Date: 19/01/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

13/10/2023 ආනෙඤ්ජ විහාර අවසාන කොටසෙහි නිර්වාණයට යන පුද්ගලයාට ඇස කන නාසය දිව ශරීරය යන ආයතන පහ නිසා, ස්පර්ශයක් ඇති වෙනවා නම්, අභිජ්ඣාව මෙයයි, අවැඩ මෙයයි, බාධාව මෙයයි, යන්න විමසීම කර ඇත.

මෙහි දී 08/12/2023 නිබ්බාන භාවනාවේ පළවන අවස්ථාව, එනම් අත්ත සඤ්ඤාව චේතනා වීමෙන් පසුව, බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද යන්න, විමසූ අවස්ථාව යොදා ගත යුතු බව බුදුපියා පැවසුවා.

එතකොට මෙතන, line 6 >= line 7 සහ line 5, දුර්වල ය. මෙහි දී අත්තා යැයි නොගනී නම්, අත්ත සඤ්ඤාව අනිත්‍ය නම්, ආකිඤ්චඤ්ඤායතන නෙවසඤ්ඤානාසඤ්ඤායතන විය හැකි ය. නිර්වාණය සොයන අයෙකු ගැන සිතන්න. සඤ්ඤාව අනත්තා යැයි පවසයි. එනමුදු ඇසේ ස්පර්ශයක්, යම් ලෝකයක් කෙරෙහි ඇති වන්නේ, ධාරාව line 6 හරහා ගැලීම සිදු වන්නේ, line 6 සහ line 5 එකතුව සමඟ, විඤ්ඤාණය ජරා වන්නේ ය. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන්න, දැඩි වන්නේ ය. තීරණය වෙනස් වේ. විඤ්ඤාණ අධිමොක්ඛ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව ගැලීමේ සිට, සඤ්ඤා අධිමොක්ඛ දක්වා වෙනස් වීම වේ. උදලු තල දෙක එක් වීමට තරම් ප්‍රමාණවත් වන්නේ, නිර්වාණය නොවේ. ස්පර්ශය පටිඝානුසය සහ මෝහය උදලු තල දෙක එක් වීම.

මෙම භාවනාව ම නැවතත් වෙන දිනයක කරන්නේ, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය. 15/04/2022 නිබ්බාන භාවනාවේ දී, යම් දිට්ඨියක් සෑදෙන්නේ ද, එමගින් විඤ්ඤාණ දක්වා ගමන් කිරීමට තරම් දිට්ඨිය පෝෂිත ද, ස්ථාවර ද, මෙසේ සංස්කාරයන්ගෙන් අධිමොක්ඛ වන්නේ ය, යන්න සිහි කරන්නේ, මෙහි දී අනාශ්‍රව වේ. ඉන් අනතුරුව line 6 >= line 7 සහ line 5, දුර්වල ය, යන අවස්ථාව සිහි කරන්නේ, ඉතා ම සුඛ විය. මෙහි සුඛ සංකල්පය strong ය.

මෙහි දී මෝහය හරහා එන අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා යන්න තුළ, සුඛ සංකල්පය ගැබ් ගෙන ඇති බව වැටහිණ. පෙර අඹ ගෙඩියක් කෑම නිසා ඇති වූ සුඛය සහිතව අවිද්‍යා ආශ්‍රවය, අත්තා හරහා සකස් විය. මෙය අඹ ගෙඩියෙන් තොරව, විභව තණ්හා දක්වා ගොස් එම අවිද්‍යා ආශ්‍රවය ම පෝෂණය විය. මේ නිසා අඹ ගෙඩියෙන් තොරව වුවත්, අපි අවිද්‍යා ආශ්‍රවය සහිතව බලන්නේ සුඛ යන හැඟීම සහිතව ය. මෙසේ ටික වෙලාවක් සුඛ සහිතව සිට මෙය නොගනී නම්, එනම් line 5, line 6, line 7 අගයන් නැතිනම්, නිර්වාණය වේ යන්න සිහි කරන්නේ, ඵල චිත්තය ඉතා ම බලගතු විය.(*1)

මෙහි දී නිර්වාණය වීම සඳහා අවස්ථා තුනක්, දැක්විය හැකි ය.

