ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
18/08/2023 අමෘතය 4 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. මෙහි උපාදාන වශයෙන් අත්තවාද උපාදානය ගත යුතු ය, යන ධර්මතාවය සිහි කර, ත්‍රිශූලය diagram එක වාමාවර්ත ව දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන්නේ, අත්තවාද උපාදානයේ p කොටස, එනම් සෝක සිට වේදනා දක්වා කොටස, දිට්ඨි උපාදානය හා එක් වන්නේ, දිට්ඨි අනුසය සෑදෙන බව, බුදුපියා පැවසූ දහම් කරුණට සිත යොමු වුණා.
7.4 වන විට රූප වේදනා චේතනා cone එක කැරකැවී, රූප අගය චේතනා දක්වා ගෙන එන්නේ ය. මේ වන විට සීලබ්බත උපාදානය ද ක්‍රියාත්මක ය. එනම් අත්තවාද උපාදානයට, දිට්ඨි උපාදානයත් එයට අමතරව සීලබ්බත උපාදානයත් එකතු වී ඇත. මෙය මගින් කාමරාග අනුසය සෑදෙන බව වැටහිණ. ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක භ්‍රමණය වීම වන්නේ, 7.4 සිට 7.6 දක්වා යන්නේ, මෙහි දී කාම තණ්හාවේ බලපෑම සහිතව, මෙම තුන් උපාදානයන් ස්ථිර වන්නේ, භවරාග අනුසය ඇති වන බව වැටහිණ. මෙහි කාම තණ්හාවේ බලපෑම සහිතව, අත්තවාද උපාදානය දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය ස්ථීර වන අවස්ථාව, තවදුරටත් විමසා බැලුවා.
27/10/2013 කාම තණ්හා භාවනාවේ කරුණුවලට සිත යොමු වුණා. මෙතනට භවරාග අනුසය diagram එක එනවා. අපි ඒක දෙනවා.
Area 1 වල, කබලිංකාර ආහාරයයි ස්පර්ශයයි වේදනාවයි ගිද්ධිලෝභයයි තියෙන belt එක, කරකවනවා. මේ belt එක කැරකුවාට පස්සේ, ඒක මගින් ඇති වෙනවා කාමරාග අනුසය තියෙන area 6. Area 6 වලින් වම් අත පැත්තෙන් නන්දිය සහගතව ඇති වෙනවා, belt එක. වේදනාවයි ගිද්ධිලෝභයයි ජාතියයි ආපහු වේදනාව, area 2. මෙම area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව මගින් සිදු කරනු ලබයි, යනුවෙන් බුදුපියා පැවසුවා. මේ නිසා අත්තවාද උපාදානය දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය ස්ථීර වන්නේ, භවරාග අනුසය ඇති වේ.
මෙහි දී ජාති වේදනා භය අගති cone එක භ්‍රමණය වී, රූප අගයෝ ජාති දක්වා ගෙන යෑම එකතු වන්නේ, අවිද්‍යා අනුසය සම්පූර්ණ වන බව බුදුපියා පැවසුවා.
තව ද රූප ගිද්ධිලෝභ ජාති භ්‍රමණය, 6.4 දී ආරම්භ වන්නේ, මෙය මගින් කුමක් සිදු වන්නේ ද යන්න විමසන්නේ, එමගින් පටිඝානුසය සෑදෙන බව වැටහිණ.
අනුසය ධර්මයන්ගේ හටගැනීම ඇත. එහි පැවැත්ම තව දහමකි. එය ආශ්‍රවවලට අනතුරුව ය. උදාහරණ වශයෙන් දිට්ඨි අනුසය, 5.4 දී හටගන්නා බව වැටහේ. දිට්ඨි ආශ්‍රව අටවන රවුමෙන් පසුව ය. දිට්ඨි අනුසය, අටවන රවුමෙන් පසුව ස්ථිර ලෙස පවතී. අඹ ගෙඩියක් ගෙන ආ පලියට, එහි රස නොදන්නාක් මෙන් සිතන්න. එය කෑමෙන් පසුව වන ආශ්‍රවයන් නිසා, අනුසය දහම් ස්ථිර ලෙස පවතී.
දිට්ඨි අනුසය, 6.6 වශයෙන් පෙර සලකා ඇත්තේ කුමක් නිසා ද? යන්න විමසුවා. දිට්ඨි අනුසය, 5.4 දී හටගත් බව සත්‍යයකි. එනමුදු අනෙක් දහම් එකතු වීමක් නොවන්නේ නම් එහි පැවැත්මක් නැත. කුමක් එකතු විය යුතු ද? ආශ්‍රවයන් එකතු වීම විය යුතු ය. කුමන ආශ්‍රවයෝ ද? එය 4.4 කාම ආශ්‍රව සිට 8.2 දක්වා වන ආශ්‍රවයෝ ය. අඩුම තරමින් රූපය ලාභයි යන ධර්මය එකතු විය යුතුයි. උදාහරණ වශයෙන් 18/08/2023 අමෘතය 4 භාවනාවේ දුන් උදාහරණය ගන්න. එහි පුටු විකිණේ යන්න විය යුතු ය. 6.4 සඤ්ඤා අධිමොක්ඛ වීම, 6.5 අත්තා. මෙම දහමුන් නොවන්නේ නම් 5.4 දී හටගත් දිට්ඨි අනුසය, නොපවතී.
