Date: 26/01/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/12/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි 7.4 අවස්ථාවේ දී රූප අගය චේතනා දක්වා ගෙන යෑම සිදු වේ. මෙහි දී මමංකාරය සහිත රතු පාට පොල්ල සෑදීම වන්නේ, මමංකාරය සම්පූර්ණ වීම සිදු වේ. චේතනා ඇති වන්නේ නම් එහි සංස්කාර ගැබ් වේ. ඒවා චිත්ත සංස්කාර වශයෙන් මෙහි දී සැලකිය යුතු අතර, මෙසේ මමංකාර වීම රූප අගයෝ චේතනා දක්වා ගමන් කිරීම වශයෙන් අදහස් වේ, යනුවෙන් ඉගෙන ගත්තා.

තව ද පරාමාසය, පටිඝානුසය රේඛාව සමඟ align වන්නේ, central nervous system සෑදීම සමඟ උත්පත්තිය සිදු වේ. මෙය මව් කුසට බැස ගන්න cell එක තුළ ඇත. මෙහි දී ත්‍රිශූලය සටහන, විඤ්ඤාණය පැත්තෙන් බලන විට, වාමාවර්ත ව කැරකවීම සිදු වේ, යනුවෙන් සාකච්ඡා කර ඇත.(*1) ත්‍රිශූලය සටහන, සඤ්ඤාව පැත්තෙන් බලන විට, දක්ෂිණාවර්ත ව කැරකවීම සිදු වේ. මෙහි දී, දෝලනය සටහන ද සඤ්ඤාව පැත්තෙන් බලන විට, දක්ෂිණාවර්ත ව කැරකවීම සිදු වේ. එනම් පාණාතිපාත ලකුණු කරන දුස්සීලභාවය ඇති පැත්ත පාත් වේ, පරිදේවය පොළොවට බර පැත්තට යයි. මෙසේ චිත්ත සංස්කාරයෝ, කාය වචී සංස්කාරයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වීම ම උත්පත්තිය යැයි කියනු ලැබේ.

මෙසේ උත්පත්තිය සනාථ වන්නේ නම්, තමාට අවශ්‍ය දේ ලැබී ඇත. h2 වල අගය කුඩා ය. එය අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන රේඛාව මත පිහිටීම හෝ පිහිටීමට ආසන්නව ඇත. මෙසේ උපප්‍රාප්ති භවය සම්පූර්ණ කරගත් සත්වයා හට පිළිසරණ පිණිස කුමක් උපකාර වේ ද? ඒ කර්ම භවය යැයි කිව යුතු ය. තමා විසින් පෙර සම්පාදනය කරගත් කුසල අකුසල කර්මයෝ පිහිට වේ.

මෙහි චේතනාව විමසිය යුතු ය. කුමන චේතනාවෝ ද? කුසල අකුසල ආනෙඤ්ජ චේතනාවෝ ය. මෙහි කුසල චේතනාවන්, ධ්‍යාන තලවල ඉපදීමට තුඩු දේ. අකුසල චේතනාවන්, කාම ලෝක, ප්‍රේත ලෝක, තිරිසන් ලෝක, අපාය වැනි ලෝකවල ඉපදීමට තුඩු දේ. ආනෙඤ්ජාභි වූ කර්මයෝ ම, නිර්වාණයට තුඩු දේ. කුමක් නිසා ද? සෙලවෙන යමකින් නිර්වාණය නොවන බැවිනි.

ආනෙඤ්ජ අවස්ථාව තවදුරටත් විමසා බැලුවා. ආනෙඤ්ජ වන්නේ දෝලනය නැත. ත්‍රිශූලය භ්‍රමණය නැත. එනමුදු අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම, යම් පමණකට තිබිය හැකි ය. මෙය නොවන්නේ නම්, එහි නිර්වාණය ගැබ් වේ.

සතර ඉද්ධිපාදයෝ මගින් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම නවතන බව අපි දනිමු. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. වට 4.4 දක්වා පමණක් යන්නා වූ, හත අට ධ්‍යාන තලවල ඉපදෙන අයෙකුට, චිත්ත සංස්කාරයෝ, කාය වචී සංස්කාරයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වීම යෙදෙන්නේ කෙසේ ද, යන්න විමසුවා. එවැන්නකුට මනෝමය කාය අත්හැරීමේ තීරණය, කාය සංස්කාර වශයෙන් ගත යුතු අතර, එය චිත්ත සංස්කාර කිරීමට පෙර ම, එම අයට ඇති වේ. මෙය සියලු ධ්‍යාන තලවලට සාධාරණ ය. එම අය, රූප අගය චේතනා දක්වා ගෙන ඒම වශයෙන්, කුමක් ගත යුතු ද? 50% පාර මගින් එය සිදුවීම ලෙස ගත යුතු ය.(*2)

2. ආනෙඤ්ජාභි වූ කර්මයෝ, ආනෙඤ්ජ සප්පාය සූත්‍රය ඇසුරෙන් වටහා ගත යුතු ය.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 02/03/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් අපි ඒ birth diagram එක දුන්නා.

(*2) ඉතින් මෙතෙන්ට තව චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක තවදුරටත් පැහැදිලි කරනවා නම්, ඔය මෙහි දී ඕලාරික කය මැරීමට පෙර ඇති වන මනෝමය කාය අත්හැරීම ගත යුතු අතර ඕලාරික කය මැරීමෙන් පසුව ඇති වන මනෝමය කය, ධ්‍යාන ඵල ලාභීන්ගේ ඉතා ප්‍රභාස්වර බව ගත යුතු ය කියන එක එකතු කරන්න පුළුවන් ඒකට.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

තව චුට්ටක් එකතු කරනවා නම්, මේ භාවනාව කරන්නේ ඵල චිත්තය නැංවී පවතිනවා.

