Date: 29/12/2023 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

20/10/2023 Door bar භාවනාව නැවතත් කරගෙන ගියා.

s_DrivingForce4.jpg

රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව (anticlockwise) කැරකවීම සිදු වන්නේ, රූප අගයෝ චේතනා දක්වා ගමන් කරයි. මෙය 7.4 අවස්ථාව වන අතර එමගින් මමංකාර සහිත, උඩ රතු පාටින් දක්වා ඇති දොර පොල්ල කොටස සෑදේ, මෙයින් අනතුරුව යම් භවයක් කෙරෙහි තීරණයක් - සංස්කාර අධිමොක්ඛ ඇති ද, එය හටගැනීම සමඟ, ජාතිය සනාථ වේ. එමගින් පහළ, කහ පාටින් දක්වා ඇති දොර පොල්ල කොටස සෑදේ,(*1) යන ධර්ම කොටස සිහි කළා.

මෙහි සංස්කාර අධිමොක්ඛය මව් කුසට යන අවස්ථාවේ දී, කාමයේ වරදවා හැසිරීමට සිතයි. පෙර චේතනා සහ දැනුත් මෙය කරමින් පැවතිය හැකි ය. පෙර ද කළේ ය. එයින් පැවතිණ. සාඨෙය්‍ය යන වංචාව, අපර චේතනා. මෙම දෙක ගැලපීම වන්නේ නම්, තීරණය ගැනීම සිදු වේ.

05/08/2022 නිබ්බාන භාවනාවේ දී සංස්කාර අධිමොක්ඛය තවදුරටත් සාකච්ඡා කර ඇත. එහි චේතනා කෙරෙහි උපෙක්ඛාව විමසන අවස්ථාවේ දී, විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වන බව සාකච්ඡා කර ඇත. මෙය සඤ්ඤාමය කාය ඉවත් වීමට තුඩු දේ. මෙය අරූප භවයන් කරා යෑම සඳහා ය. ඉදංසච්චය පෙන්වන අරූප භවයන් හොඳ යැයි සිතා, සඤ්ඤාමය කාය ඉවත් වීම ය.

මෙහි දී ඉදංසච්චය සහිත ධර්ම කොටස්වල බලපෑම අධික ය. රූප කොටස් සහිත ධර්මයෝ නිහීන ය, බාල ය. පෙර චේතනා සහ අපර චේතනා ගැළපීම නොවන්නේ නම්, තීරණය ගැනීම පසුවට කල් දැමීම සිදු වන බව පෙන්වා දී ඇත. මෙහි තීරණය යනු සංස්කාර අධිමොක්ඛය වේ. පෙර චේතනාව වේදනාව හා සම්බන්ධ ය, එනම් සුදුසු කුලයන් සොයයි. අපර චේතනාව සංස්කාර හා සම්බන්ධ ය. මෙහි ලාභය සොයයි.

තෙවන දොර පොල්ල, රතු සහ කහ පාට, සිහි කරනවිට මට දැන් ඇති දේ, මට ඕනි දේ වශයෙන් h1 සහ h2 යන්න, මව් කුසට යන අවස්ථාව සහ ආකිඤ්චඤ්ඤායතන අවස්ථාව සිහි කරන්නේ, ඔළුවේ වම් පැත්තේ brain එක දෙසට, දකුණු පැත්තේ brain එක මගින් පටිඝානුසය ඇති දොර පොල්ල හරහා ගොස්, ගොජ ගොජ ගා ජලය ගලන්නේ කෙසේ ද, එසේ එකවර ම විශාල වෙනස්කම් දැනිණ. මෙය ඔබ ආශ්‍රව නසන අවස්ථාවේ දී දැනෙන ස්වභාවය යැයි බුදුපියා පින් අනුමෝදන් කරනවිට පැවසුවා. මණ්ඩලයෙන් මණ්ඩලාධිපති බුදුපියා ඇතුළු ඉහළ හත් නම පැමිණ සිටියා.