1. දෙවන වටය වීමට පෙර නැවතිය යුතු ය. එනම් පළවන රවුමේ දී ම, අනාශ්‍රව වීම. මෙය අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය යන්න, විමසීම සමඟ අනාශ්‍රව වීම, ලෙස ගත හැකි ය. ඉන් නික්මෙන විට ම, දුක යන සංකල්පයේ පිහිටීම.

2. දුක යන සංකල්පයේ පිහිටා, සංස්කාර අධිමොක්ඛ නොවීම.

3. ඉහත දෙක ම, එකවර සිදුවීම. එනම් දුක යන සංකල්පය සහ සංස්කාර අධිමොක්ඛ නොවීම, යන ධර්මතාවයෝ එකවර සිදුවීම.

ඒක තමයි භාවනාව.

එතකොට මේ භාවනාවට තව ටිකක් එකතු කරනවා නම්, 15/12/2023 පහ සහ හය ධ්‍යාන භාවනාව, පසු දිනක විමසන්නේ, අනන්තො ආකාසො, යන්න වැටහිණ. කෙසේ ද?

කුඩා ගලක් දෙස බලාගෙන සිටින අයෙකු, එම ගල අතහැර විශාල වූ ගලක් දෙස, එහි විශාලත්වය ගැන බලා සිටින්නේ කෙසේ ද, එසේ එම ගල විශාලව අනන්තව පැතිරෙන්නාක් මෙන් රූපය අතහැර අනන්ත වූ ආකාසය දෙස බලා ඉන්නාක් මෙන් වටහා ගන්න.

එසේ ම විඤ්ඤාණය අනන්ත ය යන්න, මෙසේ වැටහේ. සඤ්ඤාව නිසා චේතනා, සඤ්ඤා චේතනා නිසා විඤ්ඤාණ ඇති වේ. පස් වන ධ්‍යානයේ පෙනෙන රූප සඤ්ඤාව ඉවතලන්නේ, සිත ප්‍රභාස්වර වන්නේ, එය ඉවතලන තාක් කල්, එම ආලෝක සඤ්ඤාව පවතී. එම සඤ්ඤාව පවතින තාක් කල් විඤ්ඤාණය අනන්ත ලෙස පවතී.

මෙහි දී කළු ගල එපා, එනම්, විශාලව පෙනෙන ආකාසය එපා යැයි කියන තාක් කල්, ආලෝකය නිසා සුඛ යන සඤ්ඤාව ඇත. මෙහි දී ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී, දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ, යන්න යෙදේ. “ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති, දිවා සඤ්ඤා ස්‌වාධිට්‌ඨිතා”. 19/03/2021 නිබ්බාන භාවනාවේ දී මෙය සාකච්ඡා කළා. මෙහි දී පටිච්චසමුප්පාදය සිහි විය යුතු ය. එනම් ඇති වන ආලෝකය, සඤ්ඤාව වශයෙන් ගත යුතු ය. හය වන ධ්‍යාන තලයේ යම් ආලෝකයක් වේ ද එයට වඩා ප්‍රභාස්වර වූ ආලෝකයක් පටිච්චසමුප්පාදය අවබෝධය නිසා ඇති වේ. මෙසේ සියලු ආලෝකයෝ පටිච්චසමුප්පන්න වන බැවින් අත්හළ යුතු ය යන්න ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී, ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති, යන්නෙහි ඇතුළත් වේ.(*2)

මෙම අවබෝධය ඇතිව, ඉහත දෙවන කාරණය වටහා ගත යුතු ය.(*3) අනාශ්‍රව වීම නිසා ඇති වන ස්වභාවය ඉහත ආලෝකය මෙන් විමසන්නේ එය පටිච්චසමුප්පන්න බව වැටහීම නිසා සංස්කාර අධිමොක්ඛ නොවීම.(*4) මෙහි පටිච්චසමුප්පන්න වීම යනු ජීවත් වන අයෙකු, එනම් පටිච්චසමුප්පන්න වූ අයෙකු නිසා පටිච්චසමුප්පන්න ඇත යන්න ගත යුතු ය. තථාගතයන් වහන්සේට ද කයක් ඇත, එය පටිච්චසමුප්පන්නව ඇති විය.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 02/03/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් මේක මේ අවස්ථාවේ දී හොඳට repair කරන්නත් පුළුවන්, මොකද? මගේ යැයි කියලා ගන්නේ නැති නිසා.