ඉහත භවරාග අනුසය diagram එක සිහියේ තබාගෙන, දිට්ඨි අනුසය සෑදීමේ දී අඩුම තරමින් රූපය ලාභ යැයි ගැනීම තිබිය යුතු ය යන්න, සිහි කරනවිට ම, සිත නතර වේ. මෙහි දී area 4 වලට පැමිණ ඇති බවත්, area 1 මෙනෙහි කිරීමත් යන දෙයාකාර ධර්මයෝ පමණක් ඇත. ඊළඟට සිදු වන්නේ කාමරාග අනුසය, area 6 සහ area 2 සෑදීම මගින් වන කාම තණ්හා බන්ධනය සිහියේ තිබීම, පමණක් ප්‍රමාණවත් ය. මෙම අනාශ්‍රව ස්වභාවයෙන් ගැලවීම අපහසු ය.
එසේ ම අවිද්‍යා අනුසය සියලු අංග සහිතව හටගැනීම, අටවන රවුමේ දී සිදු වේ. අවිද්‍යා ආශ්‍රව දහවන රවුමේ දී ඇති වීම වන්නේ, එයට අනතුරුව අවිද්‍යා අනුසය ස්ථිර වේ. අටවන රවුමේ දී මව් කුසට ගිය නමුත් එහි ස්ථිරභාවය සඳහා තව වට දෙකක්, සුභ නිත්‍ය වීම, අවශ්‍ය බව පෙනෙයි. ගිය විගසින් සුභ නොවෙයි නම් සිටිය නොහැක. සොයන properties නැති නිසා සුභ නොවීම විය හැක. සුභ වුවත් නිත්‍යභාවයක් නැති නම්, තව අයෙකු එම ශුක්‍රාණුව සොරා ගනී නම්, එහි පැවැත්මක් නැත.
26/02/2021 භවරාග අනුසය 2 භාවනාවේ දී, අත්තා යැයි පෙර පරාමාස වූ ධර්මයෝ පරාමාසය තුළ බැසගෙන ඇත්තේ, අත්තවාද උපාදානයේ සිට එම අගයෝ ගලන්නේ, වරදවා වටහා ගැනීම් ඇත්තේ, භව ආශ්‍රවයේ වැඩිදියුණු වීම, නිත්‍ය සංකල්පය සමඟ හටගන්නේ, තෝරා ගැනීමට නොහැකි තරමට අන්ධ වන්නේ, අත්තභාව පටිලාභය සනාථ කරයි යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි නිත්‍ය සංකල්පය හටගැනීම, අටවන රවුමේ දී සිදු වේ. මෙසේ මව් කුස තෝරා ගත් සත්වයා, අවිද්‍යා අනුසය සියලු අංග සහිතව හටගැනීම, අටවන රවුමේ දී සිදුවීම සමඟ, අත්තභාව පටිලාභය සනාථ කරයි. මෙහි ජාතිය එක අංගයකි, රූපය එක අංගයකි, සංස්කාර තව අංගයකි.
ඉතින් ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්, පළවෙනි කාරණයට කියන්න පුළුවන් කුමක් නිසා බුදුපියා, area 6 කොළ පාටින් සහ area 2 රතු පාටින් ලකුණු කරන්න යැයි පැවසුවේ ද යන්න විමසන්නේ, area 6 කොළ පාට යනු, 7.4 කාමරාග අනුසය area එක මගින් චේතනා සිට භය අගති දක්වා පහළට, (7.4 සිට 7.6) ධාරාව ගැලීමට සැලැස්වීම බවත්, area 2 වලට යන විට, (7.6 සිට 7.7) උඩ ධාරාවට red light ඇති බැවින්, area 2 රතු පාටින් ලකුණු කරන්න යැයි පැවසූ බව වැටහිණ.
දෙවෙනි කාරණේ, පටිඝානුසය මගින් සඤ්ඤාව එසවීම තුන් වන රවුමේ දී බව අපි දනිමු. පටිඝානුසය සෑදීම, 6.4 යැයි පවසන්නේ කුමක් නිසා ද යන්න විමසුවා. මෙහි 5.5 අත්තා යන්න අඩංගු ය. රූපය ලාභ යැයි පැවසුවේ එහි දී ය. එහි දී, දිට්ඨි අනුසය මගින් රූපය සුඛ යැයි පැවසීම යම් පමණකට ඇති ද, එය බලපායි. එනමුදු කබල් රූපයක් ම ජාති දක්වා ගෙන ඒමට සිදු විය. මෙයයි පටිඝය. මෙසේ විඤ්ඤාණ අධිමොක්ඛ වීමෙන් පසුව වන පටිඝානුසය, දැඩිව පවතී. උදාහරණ වශයෙන් low GI 48 යැයි නම් ගැසූ රතු සහල්, 5.5 දී අත්තා කරගෙන, එය සෝදන විට සායම් යෑම වන්නේ ය. එය උයා, එනම් කාය සංස්කාරයන් සම්පූර්ණ කර, ජාතිය ඇති කිරීම සිතන්න. මෙසේ පටිඝානුසය දැඩිව පවතී.
මෙසේ area 1 ලාභ සහ area 4 දිට්ඨි අනුසය සිතීම සමඟ අනාශ්‍රව වීම සිදු වේ. බොහෝ වෙලාවක් එසේ සිටිය හැකි ය. යම් පටිඝ සහිත අවස්ථාවක area 1 ලාභ සහ area 4 දිට්ඨි අනුසය සිතීම සමඟ එම පටිඝය නැති වී යන අතර, වම් ඇස සහිත ප්‍රදේශය සුඛ වන්නේ ය.
ඒක තමයි එකතු කරන්න තියෙන කාරණා දෙක.
සාකච්ඡාව 06/04/2024
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්