ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
03/11/2023 අමෘතය 11 භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය. යම් දිට්ඨියක් සෑදෙන්නේ ද, එමගින් විඤ්ඤාණ දක්වා ගමන් කිරීමට තරම් දිට්ඨිය පෝෂිත ද, ස්ථාවර ද, මෙසේ සංස්කාරයන්ගෙන් අධිමොක්ඛ වන්නේ ය. මෙය සමඟ සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ ඇති වන්නේ, එය සමඟ දෝලනය සටහන, දක්ෂිණාවර්ත ව කැරකවීම සිදු වේ. යම් විඤ්ඤාණයක් වේ ද, එමගින් විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව (anticlockwise) කැරකැවීම සිදු වේ. මින් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව කැරකැවේ. වේදනා අගය චේතනා මගින් ග්‍රහණය කිරීම සිදු වේ. මෙහි දී 4.4 අවස්ථාවේ දී සිදු වන ක්‍රියාවලිය හොඳින් විමසා බැලුවා.
සඤ්ඤාව සනාථ කරන්නේ, සෝක සල්ලයෙන් කැරකවීම වන්නේ, 4.4 න් පසුව පවතිනවා යන්න ස්ථිර වන්නේ, පෙර සක්කාය දිට්ඨිය මගිනි. එහි ස්ථාවරභාවයට ධම්මමච්ඡරිය මගින් වූ පැවැතිය හැකි ය, යන්න තුඩු දේ. මෙම අගයන් දෙක පවතිනවා, පැවතිය හැකි ය, සැසඳීමට අනතුරුව විඤ්ඤාණ ධාරාව පවතිනවා යන හැඟීම් ඇත්තේ නම්, විඤ්ඤාණ අධිමොක්ඛ ඇති වේ. මෙය 4.4 සිට 5.4 දක්වා ය. 4.4, 5.4, 6.4. දැන් නැවතත් 50% පාර සංකල්පය, මෙයට එකතු වීම සඳහා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම, 6.4 න් පසුව සිදු වේ. මෙය මෙසේ කැරකවීම හොඳ යැයි, සුඛ යැයි, අනුමත කිරීම සඳහා ය. සුඛ යැයි හැඟීම් ඇති නම්, අනාගත භවය දැඩිව ගැනීම සිදු වේ. එමගින් සීලබ්බත උපාදානය සකස් වේ.
සීලබ්බත උපාදානය, 6.4 න් පසුව පහළ ධාරාව, එනම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව ධාරාව, පෝෂණය කරයි. එම ධාරාවට green light ඇත. එම ධාරාව ගලයි. තීරණයක් සඤ්ඤා මගින් ගත යුතු නැත. 7.1 වන්නේ උඩ ධාරාව, එනම් සඤ්ඤා චේතනා විඤ්ඤාණ මගින් පහළ ධාරාව හොඳින් ගලන්නේ, 7.2 වීම වැළැක්විය නොහැක. කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව සිදු වේ.
කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වන්නේ නම්, උඩ ධාරාවට ඉඩ දීම සඳහා, පහළ ධාරාව නැවතිය යුතු ය. එනම් භය අගති සිට වේදනා දක්වාත් වේදනා සිට චේතනා දක්වාත් යෑම සිදු විය යුතු ය. මේ සඳහා සඤ්ඤා අධිමොක්ඛය නැවතත් සිදු විය යුතු ය. එය 7.2 දී ආරම්භ වී 7.4 දක්වා සිදු වේ. මෙහි දී භය අගතිය මගින් සිදු වන කාර්යය විමසිය යුතු ය.
ධාරාවේ වේගය වැඩි වීම නිසා, කැඩී බිඳී යෑම සිදු විය හැකි ය යන හැඟීම, විඤ්ඤාණ ධාරාව තුළ ම හටගැනීම නිසා, මෙසේ සඤ්ඤා අධිමොක්ඛය සිදු වේ. මෙහි දී විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සිදුවීම, 7.4 දී සිදු වේ. මෙය චේතනා සිට භය අගති දක්වා පහළට ලකුණු කළ යුතු ය. එනමුදු චේතනාව දක්වා, වේදනාව හරහා භය අගතියේ සිට ගිය බව, අමතක නොකළ යුතු ය.
රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකවී, රූපය චේතනා දක්වා පැමිණේ. මෙසේ, මෙම විශිෂ්ට ධර්මයෝ වටහා ගන්නේ, 7.4 දී පවා නොසැල් වී සිටින්නේ නම්, නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය. ඒක තමයි භාවනාව.
මේ භාවනාවට තව ටිකක් එකතු කරනවා නම්,
1. 7.4 හි සඳහන් කරන ලද ධර්ම කරුණු සිහි කරන්නේ, මනස open වී, විවෘත වී ඉතා විශාල වී පවතී.