(*2) එතකොට ඉතින් මෙතන ඒ කියන්නේ මව්කුසට යන අවස්ථාවේ දී අර කහ පාට ලෙස මව්කුස තුළ දැකීම, ආලෝකය නිසා හය වන ධ්‍යාන ආලෝකයත් එපා යනුවෙන් සිතලා සියලු ආලෝකයන් ඉවත් කරන්න ඕනේ.

(*3) ඉතින් මෙතනට කෙනෙකුට අවශ්‍ය නම් ඇඳගන්න පුළුවන් ඔය කිව්ව කාරණා ම සංක්ෂේපයෙන් මේ කෙටි සටහනක ලකුණු කරගන්න පුළුවන්.

අපි මෝහයෙන් පරිදේවයට arrow එකක් ඇඳලා, ඒ arrow එකේ ඉඳන් පල්ලෙහා භය අගතියට තව arrow එකක් අඳින්න පුළුවන්.

එතකොට මෝහයේ ඉඳන් පරිදේවයට අඳින arrow එකේ ලියා ගන්න පුළුවන්, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සංස්කාර අධිමොක්ඛ හටගැනීම. අනාශ්‍රව වීම, ඊට පස්සෙ දුක යන සංකල්පය පිහිටීම කියන එක.

එතකොට පරිදේවයට ආධාරකයක් වශයෙන් තිත් රේඛාවක් ලකුණු කරලා පහළ ඉඳන්, ඒකට ලියන්න පුළුවන්, දිට්ඨියක් සෑදීම සහ එය විඤ්ඤාණය හටගැනීමට ප්‍රමාණවත් වීම කියලා.

පරිදේවයේ ඉඳන් භය අගතියට ලකුණු කරගන්න පුළුවන්, සංස්කාර පච්චයා විඤ්ඤාණං සංස්කාර අධිමොක්ඛ වීම, දුක යන සංකල්පයේ පිහිටා සංස්කාර අධිමොක්ඛ නොවීම.

ඉතින් මෙතන අර සංස්කාර අධිමොක්ඛ හටගැනීම, සංස්කාර අධිමොක්ඛ නොවීම කියන ඒ රේඛා දෙකේ වෙන හැටි පොඩ්ඩක් මනසට ගන්න ඕනේ.

(*4) ඉතින් කෙනෙකුට මෙතන ප්‍රශ්නයක් එන්න පුළුවන්, මේ අනාශ්‍රවය කියන එකත් පටිච්චසමුප්පන්නව ද ඇති වෙන්නේ කියලා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තවත් චුට්ටක් එකතු කරනවා නම්, ඉතින් මේ භාවනාව සිත නතර වන නිසා කිරීමට බොහොම අපහසුයි. ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී, දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ යන්න මෙතරම් ප්‍රබලව වැටහුණේ මෙම භාවනාවෙදි.

ඒ වගේ ම දැන් ටිකකට ඉස්සෙල්ලා අපි සාකච්ඡා කළා, සංස්කාරයන්ගෙන් අධිමොක්ඛ වන්නේ ය යන්න සිහි කරන්නේ මෙහි දී අනාශ්‍රව වේ, ඉන් අනතුරුව ඉහත line 6 >= line 7 සහ line 5 දුර්වල ය යන අවස්ථාව සිහි කරන්නේ, ඉතාම සුඛ විය යනුවෙන්.

ඉතින් මම බුදුපියාගෙන් මේක විමසුවා, මේක කුමක්ද කියන එක. ඒ බුදුපියා පැවසුවා, සිත නතර වූ පසු, ඉන් මිදෙන විට ඇති වන්නා වූ සඤ්ඤා මගේ නොවේ යන්න ලෙස හැඟීම් ඇත්තේ නම් එසේ වන බව පැවසුවා.

ඉතින් මේ භාවනාව ම ආපහු පස්සෙ දිනෙක කරනකොට මේ විදිහට ම සුඛ වුණා. ඒ වගේම මේ බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කරනවිට, ඒ අර aging diagram එකේ අපි එක් එක් තැන්වල බුදුපියවරු තියෙන බව දන්නවා. ඒ අය ඒ ඒ තැන්වල තියලා සිහි කරනවිට ම ඒ විදියට සුඛ වීම කියන එක සිද්ධ වුණා. එතකොට ඒක තමයි ඒ එකතු කරන්න කිව යුතු දේවල් තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_08_12_2023/MM_08_12_2023-01.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg