ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
02/02/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි ජිගුච්ඡති - පිළිකුල් කරනවා යන ධර්ම කොටසට අවධානය යොමු වුණා. 7.4 දක්වා රූප ගෙන ඒම සිහි කරන්න. මෙහි දී කාමරාග අනුසය සෑදෙන බව, අපි 15/03/2024 භාවනාවේ දී ඉගෙන ගතිමු. මෙහි දී area 6 කොළ පාටින් ලකුණු කළ බවත්, 7.4 දී කාමරාග අනුසය area එක මගින් චේතනා සිට භය අගති දක්වා පහළට (7.4 සිට 7.6) ධාරාව ගැලීමට සැලැස්වීම වන බවත් එමගින් භවරාග අනුසය සෑදීම වන බවත් අපි දනිමු.
මෙහි දී භය අගති දක්වා පැමිණ, ධාරාව දකුණු දිශාවට ගමන් කර, ජාතිය දක්වා ගමන් කරයි. Area 2 වලට යන විට, (7.6 සිට 7.7) උඩ ධාරාවට red light ඇත. එනම් මෙහි දී උඩ ධාරාව නවතා ඇත. ආකාසානඤ්චායතන වැනි අරූප ධ්‍යානයන්ට ඇති ඇල්ම සමුද්ඝාතනය නොකිරීම, අවිද්‍යා අනුසය බව අපි දනිමු. මෙය විශාල කළු ගල දෙස බලා ඉන්නාක් මෙන් විමසන්න. එම ගල විශාලව අනන්තව පැතිරෙන්නාක් මෙන් රූපය අතහැර අනන්ත වූ ආකාසය දෙස බලා ඉන්නාක් මෙන් සිහි කර, පස් වන ධ්‍යානයේ පෙනෙන රූප සඤ්ඤාව ඉවතලන්නේ සිත ප්‍රභාස්වර වන්නේ, එය ඉවතලන තාක් කල් එම ආලෝක සඤ්ඤාව පවතී. එම සඤ්ඤාව පවතින තාක් කල් විඤ්ඤාණය අනන්ත ලෙස පවතී, යන්න සිහි කරන්න.
මෙසේ උඩ ධාරාව නවතා, 7.4 සිට වන ක්‍රියාවලිය විමසන්නේ, රූප අගයන් සොයා ගත නොහැකි පමණට සැඟවී ඇති අනුසය ධර්මයෝ ම, කාමරාග අනුසය භවරාග අනුසය අවිද්‍යා අනුසය දක්වා වැඩිදියුණු වීම මෙනෙහි කර, එම වැසුණා වූ දහම් ඉවත් කරන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරයි.(*1)
ඒක තමයි මං කරපු භාවනාව. මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. 7.2 සිට 7.4, පහළ ධාරාව නවතා ඇත. 7.4 සිට 7.6, චේතනා සිට භය අගති green light. 7.6 සිට 7.7, උඩ ධාරාව නවතා ඇත. මෙහි උඩ ධාරාව යන්නට, රූප සිට චේතනා දක්වාත් චේතනා සිට භය අගති දක්වාත් වන ධාරා දෙක ම ඇතුළත් වන බව සැලකිය යුතු ය. කුමක් නිසා ද? චේතනා නිසා වන අලුත් සංස්කාර කිරීමත් නවතා ඇත. ඒ නිසා ය.
2. Area 1 කියන එක ඇති වෙනකොට වට හතරක් ගිහිල්ලා. 4.4 වේදනා අගය peak වී පැමිණීම ඇත. එසේ නම් ගිද්ධිලෝභ චේතනා භය අගති cone එකේ, චේතනා සිට පරාමාස දක්වා යෑමට, එය තුඩු දේ. 7.4 දී කාමරාග අනුසය area එක මගින් පරාමාස සිට භය අගති දක්වා පහළට (7.4 සිට 7.6) ධාරාව ගැලීමට සැලැස්වීම වන බව වැටහේ.
මෙසේ ගිද්ධිලෝභයත් කාමරාග අනුසයත් එකිනෙකාට උදව් උපකාර කර, කාමරාග අනුසය මගින් චේතනා සිට භය අගති දක්වා, පහළට ධාරාව ගැලීමට සැලැස්වීම වන බව වැටහේ.
3. මෙසේ ම අවිද්‍යා අනුසය ඇති වන, භය අගති සිට ජාති දක්වා, 7.6, 7.7, 8.2 යන්නෙහි, 7.6 සිට 7.7 කොටස විමසන්නේ, මෙහි වේදනාවට උඩින් රූප වේදනා චේතනා cone එක, 7.2 සිට 7.4 දක්වා කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීම යන්න විමසා බැලුවා. එහි දී අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා, 4.4 දී ඇති වුණු බලපෑම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසුවා. පහළ ධාරාවේ ඉතිරි කොටස පමණක් යෑමට මේ වන විටත් අඩිතාලම වැටී ඇත්තේ, ඉබ්බා දියට දැමූ විට සතුටු වන්නාක් මෙන් භවරාග අනුසය සහිතව ම, දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ගමන් කිරීම සිදු වේ. ඉතින් මේක අපි diagram එකක් හැටියට ඇඳලා දෙනවා.
4. Area 1 මගින් චේතනා භය අගති cone එකේ, චේතනා සිට පරාමාස දක්වා යෑමට එය තුඩු දේ යන්න, 11/08/2023 අමෘතය 3 භාවනාවේ සඤ්ඤාව, වේදනා සිට චේතනා දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වන්නේ නම්, එය වරදවා වටහා ගනී. එය සීලවෘත උපාදාන වීමට තුඩු දේ යනුවෙන් ලියා ඇත. එය 6.4 නොවේ, 4.4 ය. මෙසේ සලකන්නේ උදැල්ල 1, පළමුව බව වැටහේ. උදැල්ල 2, 5.4 ය. 6.4 සඤ්ඤා අධිමොක්ඛ වීම ය. එය පසුව සිදු වන්නෙකි. එහි (බනියා) අත්හැරීමට තීරණය ඇති බැවින් නිත්‍යභාවය අඩංගු වෙයි. මෙහි දී රූප අගයෝ ජාති දක්වා ගෙන යෑම, ආරම්භ වී ඇති අතර, 6.4, මෙයට 7.4 දී කාමරාග අනුසය area එක මගින් පරාමාස සිට භය අගති දක්වා පහළට (*2) ධාරාව ගැලීමට සැලැස්වීම වන්නේ, එය දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමට තුඩු දේ.
ඒක තමයි එකතු කරන්න තියන කාරණා හතර.
සාකච්ඡාව 06/04/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතන වැසුණා වූ දහම් කියන්නේ රූප.
(*2) ඒ කියන්නේ 7.4, 7.6.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්