2. 4.4 සිට 5.4 දක්වා විඤ්ඤාණ අධිමොක්ඛ වන බව පවසන්නේ ඇයි යන්න විමසුවා. Advanced 2 දුක්ඛ table slide 3 සිහි කරන්න. අපි දන්නවා 4.2 වෙනකොට විඤ්ඤාණය මිය යන බව. විඤ්ඤාණය මිය ගියත්, අපි නිත්‍ය වශයෙන් වරදවා වටහා ගන්නවා. මේක මේ සුඛය නිසා ඇති වන්නා වූ නිත්‍යභාවය ලෙස වටහා ගන්න ඕන. දැන් ඉතින් මෙතන 5.3 වෙනකොට, සංස්කාර මිය ගියත් පවතිනවා කියන මතය පවතිනවා.
එතකොට අපි දන්නවා, අර රවුම සහ පියවර සඳහන් කරලා තියෙනවා slide එකක, ජාතියේ ඉඳන් ජරාවට එතන 4.4 ජරාව 5.3, ඒ වගේ ම උඩ පේළියේ ලකුණු කරලා තියෙනවා, විඤ්ඤාණ ඉඳන් චේතනාවට 5.3 කියලා.
4.4 සිට 5.3 පහළ ධාරාව මගින් සිදු වන විට, විඤ්ඤාණ සිට චේතනා දක්වා පැමිණීම සිදු වේ. මෙය නොවන්නේ නම් චේතනා ගිලිහී යාම විය හැකි ය. මෙසේ චේතනා හටගැනීම වන තුරු, විඤ්ඤාණ අධිමොක්ඛ වන බව කිව නොහැකි නිසා 4.4 සිට 5.4 දක්වා විඤ්ඤාණ අධිමොක්ඛ වන බව පවසයි.
3. උඩ ධාරාවට ඉඩ දීම සඳහා, පහළ ධාරාව නැවතිය යුතු ය. එනම් භය අගති සිට වේදනා දක්වාත් වේදනා සිට චේතනා දක්වාත් යෑම සිදු විය යුතු ය. සඤ්ඤා අධිමොක්ඛය නැවත සිදු විය යුතු ය. එය 7.2 දී ආරම්භ වී 7.4 දක්වා සිදු වේ යැයි පැවසූ අවස්ථාවේ දී, කුමක් නිසා භය අගති සිට වේදනා දක්වාත්, වේදනා සිට චේතනා දක්වාත්, යෑම සිදු විය යුතු ය යන්න, පවසන්නේ ද?
Advanced 2 දුක්ඛ table slide 4 සිහි කරන්න. ඒකෙ අපි දන්නවා අර නන්දි අගය, නාමරූප ළඟට ඇවිල්ලා තියෙනවා. නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට යෑම නිසා වන බලපෑම සඤ්ඤාවේ ඉඳන් නාමරූප ළඟට ලකුණු කරලා තියෙනවා, එතකොට දිට්ඨි අනුසයේ උපකාරයෙන් නන්දිය පරාමාසගත වීම නාමරූප ඉඳන් පරාමාසකායගන්ථය දක්වා ඇඳලා තියෙනවා.
මහත්තයා මිය ගිය බැවින් බිය විය. එනමුදු දිට්ඨි අනුසය රේඛාව මගින්, තවමත් රූප සුඛ යැයි පවසයි. මෙසේ වේදනා ඇති වීමත්, එම අගයෝ දිට්ඨි අනුසයේ උපකාරයෙන් නන්දි සහගතව පරාමාසගත වීම විමසීමෙන් වටහා ගත හැකි ය. මෙම ක්‍රියාවලියේ බලපෑම ඇතුව, එම ක්‍රියාවලිය නැවතත් මෙසේ සිදුවීම වටහා ගන්නේ, දුක්ඛය වට කරකවන තාක් වැඩි වන බව ම වැටහේ.
ඒක තමයි භාවනාව.
සාකච්ඡාව 20/01/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව චුට්ටක් එකතු කරන්න පුළුවන්. මේ භාවනාව කරන්නේ, ඵල චිත්තය නැංවී පවතී. එය 7.4 මෙනෙහි කරනවිට මුදිතා චෙතො විමුක්ති වී, අනාශ්‍රව බවට පත් වේ.
තවත් කාරණයක් තමයි, එක එක්කෙනා අහන ප්‍රශ්නවලින් වැටහෙන දෙයක්, මේ එක traffic light එකක් නැවැත්තුවාට එයින් ගිය අය නිසා ඊළඟ traffic light එක ළඟ ප්‍රශ්න ඇත. මෙසේ විඤ්ඤාණ ධාරාව නිසා ධර්මය ගැලීම එකකි, වේදනාව නිසා ධර්මය ගැලීම එකකි, සඤ්ඤා මනසිකාරයෝ නිසා ගැලීම තව එකකි. මේ විදිහට traffic light කිහිපයක් යැයි කියන එක කල්පනා කරන්න.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්