Date: 29/03/2024 Name: Vimutti

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/03/2024 අනුසය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව මගින් සිදු කරනු ලබයි. මේ නිසා අත්තවාද උපාදානය දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය ස්ථීර වන්නේ, භවරාග අනුසය ඇති වේ, යනුවෙන් බුදුපියා පැවසූ ධර්මයට සිත යොමු වුණා. මෙතනට එනවා එම භාවනාවේ දී දුන්, භවරාග අනුසය diagram එක.

යම් අනුසය දහමක පහ වීමක් ඇද්ද, එය සඳහා කරුණු තුනක් යෙදේ, යැයි බුදුපියා පැවසුවා.

1. අවිද්‍යාව

2. තණ්හාව

3. ආශ්‍රවයන්

මෙම තුන් ධර්මයන් පහ වන්නේ නම්, අනුසය ධර්මයෝ පහ කළ හැකි ය. එහි තණ්හාව මගින් area 6 සහ area 2 වල යම් බන්ධනයක් ඇති ද, එය ඉවත් විය යුතු ය. මෙය භවරාග අනුසය ඉවත් වීමට තුඩු දේ.

තව ද, area 6 සිට area 2 වලට විඤ්ඤාණ ධාරාව ගැලීම නැවැත්වීම, අවිද්‍යාව නැති වන්නේ නම් වන බව වැටහේ. එසේ වන්නේ නම්, අවිද්‍යා අනුසය ඉවත් කළ හැකි ය.

මෙම විඤ්ඤාණ ධාරාව ගැලීම නැවැත්වීමට ආශ්‍රවයන් නැති වීම පළමුව සිදු විය යුතු ය. සත් බොජ්ඣඞ්ග භාවිතා කරන්නේ නම් ගැලීමට තුඩු දෙන්නා වූ ආශ්‍රවයන් ඉවත් කළ හැකි ය. මේ සඳහා 17/02/2023 ආහාර සුත්ත - උපෙක්ඛා භාවනාව යොදා ගන්න.

ඒක තමයි මං කරපු භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්, පටිඝ අනුසය කෙසේ ඉවත් වන්නේ ද යන්න විමසුවා. 6.4 දී ඇති වන පටිඝානුසය තුළ, 5.5 දී ඇති වුණ, අත්තා යන්න අඩංගු ය. රූපය ලාභ යැයි පැවසුවේ එහි දී ය. මෙම අත්තා යන්න සෑදීම, ඉහත තුන් ධර්මයන්, ඒ කියන්නේ අවිද්‍යාව, තණ්හාව, ආශ්‍රවයන් ඉවත් වීම සමඟ පහ වන බව බුදුපියා පැවසුවා.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 13/04/2024

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට තව ටිකක් එකතු කරනවා නම්, මෙම භාවනාව කරන්නේ හාත්පසින් විමසීම පරිවිමංස යන ධර්මතාවය එනම් නිරෝධය ම කැමති වීම වශයෙන් area 6 සහ area 2 වල යම් බන්ධනය ඉවත් වීම මුල සිට ම කැමති විය යුතු බව මනා කොට වැටහිණ. යමෙක් නිර්වාණයට කැමති වන්නේ ද, එය සඳහා කළ යුතු යම් ක්‍රියාවලියක් වේ ද, එහි මෙම area 6 සහ area 2 වල යම් බන්ධනය ඉවත් වීම මුල සිට ම කැමැති විය යුතු ය යන ධර්මතාවය ගැබ් වේ.

පිටත දහම්හි උපේක්‍ඛාව පළමුව විමසනුයේ, සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ, සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත් හි දරයි යන්න විමසන්නේ, එහි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම්, ධාතු විෂයෙහි සිත සමාදන් නොවේ. එහි ම නිර්වාණය ගැබ් වේ. මෙහි දී area 6 සහ area 2 වල බන්ධනය නොවීමට තරම් උපෙක්ඛාව ප්‍රබල විය යුතු ය. එනම් දකින්නා වූ යම් කහ පාට රූපයක් කෙරෙහි පවත්නා ආකර්ශනීය ස්වභාවය ඉක්මවීමට තරම් උපෙක්ඛාව ප්‍රබල විය යුතු ය.

ඇතුලත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ, අබ්‍යග්ග නිමිත්ත - the sign of non dispersal පෙරටු කොට භාවනාව වඩන්නේ, සංස්කාර විෂයෙහි සිත නොපිහිටන්නේ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් ඒ උපෙක්ඛාව ප්‍රබල වීම සඳහා අවිතක්ක අවිචාර සමාධිය සිහි කළ යුතු ය. මෙහි දී ප්‍රඥා විමුක්තිය, චෙතො විමුක්තිය ඒකාබද්ධ වන බව අපි දනිමු. මෙහි දී පිටත දහම් විමසා යම් කහ පාට රූපයක් කෙරෙහි පවත්නා ආකර්ෂනීය ස්වභාවය ඉක්මවීමට සමථ නිමිත්ත පෙරටු කොට ඇති වන චෙතො විමුක්තිය මගින් සිදු වන අතර ඉන් අනතුරුව ඇති වන ධ්‍යාන ස්වභාවය, ප්‍රඥා විමුක්තිය මගින් ඉවත් කරනු ලබයි. මෙසේ සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකිවන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_bavaraagaanusaya.jpg