යානය ඇති වෙනවා. එසේ නොවීමට අදිටන් කර යන්නේ අනාශ්‍රව වීම නිසා ඉන් අනතුරුව සිතීම අපහසු වෙනවා. දුක බලන තරමට දුක වැටහෙන්නාක් මෙන් මේ භාවනාව බලන තරමට ධර්මයෝ වැටහෙනවා.
2 - පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි පවසයි. ඒ කියන්නේ කෝටුව 4 සෑදීම. එය කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව දක්වා යෑමට උදව් කරයි.
3 - තව ද “කොධො මොසවජ්‌ජඤ්‌ච කථංකථා ච”යන්න ද මනා කොට වැටහේ. 6.4 සිට 7.4 ද්වේෂය, door bar එක හැදෙන එක අපි සාකච්ඡා කළා. “මොසවජ්‌ජඤ්‌ච” සුඛ, “කථංකථා ච” h2 වලින් වන ක්‍රියාවලිය, ඒක forward and reverse දෙපැත්තට ම බැලීම.
මෙම භාවනාව කරන්නේ, h1 කොටස සිහි කරනවිට ඔළුවේ වම් කනේ සිට ප්‍රඥා දක්වා කොටසින් උඩ පැත්ත, සුඛ ලෙස ද, h2 කොටස සිහි කරනවිට, ඔළුවේ වම් කනේ සිට ප්‍රඥා දක්වා කොටසින් පහළ පැත්ත, සුඛ ලෙස ද මනා කොට දැනේ.
4 - 6.4 යන අවස්ථාවේ දී විඤ්ඤාණ පච්චයා නාමරූපං ලෙස ගන්නා බව අපි දනිමු. එනමුදු දකුණු පැත්තේ රෝදය තවමත් පසු දිසාවට ම යයි. කුමක් නිසාද? සඤ්ඤා අධිමොක්ඛ වන්නේ විඤ්ඤාණ ධාරාව නවතා ගත නොහැක. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන ධාරාවේ බලපෑම අධික නිසා ය. 6.4 න් පසුව විඤ්ඤාණ පච්චයා නාමරූපං යන්න, චේතනා සිට පහළට ලකුණු කළ යුතු ය.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්