Date: 01/03/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

16/02/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් දකුණු පැත්තේ රෝදය, එනම් පරාමාසය hub එක වශයෙන් තිබෙන රෝදය සිහි කළා. මෙහි යම් බැස ගැනීමක් වේ ද, එහි නිර්වාණය නැත. මෙහි බැස ගැනීමක් නැති ද, එහි නිර්වාණය ඇත. බැස ගැනීමක් නොවීම සඳහා, සුභ යැයි ඇදීම, නොවිය යුතු ම ය. එසේ වන්නේ නම් පරාමාසය සහ ඉදංසච්චය වෙන් වේ. මෙහි දී මෝහ ධර්මයන්ගේ පහ වීම, විශ්‍රාම යෑම එනම්, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පැවැත්වීම මගින් ම සිදු කළ යුතු ය, යනුවෙන් ඉගෙන ගත්තා.

අවිද්‍යාව පහ වීමට කුමක් කළ යුතු ද? ලෝභය පහ කළ යුතු ය. එහි යම් තණ්හාවක් වේ ද, එය අත්හැරිය යුතු ය. මේ සඳහා යොදා ගත් 26/05/2023 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කළ සටහන විමසා බැලුවා. පරිදේවයෙන් පරාමාසය, විඤ්ඤාණ ආහාරය, එතකොට එතනින් අපි මෝහ අගතියට යනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව, රාග සල්ල, ජාතිය, අර සංකප්ප පාර, 50% පාර පකප්පිතා කියලා අපි ජාතියේ ඉඳන් වේදනාවට ලකුණු කරලා තියෙනවා.

මෙහි යම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් ඇති ද, එමගින් ජරා, වේදනා අසම්පජාන රේඛාව දක්ෂිණාවර්ත ව කැරකැවී, තණ්හා පපඤ්චය සෑදේ. 50% පාර පකප්පිතා, ජාතියේ ඉඳන් වේදනාවට ලකුණු කළ පාර විමසන්නේ, එය මගින් වේදනා සිට චේතනා දක්වා යම් දහමක් ගෙන යන්නේ ද, එය වැළකීම අධිචිත්ත ශික්ෂාව මගින් සිදු කරන බව 22/01/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළා. එහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම ගැබ් වී ඇත්තේ, මෝහය ඉවත් කිරීම සඳහා භාවිතා කළ, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මගින් යම් අරූප ධ්‍යාන ස්වභාවයක් ඇති වන්නේ ද, එම දහමුන් මගින් වන බලපෑම, අධිචිත්ත ශික්ෂාව මගින් වැළකීම සිදු වන්නේ ය.

තව ද අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් ඇති ද, එය ඉවත් වන්නේ නම් සෝකය ළඟ දී සසඳා බලා ධාරාව ගැලීමක් සිදු නොවේ. කුමක් නිසා ද? ධාරාව ගැලීම සඳහා යම් driving force එකක් යම් ගැම්මක් ඇති ද, එය අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම මගින් ම සිදු වන නිසා ය.

මෙසේ රූපයට නිත්‍ය යැයි එකතු කරන සඤ්ඤාව ඉවත් වේ. මෙසේ සුභ + නිත්‍ය මගින් සුඛ යන ධර්මතාවයෙහි නිත්‍යභාවය ඉවත් වීම සිදු වේ. මගඵල චිත්තය නංවන්නේ නම්, එය මගින් චේතනා සිට පරාමාස දක්වා වන රේඛාව කැපී යන අතර, එය මගින් ම, සුඛ යන ධර්මතාවය පහව ගොස් දුක යන ධර්මතාවය ඉස්මතු වේ. එහි සුඛ යැයි යම් අභිනිවේසයක් වේ ද, එය ද පහ වේ. මෙසේ විමසන්නේ සුභ + නිත්‍ය මගින්, සුඛ යන ධර්මතාවයෙහි නිත්‍යභාවය ඉවත් වීමත්, සුඛ යන ධර්මතාවය ඉවත් වීමත් වන්නේ නම්, සුභ යැයි පරාමාස සිට ඉදංසච්චය දක්වා ඇදීමක් සිදු නොවේ. මෙසේ සුභය නිසා වූ අස්මිතිය පහ වේ. නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 30/03/2024

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. 50% පාර පකප්පිතා, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය සිහි කරන්න. එය වේදනාවෙන් පටන් ගනී, වේදනා චේතනා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ඉවත් කරන්නේ වේදනා චේතනා පාර කැපී යයි.

2. අරූප ධ්‍යාන සඤ්ඤාව දෙවනුව ඉවතලන්නේ, සඤ්ඤා සිට චේතනා පාර කැපී යයි.

3. රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤාව ඉවතලීම, අධිචිත්ත ශික්ෂාව තුළ ගැබ් වී ඇත්තේ, පාණාතිපාතය වැනි අකුසල ධර්මයන් මගින් නිත්‍යභාවයක් ගෙන දීමක් නොවන බව පෙන්වා දෙයි. මෙය මගින් සංස්කාර නිත්‍ය යැයි පරාමාසගත වීම ඉවත් කරයි. එවැනි සංස්කාර නිසා පරාමාස චේතනා ධර්මයෝ ගිලිහී යයි. මගඵල චිත්තය නංවන්නේ නම්, එය මගින් දිට්ඨි උපාදානය නිරූපණය කරන 2B රේඛා, එනම් චේතනා පරාමාස සහ භය අගති වේදනා කැපී යන්නේ, ඉහත තුන් ධර්මයන් සමඟ එකතු වී කිසිදු දහමක් නිසා චේතනා නොකරයි. මෙසේ චේතනා දක්වා යන සියලු පථයන් කැපී යන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Pakappita.jpg


MM_08_09_2023_s_DrivingForce2.jpg


s_Skilled_sates_of_mind_p4/s_Skilled_sates_of_mind_p4-04.jpg