ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
02/02/2024 නිබ්බාන භාවනාවේ, හරායති - ලැජ්ජා වෙනවා යන ධර්මතාවය, තවදුරටත් විමසා බැලුවා. කාමයෙහි වරදවා හැසිරීම වැනි සංස්කාරයන් ගැන ලැජ්ජාවට පත් වේ. මෙහි මෝහය ඇති බව දැන, එය ඉවත් කළ යුතු ය. කුමන මෝහයක් ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ තුළ අඩංගු වී ඇති මෝහය වන්නේ ය. මෝහය, නිත්‍යභාවය, දිට්ඨි ආශ්‍රව, දිට්ඨි අනුසය, 7.6 අවස්ථාවෙන් පටන්ගෙන, සංස්කාර අධිමොක්ඛ 7.6 සිට 8.2 දක්වා. 7.6 රූපය පළමුවරට ප්‍රයෝජනයට ගත හැකි ලෙස ස්පර්ශ කිරීම. 8.2 කාය සංස්කාර. මෙහි දී “අධිමොක්ඛ පච්චයා භවො” යන්න සිහි විය. භවයෙන් ජාතිය.
මෙම දහම් හොඳින් විමසන්නේ, කාමයෙහි වරදවා හැසිරීම වැනි සංස්කාරයන් ගැන ලැජ්ජාව, එනම් හිරි ඇති බව, යන්නෙහි වටිනාකම හොඳින් වැටහේ. කෙසේ ද? යම් රූපයක් කෙරෙහි පවත්නා ආකර්ෂනීය ස්වභාවය නොඉක්මවන්නේ නම්, පළගැටියකු ආලෝකයට ඇදී ගොස් විනාශයට පත් වන්නාක් මෙන් සිතීම, එක දහමකි. තව ද හිරි ඕතප් දෙක නැති නම්, ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගන්නේ ද, එය බැස ගැනීමක් වන්නේ ද, එහි විඤ්ඤාණ තිට්ඨති යන්න සිදු වේ. ථීනමිද්ධය හටගනී. මෝහ පාරේ ගමන් කරයි. එමගින් අවිද්‍යාව ඇති වේ. අවිද්‍යාවෙන් යුත් අඥානයා හට මිච්ඡා දිට්ඨිය උපදී යනුවෙන්, 16/12/2022 අවිජ්ජා භාවනාවේ ඉගෙන ගත් ආකාරයට සිතීම, තව දහමකි.
හිරි ඕතප් දෙක ඇති නම් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ, එහි බැස ගැනීමක් නොවේ. විඤ්ඤාණ තිට්ඨති යන්න සිදු නොවේ. මෙහි සතර සුඛභාගීය ධර්මයෝ ක්‍රියාත්මක වේ. සතර අප්‍රමාණයෝ ඇති වේ. එමගින් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාරයෝ ඉක්මවයි. මෙහි යම් විද්‍යාවක් වේ ද, එය චතුරාර්ය සත්‍ය දන්නා බවට, සාක්ෂි දරයි. එය කුමක් ද? මෝහ අගති ගමන් නොයන්නාවුන් හට, මෝහය නිසා වන ධර්මතාවයෝ බලනොපාන නිසා ය. “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” යන්න සිහි කරන්න.
මෙසේ ඇති වන සම්මා දිට්ඨිය මගින් සම්මා සංකල්ප උපදී. මෙහි දී අට්ටීයති යන්න විමසා, සුඛ සංකල්පයක් නොව, ව්‍යාධි සංකල්පයක් බව දැන, line 6 හරහා යම් ධර්මයක් ගලන්නේ ද, එය වැළකීම සිදු වූ අයුරින් ම, සම්මා සංකල්පය මගින් ද, line 6 හරහා යම් ධර්මයක් ගලන්නේ ද, එය වැළකීම සිදු වේ.
මෙසේ ප්‍රභාස්වර වූ සම්මා සංකල්පය මගින්, 19/01/2024 නිබ්බාන භාවනාවේ පළවෙනියට සඳහන් කරන ලද, නිවනට යොමු වූ පළවන කරුණ මගින්, නිවන් සුව අත්පත් කරගැනීම කළ හැකි ය. එනම් පළවන රවුමේ දී ම, අනාශ්‍රව වීම, මෙය අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය යන්න, විමසීම සමඟ අනාශ්‍රව වීම, ලෙස ගත හැකි ය. ඉන් නික්මෙන විට ම, දුක යන සංකල්පයේ පිහිටීම යනු, හිරිය නිසා ඇති වූ සම්මා සංකල්පය, සුඛභාගීය ධර්මයන් සමඟ පිහිටීම ලෙස ගත යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 09/03/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකට ටිකක් එකතු කරනවා නම්.
මෙම භාවනාව කරන්නේ ඵල චිත්තය නැංවී පවතින අතර, එහි රූප ලෝක සිට ආකිඤ්චඤ්ඤායතනය දක්වා පරාසයක විහිදී විශාලව විවෘතව පවතී. දහම් කරුණු සිහි කරන්නේ විශාල වූ මනස, ඔළුවේ එක් එක් කොට්ඨාස දැනෙමින් තව තවත් විශාල වේ. මෙය සම්මා සංකල්පය, සුඛභාගීය ධර්මයන් සමඟ පිහිටීම ය.
දෙවෙනියට කියන්න පුළුවන්, හිරි ඔතප් දෙක ඇති නම්, ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ භාවිතචිත්තා ඇති වේ. ඒ කියන්නේ සම්මා සංකල්පය, සංකල්පයෙන් සම්මා සමාධිය. ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ ද, එහි නෙක්ඛම්මය ඇති ද, එයින් විරිය සමාධිය ඇති වේ. විරියෙන් ඡන්ද සමාධිය ඇති වීමත් සිහි කළා. මෙසේ මණ්ඩලාධිපති බුදුපියාගේ පථය සිහි කරන්නේ, ඉන්ද්‍රිය සංවරයත් දොම්නස නැති කරන ඉද්ධිපාද සතරත්, නිපක බව ඇති කරන බොජ්ඣඞ්ගත්, සබ්බනිස්සග්ගයත් සිහි කර, යකඩ පොල්ල බිම තැබීම සිහි කළා. මෙහි දී cool වී තිබුණ නළලට අමතරව ඔළුවේ වම් කොටස කන දක්වා cool වීම සිදු විය.
ඊළඟට තුන් වෙනියට කියන්න පුළුවන්, මේ සම්මා සංකල්පය අරිය විදිහට විමසන්න. අපි දන්නවා “කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යො ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා බ්‍යප්පනා චෙතසො අභිනිරොපනා වචීසඞ්ඛාරො. අයං, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො”.
එතකොට මේකේ හත් වෙනි කාරණය, එනම් වචී සඞ්‌ඛාරා. අපි ඕක සාකච්ඡා කරලත් තියෙනවා 19/06/2020, නිබ්බාන භාවනාවේ. මේ වචී සඞ්‌ඛාරය මගින් අදහස් වන්නේ, ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ, තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ යන අත්දැකීම. මෙය මනා කොට විමසන්නේ අසම්පජානය ඇති තැන, සුඛ නොව දුක බව හොඳින් වටහා ගන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි යන්න, ප්‍රබලව පවතී. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්