ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
13/10/2023 ආනෙඤ්ජ විහාර භාවනාව නැවතත් කරගෙන ගියා. එහි,
a - රූප සඤ්ඤානං සමතික්කමා
b - පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා
c - නානත්ත සඤ්ඤානං අමනසිකාරා, අනන්තො ආකාසොති, යන්නට අවධානය යොමු වුණා.
මෝහය ඉවත් වන්නේ නම්, කාමරාග අනුසය හරහා, සඤ්ඤාව සුඛ යැයි නොකියයි. වාමාවර්ත ව දෝලනය නොවේ. අපි මේ ධර්මය බලන්නේ, c, b, a යන අනුපිළිවෙළට ය. එනම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව යනුවෙන් පෙන්වන පහළ ධාරාව ගැලීම අනුව ය.
තථාගතයන් වහන්සේ, a, b, c යන අනුපිළිවෙළට පවසන්නේ, ඉහළ ධාරාව ගලන ආකාරයට ය. මෙය බුදුපියාගෙන් විමසුවා. එය එසේ යැයි පැවසුවා.
මෙහි දී දුක්ඛ දොළහ, තථාගතයන් වහන්සේ පවසන අනුපිළිවෙළ සිහි විය. කතමඤ්ච භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, සොක පරිදෙව, දුක්ඛ දොමනස්ස, උපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පංචඋපාදානක්ඛන්ධාපි දුක්ඛා.
1. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං
2. සොක පරිදෙව
3. දුක්ඛ දොමනස්ස
4. උපායාස
5. අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං
පළමුව ජාති ජරා ව්‍යාධි මරණ, මෙහි මෝහය අඩංගු ය. මෝහය, ඒකෙන් නිත්‍යභාවය, ඒකෙන් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි අනුසය. 7.6 අවස්ථාවෙන් පටන් ගන්න. සංස්කාර අධිමොක්ඛ 7.6 සිට 8.2. 7.6 රූපය පළමුවරට ප්‍රයෝජනයට ගත හැකි ලෙස ස්පර්ශ කිරීම. 8.2 කාය සංස්කාර මගින්, ජාති. ස්පර්ශය පටිඝානුසය සහ මෝහය යන්න, 7.6 සිට 8.2 දක්වා වන ක්‍රියාවලිය තුළ ම ඇත.
දෙවනුව සෝක පරිදේව, දෝලනය දක්ෂිණාවර්ත ව (clockwise) කැරකැවීම, මෝහය මගින් සිදු විය. අවිද්‍යා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං. පළවෙනි රවුම, සුභ. මෙහි සෝක වී පරිදේව වූ බව සිතන්න. මෝහය, ඒකෙන් සංස්කාර අධිමොක්ඛ, 7.6 රූපය පළමුවරට ප්‍රයෝජනයට ගත හැකි ලෙස ස්පර්ශ කිරීම, සෝකය හරහා ය. එමගින් පරිදේව වන සංස්කාර.
ඉන් අනතුරුව දුක්ඛ දෝමනස්ස, යන්න ත්‍රිශූලය, වාමාවර්ත ව කැරකැවීම ලෙස සිතන්න. කුමක් නිසා ද? වේදනා අගය චේතනාවට ගෙන ගිය නිසා ය. උදාහරණ වශයෙන් නැවතත් රැකියාවක් කිරීමට සිදුවීම මෙන් ය. එක් රටක ඉපදී වෙන රටකට ජීවත් වීමට යන්නට සිදුවීම මෙන් ය.
