ඒ උතුම් බුදුපියවරු, ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
26/01/2024 නිබ්බාන භාවනාවේ සඳහන්, ආනෙඤ්ජාභි වූ කර්මයෝ ම, නිර්වාණයට තුඩු දේ. ආනෙඤ්ජාභි වූ කර්මයෝ යන්න ආනෙඤ්ජ සප්පාය සූත්රය ඇසුරෙන් වටහා ගත යුතු ය යන්නට, සිත යොමු කළා. ආනෙඤ්ජ සප්පාය සටහන් පිටුව 4, භවය ද භෝග ද වෝකාරය ද අහංකාරයට පදට්ඨාන ය. මෙය 7.4 අවස්ථාව ලෙස ගත්තා. මෙය 90° න් කරකවන්නේ, පිටුව 5 හි සටහන සෑදේ.
එතන අපි දන්නවා උඩ අවිද්යාව, ඊළඟට ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පහළින් 1-3 මෝහ, වම් පැත්තෙ පරාමාසකායගන්ථය. එය දකුණු පැත්තේ රෝදය සෑදීම ලෙස ගත හැකි ය. එනම් පරාමාසය hub එක වශයෙන් තිබෙන රෝදය. මෙහි යම් බැස ගැනීමක් වේ ද, එහි නිර්වාණය නැත. එහි බැස ගැනීමක් නැති ද, එහි නිර්වාණය ඇත.
බැස ගැනීමක් නොවීම සඳහා, සුභ යැයි ඇදීම, නොවිය යුතු ම ය. එසේ වන්නේ නම් පරාමාසය සහ ඉදංසච්චය වෙන් වේ. මෙහි දී මෝහ ධර්මයන්ගේ පහ වීම, විශ්රාම යෑම, එනම්, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පැවැත්වීම මගින් ම සිදු කළ යුතු ය.
අවිද්යාව පහ වීමට කුමක් කළ යුතු ද? ලෝභය පහ කළ යුතු ය. එහි යම් තණ්හාවක් වේ ද, එය අත්හැරිය යුතු ය. මේ සඳහා, 26/05/2023 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කළ සටහන යොදා ගන්න. පරිදේවයෙන් පරාමාසය, විඤ්ඤාණ ආහාරය, එතනින් අපි මෝහ අගතියට යනවා. අවිද්යා ආශ්රවයෙන් කාම ආශ්රව රාග සල්ල ජාතිය, අර සංකප්ප පාර 50% පාර පකප්පිතා කියලා අපි ජාතියේ ඉඳන් වේදනාවට ලකුණු කරලා තියෙනවා.
එතකොට යම් පරිදේව වීමක් සිදු වූවා ද, එමගින් අභිජ්ඣා අගය සනාථ කිරීම වන අතර, එමගින් මෝහය සනාථ කිරීමත් ජාතිය දක්වා ගමන් කිරීමත් වන බව සාකච්ඡා කළා. මෙහි යම් අවිද්යා ආශ්රව කාම ආශ්රව වීමක් ඇති ද, එමගින් ජරා වේදනා අසම්පජාන රේඛාව දක්ෂිණාවර්ත ව කැරකැවී, තණ්හා පපඤ්චය සෑදේ. මෙහි මූලය වූයේ අස්මිතියයි. මෙය ප්රඥාවකින් විමසා දැන වැළකිය යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 16/03/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව ටිකක් එකතු කරනවා නම්, 7.4 අවස්ථාවේ සිට 90° න් කරකවන්නේ පිටුව 5 හි සටහන සෑදේ යන්න තවදුරටත් විමසන්නේ, මෙම පෙරළීම 7.6 සිට ආරම්භ වේ යැයි බුදුපියා පැවසුවා. 15/03/2024 අනුසය භාවනාවේ දී area 6 කොළ පාට යනු, 7.4 කාමරාග අනුසය area එක මගින් චේතනා සිට භය අගති දක්වා පහළට 7.4 සිට 7.6 ධාරාව ගැලීමට සැලැස්වීම බව අපි දනිමු. ආනෙඤ්ජ සප්පාය පිටුව 5 හි සටහන සෑදෙන්නේ එහි 8.2 දක්වා යෑම සමඟ ය. එනම් පාණාතිපාතය, නිත්යභාවය දෙන අදත්තාදානයේ අඩුම තරමින් තිබිය යුතු ය. මෙසේ සුභ යැයි ඇදෙයි.
මෙහි දී අදත්තාදානය වන 8.2 අවස්ථාවත් අවිද්යා ආශ්රව වන දහය රවුමේ දී අදත්තාදානය වන අවස්ථාවත් අතර වෙනස බුදුපියාගෙන් විමසුවා. 8.2 බාහිර වස්තුවක් ලෙස සලකන්න යැයි බුදුපියා පැවසුවා. රවුම දහය වන විට ශුක්රාණුව උරුම කරගෙන ඇත. එය තමා කරගෙන ඇත.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්