ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
01/03/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් දකුණු පැත්තේ රෝදය, එනම් පරාමාසය hub එක වශයෙන් තිබෙන රෝදය සිහි කළා. මෙහි යම් බැස ගැනීමක් වේ ද, එහි නිර්වාණය නැත. මෙහි බැස ගැනීමක් නැති ද, එහි නිර්වාණය ඇත. බැස ගැනීමක් නොවීම සඳහා, සුභ යැයි ඇදීම, නොවිය යුතු ම ය. එසේ වන්නේ නම්, පරාමාසය සහ ඉදංසච්චය වෙන් වේ. මෙහි දී මෝහ ධර්මයන්ගේ පහ වීම, විශ්‍රාම යෑම, එනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පැවැත්වීම මගින් ම සිදු කළ යුතු ය, යනුවෙන් ඉගෙන ගත්තා.
තව ද, 22/01/2021 භාවනාවේ දී, මෙහි දී අධිශීල ශික්ෂාව මුදුන් කොට, ආචාර ගෝචරත්වයෙන් යුතුව, පාණාතිපාත වැනි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නේ, වැළකෙන්නේ පරිදේවයේ සිට එන්නා වූ ගැම්ම නැති වී යන අතර, මෙහි සිටීමට උදව් උපකාර කරන්නා වූ අධිචිත්ත ශික්ෂාව, ධ්‍යානයන් භාවිතා කරන්නේ, එමගින් වේදනා චේතනා පාර කැපී යන්නේ ය, යනුවෙන් ඉගෙන ගත්තා.
කෙසේ අධිචිත්ත ශික්ෂාව, පාණාතිපාත වැනි අකුසල ධර්මයන් ප්‍රහාණය කර සිටීමට, උදව් උපකාර කරයි ද? එම ධර්මතාවය අධිචිත්ත ශික්ෂාව තුළ අඩංගු ය. එනම් රූපයට නිත්‍ය එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම එහි ගැබ් වී ඇත්තේ, පාණාතිපාත වැනි අකුසල ධර්මයන් මගින් නිත්‍යභාවයක් ගෙන දීමක් නොවන බව පෙන්වා දෙයි යනුවෙන් බුදුපියා පැවසුවා.
මෙසේ ම අරිය විහාරයෝ මගින්, ඇති වී ඇත්තේ දුක බව පෙන්වා දීම වන නිසා, එය අධිචිත්ත ශික්ෂාව පැවැත්වීමට උදව් උපකාර කරයි. කෙසේ ද? යම් මගඵලයක් වේ ද, එය තුළ දුක යන සංකල්පය ඇති නිසා ය. යම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් ඇති ද, එය ඉවතලන්නේ නම් සෝකය ළඟ දී සසඳා බලා ධාරාව ගැලීමක් සිදු නොවේ. කුමක් නිසා ද? ධාරාව ගැලීම සඳහා, යම් driving force එකක් යම් ගැම්මක් ඇති ද, එය අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම මගින් ම සිදු වන නිසා ය, යන ධර්මතාවයට සිත යොමු කළා.
සෝකය ළඟ දී පවතිනවා යන අදහස, ධ්‍යානයන් නිසා ඇති වන්නේ නම්, එහි ගාම්භීර ස්වභාවය අධික ය. මෙය සමාපත්ති ධර්මයන් නිසා, තවත් වැඩි විය හැකි ය. පවතිනවා යන්න එසේ නොවන බව, අලෝභ පාරේ ගමන් කිරීම මගින් පෙන්වා දෙනු ලබයි. සමාපත්ති ධර්මයන් පවා ඉවත් කරයි. මෙහි දී අලෝභ පාරේ, අට වෙනියට සඳහන් කළ පේළිය යොදා ගත යුතු බව, බුදුපියා පෙන්වා දුන්නා.
අට වෙනියට සඳහන් කළ පේළිය, කාමේසනාව දුරු කරයි, භවේසන ප්‍රහාණය, ප්‍රඥා ස්කන්ධය බව අපි දනිමු. මෙහි යම් ප්‍රඥා ස්කන්ධයක් වේ ද, එමගින් දුක්ඛ චක්‍රය මෙන් විමසා, එහි යම් බැස ගැනීමක් වේ ද, එමගින් සුඛ යන සංකල්පය ඉවතලීම සිදු වන අතර, එසේ දුක බව දැන, භවේසන ප්‍රහාණය සිදුවීමත්, එමගින් ඇති වූ චතුරාර්ය සත්‍යය අවබෝධය මගින්, කාමේසනාව දුරු කරයි.
