Date: 02/02/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

19/01/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසාන කොටසෙහි දෙවෙනියට සඳහන් කළ, දුක යන සංකල්පයේ පිහිටා සංස්කාර අධිමොක්ඛ නොවීම, තවදුරටත් මෙනෙහි කළා.

මෙහි දී මෝහය හරහා එන අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා යන්න තුළ, සුඛ සංකල්පය ගැබ් ගෙන ඇති බව දැන, එය ඉවත් කළ යුතු ය. මේ සඳහා සබ්බ සඞ්‌ඛාරෙසු අනිච්ච සඤ්ඤා යන ධර්මතාවය භාවිතා කළ යුතු ය. මෙය ඕඝ සටහන්වල සාකච්ඡා කර ඇත. සබ්බ සඞ්‌ඛාරෙසු, අට්ටීයති හරායති ජිගුච්ඡති. අට්ටීයති කියන්නේ, පීඩාවට පත්වෙනවා. හරායති කියන්නේ, ලැජ්ජාවට පත්වෙනවා. ජිගුච්ඡති කියන්නේ, පිළිකුල් කරනවා.

අට්ටීයති - මොනවයින් ද අපි පීඩාවට පත් වෙන්නේ? ලෙඩ රෝගවලින් පීඩාවට පත්වෙනවා. කොහොම ද අපි ලෙඩ වෙන්නේ? අපි ඇහින් රූපයක් බලනවා, අභිජ්ඣා වෙනවා, තත්පරයෙන් දාහෙන් එකක් යන්නේ නැහැ ලපයක් වගේ එකක් හොයා ගන්නවා, වට අටක් යනකොට රෝගීයි. චිත්තයයි චෛතසිකයයි දෙක ම අකර්මණ්‍යභාවයට පත්වෙලා, ව්‍යාධිය. මානසිකව හරි අපි පීඩාවට පත්වෙනවා. ඕඝ සටහනේ ඉගෙන ගත් අයුරින් සංයමය තියෙනවා නම්, ඇහෙන් රූප බලන්න යන්නෙ නැහැ. අභිජ්ඣා දෝමනස්ස නැහැ. වට අටත් නැහැ. මෙහි දී මෝහ ගලේ වැදී කුඩු වී පැමිණි බැවින්, එනම් සංස්කාර අධිමොක්ඛයේ පරාසය, 7.6 සිට 8.2 දක්වා වන්නේ, 7.6 දී axle එක කැඩී යන්නේ, ව්‍යාධිය ඇත. මෙය 4.6 වේදනාවේ ව්‍යාධිය සිට ම පැවතිණ. එයට සඤ්ඤාවේ ව්‍යාධියත් එකතු වී, ව්‍යාධිය උග්‍ර වී ඇත. මෙසේ තවදුරටත් කැරකවීම මගින්, රෝගී වන බව දැන, පීඩාවට පත්වීම, අට්ටීයති යන්න යොදා ගන්න. මෙසේ විමසා, සුඛ සංකල්පයක් නොව, ව්‍යාධි සංකල්පයක් බව දැන, line 6 හරහා යම් ධර්මයක් ගලන්නේ ද එය වැළකිය යුතු ය.

ඊළඟට හරායති - ලැජ්ජා වෙනවා. කාමයෙහි වරදවා හැසිරීම වැනි සංස්කාරයන් ගැන ලැජ්ජාවට පත් වෙයි. මෙහි මෝහය ඇති බව දැන, එය ඉවත් කළ යුතු ය. කුමන මෝහයක් ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ තුළ අඩංගු වී ඇති මෝහය වන්නේ ය.

ජිගුච්ඡති - පිළිකුල් කරනවා. 7.4 දක්වා රූප ගෙන ඒම, සිහි කරන්න. එම රූප ගෙන ඒම පිළිකුල් කරයි. තව ද ඒ සඳහා කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීමට සිදුවීම ගැන, කණගාටු වී පිළිකුල් කරයි. මෙසේ සිතා, රූප අරූප යන ධ්‍යානයන් පවා පිළිකුල් කරයි. මෙසේ නිර්වාණය වේ.

ඒක තමයි භාවනාව.

සාකච්ඡාව 09/03/2024

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මේකට තව ටිකක් එකතු කරනවා නම්, ජිගුච්ඡති - පිළිකුල් කරනවා යන්න සිහි කරන්නේ නළල cool වන්නේ ය. ඉන් අනතුරුව පටිඝය නැති බව හොඳින් දැනේ. මෙය තේරුම් ගත්තේ, මෙත්තාව කරුණාව පවත්වන විට දී, වෙනස්කමක් කිරීමක් නැතුව එය පවත්වන බව තේරීම මගිනි. මෙහි cool වීම, අනුසය ධර්මයන් ඉවත් කිරීම සිහි කරනවිට ඇති වන බව, පසු දිනක වැටහිණ. මෙය 2024 මාර්තු 22, 29 යන භාවනාවලින් පසුව නැවත කර බලන්න. මෙයින් 40ක් නිර්වාණයට යන්නේ ය යැයි බුදුපියා පැවසුවා.

නැවතත් කරන්නේ මුළු මුහුණ ම cool ලෙස දැනිණ. මෙහි දී අනාශ්‍රව ස්වභාවයෙන් ඉක්මනින් මිදීම ද, එම ස්වභාවයට නැවත ඉක්මනින් පැමිණීම ද කළ හැකි විය. මෙසේ කිහිප වාරයක් කළ හැකි විය.

මෝහ ගලේ වැදී කුඩු වී පැමිණි බැවින්, එනම් සංස්කාර අධිමොක්ඛය පරාසය 7.6 සිට 8.2 දක්වා වන්නේ, 7.6 දී axle එක කැඩී යන්නේ ව්‍යාධිය ඇත. මෝහ ගලේ වැදී කුඩු වී පැමිණීම යනුවෙන් අදහස් වන්නේ සංස්කාර අධිමොක්ඛයයි. 7.6 දී axle එක කැඩීම, මෝහ ගලේ වැදී කුඩු වීම සහ නැවත සංස්කාර කිරීමට තීරණය කිරීම යනු කුඩු වී නැවත පැමිණීමයි. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.