නිත්‍ය වූ පසු, 7.2 න් පසුව රූප අගයෝ, භය අගති දක්වා ගෙන යෑම සිදු වේ. මෙහි දී වඩු බාස්ට නිත්‍ය යැයි සිතේ. නමුත් සෑදූ පසු, ගුල්ලෝ ගහපු ලී කෑල්ල නිසා, පවතී ද යන්න සැක ය. එයයි බය. මෙය සෑදීමට පෙර විමසීම මගින් බිය වීම ය. මේ නිසා 7.2 න් පසුව රූප අගයෝ, භය අගති දක්වා ගෙන යෑම සිදු වේ, යනුවෙන් පවසයි.

7.4 වීමෙන් පසුව, සක්කාය දිට්ඨිය සඤ්ඤා වේදනා දක්වා පෙළ ගැසීම සිදු වේ, යනුවෙන් දුක්ඛ table සාකච්ඡාවේ දී ඉගෙනගෙන ඇත. 7.4 අවස්ථාවේ දී රූප අගය චේතනා දක්වා ගෙන යෑම සිදු වේ. මෙහි දී මමංකාරය සහිත රතු පාට පොල්ල සෑදීම වන්නේ, මමංකාරය සම්පූර්ණ වීම සිදු වේ. චේතනා ඇති වන්නේ නම් එහි සංස්කාර ගැබ් වේ. ඒවා චිත්ත සංස්කාර වශයෙන් මෙහි දී සැලකිය යුතු අතර, මෙසේ මමංකාර වීම, රූප අගයෝ චේතනාව දක්වා ගමන් කිරීම, වශයෙන් අදහස් වේ.

සරසුල සාකච්ඡා කළ අවස්ථාවේ දී, 7.4 දී අහංකාරය සඤ්ඤාවක් ලෙස පැවතීමත්, එහි සංස්කාරවලට මාන වීම බලපායි යනුවෙන් විමසා ඇත. එහි දී 7.4 පරාමාසය සහ භය අගති අතර ලකුණු කර ඇත. මෙහි නටන මනුෂ්‍යයාට ගැළපෙන සිංදුව හමු වී ඇත. 8.2 දක්වා යෑම විමසන්නේ, පරාමාසයේ සිට භය අගති දක්වා කහ පාටින් දක්වා ඇති දොර පොල්ල කොටස සෑදෙන්නේ, මෙහි දී සත්‍ය වශයෙන් රූප ස්පර්ශය ලැබී ඇත. ප්‍රයෝජනයට ගත හැකි ලෙස ලැබී ඇත. උදාහරණ වශයෙන් ශුක්‍රාණු පිට වී ඇත, යනුවෙන් සිතන්න. මෙහි දී කාය සංස්කාර කරනු ලබයි. මෙහි දී අගය දිය හැකි ය. ලාභ වී ඇත. තමා කරගෙන ඇත.

තව ද 05/08/2022 නිබ්බාන භාවනාවේ සටහන සිහි කරනවිට, එහි පෙර චේතනා සහ අපර චේතනා ලකුණු කරන රේඛා දෙක කැපෙන ස්ථානය, පරාමාසය තුළ ඇත. මෙය සිහි කරන්නේ වේදනාව ලම්බකව එන්නාක් මෙන්, මෝහ සටහනේ දකුණු කනින් දක්වන පරාමාසය ද, කොළයට ලම්බකව පටිඝානුසය රේඛාවට පැමිණෙන්නේ ද යන්න විමසුවා. එය එසේ යැයි බුදුපියා පැවසුවා. මෙය සඤ්ඤාමය කාය ඉවත් වීම සමඟ සිදු වේ. මෙසේ පරාමාස, පටිඝානුසය රේඛාව සමඟ align වන්නේ, central nervous system එක සෑදීම මගින්, උත්පත්තිය සිදු වේ. මෙය මව් කුසට බැස ගන්න cell එක තුළ ඇත.