1. පළවෙනි කාරණය හැටියට කියන්න පුළුවන්, ජාතිය යන්න අප ජීවත් වී සිටින විට නිතර සිදු වේ. ඒ කියන්නේ continuously occurring. එනම් චිත්ත සංස්කාරයෝ, කාය වචී සංස්කාරයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වීම හුස්ම ගැනීම පිට කිරීම යන්න මගින් ද සිදු වේ. ඒවා කාය සංස්කාර හැටියට ගන්නවා නේ. මෙය ධ්‍යාන තලවලට ද සාධාරණ ය. අත්හැර ඇත්තා වූ කාය සංස්කාරයෝ ම පුන පුනා ඉවතලීම එහි ඇත. එනම් ඕලාරික රූප එපා යන්න එහි ඇත. එහි පරිපූර්ණත්වය යම් විටක නැති ද, එවිට ඕලාරික කාය මතු වේ.

2. දෙවෙනියට කියන්න පුළුවන්, භවය අත් නොහරින්නේ අකුසලයක් බව අපි දනිමු. ඒක ඔයගොල්ලො ඉගෙන ගත්තා ඔය භවේසන ප්‍රහාණයේ. නිර්වාණය සමඟ සැසඳීමේ දී අකනිට්ඨාවේ හෝ ඉපදෙන්නේ එය අකුසලයකි. එනමුදු කුසල චේතනාවන් ධ්‍යාන තලවල ඉපදීමට තුඩු දේ. අකනිට්ඨාවේ ඉපදීම ගැන විමසන්නේ, මෙහි දී කුසල චේතනා සහ අකුසල කර්මයෝ ඇති බව පෙනේ. මෙය ජාතිය, කාය වචී සංස්කාරයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වීම ලෙස සලකන්නේ නම් වැටහේ. කුමක් නිසා ද? ‍ධ්‍යානයන්ට තුඩු දෙන චේතනාවන් එහි ගැබ් විය. එනමුදු ඉපදීම සඳහා කළ යුතු සංස්කාරයෝ කළ බැවිණි. කුමන සංස්කාරයෝ ද? යම් මනෝමය කායක් හටගත්තේ ද, එය පිළිබඳ තණ්හා සංස්කාරය විය. හතර වන ධ්‍යාන තලයේ ඉපදෙන සෑම දෙනාට ම මෙය සාධාරණ ය. අසඤ්ඤ සත්වයෝ, එහි නාම කොටස suppress කර ඇති බව පමණක් ඇත.

3. තුන් වෙනියට කියන්න පුළුවන්, සුභකින්න තලයේ ඉපදෙන අය මෙත්තාව මගින් දුක ඉක්මවා සුඛ යන ධර්මතාවය කෙරෙහි ඇල්ම ඇතිව ඉපදේ.

4. හතර වෙනියට කියන්න පුළුවන්, ආභස්සර ලෝකයේ ඉපදෙන අය ආලෝක ස්වභාවය අල්ලාගෙන ඉපදේ.

5. පස් වෙනියට කියන්න පුළුවන්, ප්‍රථම ධ්‍යාන තලයේ ඉපදෙන අය, එම ලෝකවල විශාලත්වය චලනය ආදී ගුණයන් අල්ලාගෙන ඉපදේ කියලා. එතකොට තමන්ට පේනවා ඉතින් මේක මේ දෙවෙනියට කිව්ව කාරණය දිහා බැලුවහම, අර දැන් ආභස්සරට යන එක්කෙනා නම් එයා ආලෝකය, පිට දෙයක් නේ අල්ලගන්නේ. දැන් අකනිට්ඨාවට වාගේ යන කෙනෙක්ගේ ගත්තහම ඒ තමන්ගෙම මනෝමය කාය. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මනෝමය කාය ඒ තරම් දෙයක් ද කියන එක. මට කියන්න පුළුවන්, මම මේක කලිනුත් කියලා තියෙනවා, ඔය අකනිට්ඨාවට ගිහිල්ලා ඒ භූමියට දවසක් මම වඳිනකොට එතනින් ධර්මය ලැබෙනවයි කියලා, මම නැගිටිනකොට මම දැක්කා මගේ කකුල. එතකොට ඒක බොහෝ ම ලස්සනයි. ඒ කියන්නෙ ඒක විදිහට තිත් තිත් සහිතව විස්තර කරලා කියන්න පුළුවන්. ඒක අවශ්‍ය නෑ. එතකොට මම ඒකට ඇලුණා කියන එක නෙමෙයි. එක එක්කෙනා ඒ තමන් හදා ගත්තා වූ ඒ කය, මනෝමය කාය, දැන් හිතන්නකෝ පිට දෙයක් නම් කෙනෙකුට පේනව ඒක මේ අනුන් හදපු දෙයක් කියලා. මේක තමන් දීර්ඝ සංසාරේ තමන් විසින් කරගත්තා වූ ඒ කය, ඒක ම තමයි අල්ලගන්නෙ. එතකොට ටිකක් අර ලැජ්ජා හිතෙනවා කියන එක තමන්ට තේරෙනවා මේක හරියට වැටහෙනවා නම්. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නෙ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_DrivingForce4.jpg


Birth.jpg


s_oscillation.jpg


S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-08.jpg