Date: 23/02/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

09/02/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. හිරි ඔතප් දෙක ඇති නම් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ, එහි බැස ගැනීමක් නොවේ. විඤ්ඤාණ තිට්ඨති යන්න සිදු නොවේ. මෙහි සතර සුඛභාගීය ධර්මයෝ ක්‍රියාත්මක වේ. සතර අප්‍රමාණයෝ ඇති වේ, යන්න සිහි කළා.

මෙහි දී, 10/03/2019 අවිජ්ජා භාවනාවේ සඳහන් කරුණුවලට සිත යොමු විය. මෝහය ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ නම්, භූත වීම පෙනෙන්නේ, ජාතියට බිය විය යුතුයි. ජාතිය දුකේ ඇතුළත් වේ. දුක්ඛය විශාලතම බියයි.

ඊළඟට ලෝභය ඇත්තේ, area 1 වලින් area 6 ඇති වන්නේ, මරණය එහි ගැබ් ගෙන ඇත්තේ, මරණයට බිය විය යුතුයි. මරණය දුකේ ඇතුළත් වේ. දුක්ඛය විශාලතම බියයි.

ද්වේෂය ඇත්තේ, සෝකයට බිය විය යුතුයි. කුමක් නිසා ද? යම් සෝක ධර්මයක් වේ ද, එය තුළ බිය ගෙන දෙන්නා වූ දේ අඩංගු නිසා ය. පරිදේව වී සෝකයට පැමිණියේ, නැවතත් රූප සොයා ගොස් පරිදේවයට ම යා යුතු ද? සෝකය දුකේ ඇතුළත් වේ. දුක්ඛය විශාලතම බියයි.(*1)

“තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං”. තණ්හාව නිසා බිය ඇති වේ. වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දී තණ්හාව වේ. තව ද සඤ්ඤූපග වූ විඤ්ඤාණය සිටී. මේ නිසා, බය ඇති වෙන බව අපි දනිමු. එසේ නම්, සඤ්ඤාව අල්ලාගෙන සිටීමෙන් බිය ඇති වේ. සියලු සඤ්ඤාවෝ සුඛ නොව දුක ම වන්නේ ය. දුක්ඛය විශාලතම බයයි.

මෙසේ බිය වන්නේ නම් දස අකුසලයට ම බිය වේ. මෙසේ සිතන්නේ අනාශ්‍රව වීම සිදු විය. මෙම භාවනාව මෙසේ විමසා, පසු දිනක අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය යන්න, විමසීම සමඟ අනාශ්‍රව වීම සිදු වන අතර

දස අකුසලයට ම බිය වීම, සිහියේ තිබෙන තාක් කල් අනාශ්‍රව ස්වභාවයෙන් නොමිදේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 16/03/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) මෙතෙන්ට පොඩ්ඩක් එකතු කරනවා නම් අපිට පේනවා, ලෝභයෙන් මරණය, මෝහයෙන් ජාතිය, මෝහය කියන්නේ නිත්‍යභාවය නේ. එහෙම නම් ඉතින් ඊළඟට පදුට්ඨමනසඞ්කප්පය, පදුට්ඨමනසඞ්කප්පයෙන් යන්නෙ සෝකයට කියන එක.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව කරුණු දෙකක් එකතු කරනවා නම්, කරුණාව පවත්වන විට ද කාගේ හරි නමක් පවසන්නේ ද, එහි වචන අතර gap එක වැඩි ය, එපමණට සිත slow වී ඇත.

දෙවෙනියට කියන්න පුළුවන්, මේ භාවනාව කරන්න පටන් ගන්නා විට ම සති, ප්‍රඥා ඉන්ද්‍රියන් පළමුව ඇති වී නළල දෙපැත්ත සුඛ සහිත වී අනාශ්‍රව වීම ද, ඉන් අනතුරුව නිකට ප්‍රදේශය දක්වා ම සුඛ වී සමාධි ඉන්ද්‍රිය නොසැල්වී ප්‍රඥා සහ සති ඉන්ද්‍රියන් සමඟ ඒකාබද්ධව පවතී. මෙය අලෝභ අමෝහ අදෝස මෙනෙහි කිරීමෙන් ඇති වෙයි. මෙයට “තණ්හාය ජායතී සොකො, තණ්හාය ජාතිය භයං” යන කොටස මෙනෙහි කිරීම එකතු වන්නේ එහි අත්තා යැයි ගැනීම ද නිත්‍ය යැයි ගැනීම ද යන කාරණා දෙක ම බිය ඇති වීමට තුඩු දෙනවා යන්න සිහි කරන්නේ, ඔළුව globe එකක් මෙන් ප්‍රභාස්වර වන්නේ ය.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-02.jpg