මෙහි දී ත්‍රිශූලය සටහන, විඤ්ඤාණය පැත්තෙන් බලන විට, වාමාවර්තව කැරකවීම සිදු වේ. ඒ සටහන අපි දෙනවා.(*2)

Birth.jpg

ජීවිත ඉන්ද්‍රිය සෝකය දක්වා පැමිණේ. මෙය ද පටිඝානුසය රේඛාව මත ය. මෙසේ යම් අයකුගේ central nervous system එක සෑදේ. ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්, සංස්කාර අධිමොක්ඛ 7.6 සිට 8.2 දක්වායි. 7.6 රූපය පළමු වරට ප්‍රයෝජනයට ගත හැකි ලෙස ස්පර්ශ කිරීම. 8.2 කාය සංස්කාර.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 06/01/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ කියන්නේ එතන 8.2, තීරණය 7.6, කියන වෙලාවෙදි අපිට පේනවා.

(*2) Birth diagram

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව කාරණා එකතු කරන්න පුළුවන්. 7.4 චිත්ත සංස්කාර සිහි කරන්නේ නළල දකුණු පැත්ත, ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන තැන හොඳින් දැනෙනවා. වම් පැත්තේ කන ද එයට අඩුවෙන් දැනිණ.

8.2 කාය සංස්කාර සිහි කරන්නේ, නළල දකුණු පැත්ත cool විය. “Excellent” යැයි බුදුපියා පැවසුවා. ඒ වෙලාවේ මම සිහි කළා, ඔය පාණාතිපාත - මනෝමය කාය මරාගෙන යෑම, අදත්තාදානය - ශුක්‍රාණුව හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම ආදිය.

මව් කුසට ගිය පසු කරමින් සිටි සංස්කාරයන් අවසන් වූ පසුව වන සැනසීම ය. යම් කාර්යයක් කර අවසන් කිරීමේ දී ඇති වන සැනසීම මෙනි. ජීවිත ඉන්ද්‍රිය සෝකය දක්වා පැමිණේ. එය ද පටිඝානුසය රේඛාව මත ය, යන්න සිහි වීම සමඟ මෙම සැනසීම ඇති විය.

පසු දිනක, දොර‍ පොලු තුන ඉහත කරුණු සහිතව භාවනා කළා. මනුෂ්‍ය ඉපදීම, බ්‍රහ්ම තලවල ඉපදීම, අරූප ධ්‍යාන, හත් වන ධ්‍යාන රූප ස්වභාවය යන තැන්වල ධාතු වශයෙන් ගැනීම. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාමරූපං, කොළ පොල්ල සහ 6.4, 8.2 අවස්ථාවල දී යොදා බැලුවා. ඒ ඒ ධ්‍යාන ස්වභාවය ඒ ඒ තැන්වල දී මනා කොට ඇති විය.

මෙම භාවනාව කිරීම ඉතා අපහසු ය. සිත නතරවන නිසා ය. නිරෝධ වීම ද සිදු වේ. මෙසේ අන් අයටත් වන බව බුදුපියා පැවසුවා.

ඊළඟට දැන් අපි මේ ඊයේ දීපු භාවනාව 05/01/2024 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් 7.2 අවස්ථාවේ දී කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වන්නේ නම්, උඩ ධාරාවට ඉඩ දීම සඳහා පහළ ධාරාව නැවතිය යුතු ය. මේ සඳහා සඤ්ඤා අධිමොක්ඛය නැවතත් සිදු විය යුතු ය. එය 7.2 දී ආරම්භ වී 7.4 දක්වා සිදු වේ, යන්න සිතන්නේ, අපි මමංකාරයට ම අහංකාර විය, යනුවෙන් වැටහිණ. එනම් උඩ ධාරාවට ම අහංකාර විය. ඉතින් මේ භාවනාවේ ඕවා ලියලා නැති වුණාට, අර කරුණු සඳහන් කරලා පෙන්වා දුන්නෙ ඔන්න ඔය අර්ථයන් තේරුම් ගන්න තමයි, අර අහංකාර අගය, සඤ්ඤාවක් ලෙස එහෙම තියෙනවා කියන එක එතන සඳහන් වෙලා තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_kamasava.jpg


patiganiusa/patiganiusa-01.jpg


DukkaChakraya/DukkaChakraya-05.jpg