මෙසේ ධ්‍යානයන් ඉක්මවීම නිසා, සෝකය ළඟ දී පවතිනවා යන අදහස, මුළුමනින් ම ඉවතලන්නේ රූපයට නිත්‍යභාවයක් එකතු නොකරයි. මෙහි දී සුභය නිසා වූ අස්මිතිය, රූප අරූප ලෝක විෂයයන්හි, තුන් කාලයට ම සාධාරණ ලෙස ඉවත් කිරීම සිදු කරනු ලබයි.(*1) මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්, ප්‍රඥා ස්කන්ධය තුළ ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය ඇත. මෙය සඳහා දුක්ඛ චක්‍රය මෙන් විමසීම සිදු කරන්නේ, එහි අනිත්‍යභාවය ගැබ්ව ඇත. තව ද මෙහි දී, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමක් සිදු නොවේ. එමගින් ධ්‍යාන තලයන් සොයා යෑම වළකයි. භවේසන ප්‍රහාණය සඳහා අඩිතාලම එමගින් ම සැකසේ.
භවේසන ප්‍රහාණය විමසන්නේ, එහි දී දුක වශයෙන් දැන භවයකට යන්න හිතන්නේ නෑ. භවයකට යෑම වැළකෙනවා. කාමේසනාව දුරු කරයි යන්න, යම් ධ්‍යාන තලයක ඉපිද, එහි ගත කිරීමට ඇති ආසාව දුරු කරයි.
මෙසේ සතිමත් වන්නේ අනාශ්‍රව චිත්තයෙන් නොමිදී, මෙම භාවනාව පැවැත්විය හැකි ය.(*2) ඒක තමයි එකතු කරන්න තියෙන කොටස.
සාකච්ඡාව 30/03/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ ලැගපු තැන්, ලැග සිටින තැන් සහ ලගින්න යන තැන්.
(*2) ඉතින් මේ එකතු කරපු කෑල්ල බොහෝ ම වැදගත් කෑල්ලක්, මේකෙ වටිනාකම ඔයගොල්ලන්ට තේරේවි, මේ 26 වෙනිදා අප්‍රේල් මාසේ ඒ නිබ්බාන භාවනාව කියලා එකක් අපි දෙනවා ඒකෙදි තේරේවි.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට අපි තව ටිකක් එකතු කරන්න පුළුවන් මේකට.
මෙම භාවනාව කරන්නේ මෝහ ධර්මයන්ගේ පහ වීම, විශ්‍රාම යෑම එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව, සිහි කරනවිට ම අනාශ්‍රව විය. ටික වෙලාවක් එසේ සිට භාවනාව කරන්නේ අධිචිත්ත ශික්ෂාව මෙනෙහි කරනවිට නිරෝධ වීම ද නැවතත් අනාශ්‍රව විය. මෙසේ අනාශ්‍රව චිත්තය නොබිඳී මෙම භාවනාව පැවැත්වීම සෑම ධර්ම කරුණක දී ම සිදු විය.
අධිශීල ශික්ෂාව මුදුන් කොට ආචාරගෝචරත්වයෙන් යුතුව පාණාතිපාත වැනි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නේ, වැළකෙන්නේ පරිදේවයේ සිට එන්නා වූ ගැම්ම නැති වී යන අතර මෙහි සිටීමට උදව් උපකාර කරන්නා වූ අධිචිත්ත ශික්ෂාව, ධ්‍යානයන් භාවිතා කරන්නේ, එමගින් වේදනා චේතනා පාර කැපී යන්නේ ය. මෙම ධර්මතාවය සිහි කරන්නේ විශ්වය පෙනිණ. එනම් විවෘත වූ ඇසින් රූප, වැටක උඩ පොල්ල මෙන් මෙය තමාට සාපේක්ෂව earth එකේ කෙළවර, ඉන් ඔබ්බට 5, 6, 7, 8 ලෝකයන් දක්වා පෙනිණ. මෙහි සිට කාමේසනාව දුරු කරයි. භවේසන ප්‍රහාණය ප්‍රඥා ස්කන්ධය රේඛාව සිහි කරන්නේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමක් සිදු නොවේ. එමගින් ධ්‍යාන තලයන් සොයා යෑම වළකයි. එනමුදු යම් අයෙකු ආභස්සර ලෝකය දැකිය හැකි ය. සොයා ගියා නොවෙයි. එය දුක වශයෙන් දැන අතහරින්නේ නම් කාමේසනාව දුරු කරයි. ඉතින් මෙතෙන්දි අර විශ්වය පෙනීම කියන එක ඔය තණ්හාව ඉවත් වීමත් සමඟ වෙන බව පසුව මට වැටහුණා. හොඳයි ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්