ඉන් අනතුරුව උපායාසාපි දුක්ඛා, යන්න සිදු වේ. කුමක් නිසා ද? මෙහි දැඩි ලෙස වෙහෙසට පත් වීම, ඇත. එනම් බිය වී යමක් කරන අයෙකු ගැන විමසන්න. උදාහරණ වශයෙන් රටකට ගියාට රැකියාවක් ලැබේ ද? මෙය 6.4 වීමෙන් පසුව, spark වීමක් සිදු වේ ද, එමගින් රූප ගිද්ධිලෝභ ජාති cone එක, කැරකැවීම ලෙස සිතන්න. 8 රේඛාව හරහා භය අගති දක්වා පැමිණි අගයෝ, විශ්‍රාම නොයැවීම මෙයට හේතු ය. Odd path, even path යොදා ගන්න. දිට්ඨි අනුසය ප්‍රත්‍ය ය. මෙයට භය අගති, වේදනා, ඡන්ද අගති යන පථය, යොදාගෙන බලන්න.(*1)
ඉන් අනතුරුව අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො, මෙය 7.4 සිට 8.2 දක්වා ය. කුමක් නිසා ද? සඤ්ඤාව නැමැති ගෝලයාට කබල් ලී කැබැල්ලක් ගෙන එන්නට සිදු විය. මෙය ප්‍රිය දෙයින් වෙන් වීම ය. සාදන්න යන්නේ කබල් මේසයක් නිසා, අප්පියෙහි සම්පයොග වී ඇත. මෙහි දිට්ඨිය පෙරටු කොට යමක් සිදු කරන නිසා, එහි චේතනාව ගැබ් වෙන බැවින්, අප්පියෙහි සම්පයොගය මුලින් සඳහන් වේ. එනම් වඩුබාස්ගේ සංස්කාරය මේසය ගැන අදහස, මුලින් ඇති වේ.(*2) ඉන් අනතුරුව, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
මෙතන ව්‍යාධියයි ශෝකයයි නිසා නේ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තියෙන්නේ. එතකොට ව්‍යාධිය කියන එක, මට ලෙඩක් හැදිලා ඉන්න පුද්ගලයා, මම කල්පනා කරනවා, අනේ මම ලෙඩ නොවෙනවා නම් කියලා.
එතකොට දැන් මෙන්න මේ ගුණය, ව්‍යාධි ගුණය, තමයි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක ඇතුළේ තියෙන්නේ. එනම් දෝලනය මුලින් කැරකැවෙන්නේ පරිදේවය මගිනි. ත්‍රිශූලය කැරකැවෙන්නේ එහි ශෝකය ඇත. රූප වේදනා චේතනා cone එක කැරකැවෙන්නේ, එහි අප්පියෙහි සම්පයොග දුක්ඛ, පියෙහි විප්පයොග දුක්ඛ, ඇත. රූප ගිද්ධිලෝභ ජාති cone එක කැරකැවීම වන්නේ, උපායාස ඇත. මෙසේ දුක් සියල්ල, මෙහි අඩංගු වේ. ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ භාවනාව කරන්නේ, සියලු විමුක්තීන් ඇති වන අතර, එම විමුක්තීන් ඒකාබද්ධව එකට පිහිටයි. ඔළුව globe එකක් මෙන් ප්‍රභාස්වරව දැනේ. මෙම භාවනාව, ආනෙඤ්ජ විහාර භාවනාවේ c, b, a යන අනුපිළිවෙළට ධර්මතාවයෝ සිහි කර, ඉන් අනතුරුව කළ යුතු ය. එමගින් ඉහත ප්‍රභාස්වර ස්වභාවය මනසේ ඇති වේ.
ඒක තමයි භාවනාව.
සාකච්ඡාව 20/01/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට පොඩ්ඩක් එකතු කරනවා නම්, මේක ගැන හිතන එකට, එක රටක ඉපදී වෙන රටකට ජීවත්වීමට යන්නට සිදුවීම වූයේ නම්, පළමුව සංස්කාර මගින් තෝරාගත් මව්කුස ආදිය, භූමිය නොගැළපිණ.
දෙවනුව වේදනා අගය චේතනාවට ගෙනයාමට සිදු වූයේ නම්, නැවතත් රැකියාවක් කිරීමට සිදු වූයේ නම්, මුල් සංස්කාරය මගින් පැවතීම මනා කොට සිදු නොවීය, යන්න විද්‍යාමාන ය.
තුන්වෙනුව එවැනි සංස්කාර විෂයෙහි වූ ඡන්දය ප්‍රමාණවත් නොවිණි බැවින්, උපායාස සහගත විය. මෙහි ඡන්ද අගති, වේදනා, චේතනා යන පථය ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්.
(*2) ඉතින් මෙතන සිතීම නම් බොහොම විශිෂ්ටයි. ඒ කියන්නෙ කෙනෙකුට හිතන්න පුළුවන් අකනිට්ඨාවේ හෝ ඉපදීම විමසන්න. උතුම් නිර්වාණයෙන් වෙන් වී කබල් ලී කැබැල්ලක් ගැනීම මෙන් සිතන්න. එය ප්‍රිය දෙයින් වෙන් වීම ය.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්