Date: 05/04/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/03/2024 විමුක්ති භාවනාව නැවතත් කරගෙන ගියා. එහි area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව මගින් සිදු කරනු ලබයි. මේ නිසා අත්තවාද උපාදානය දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය ස්ථීර වන්නේ, භවරාග අනුසය ඇති වේ, යනුවෙන් බුදුපියා පැවසූ ධර්මයට සිත යොමු වුණා. මෙම ධර්මතාවය කොටස් වශයෙන් වෙන් කර බලන්නේ නම් හොඳින් වැටහේ. එය අපි diagram එකක් ලෙස දෙනවා.

s_MM_05_04_2024.jpg

එතකොට ඒකේ, area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව ලකුණු කරලා තියෙනවා. පල්ලෙහායින් උපාදාන ලකුණු කරලා තියෙනවා. එතන ඒ උපාදාන තුන (*1) ස්ථිර වීම කියන එක ලකුණු කරලා තියෙනවා. මෙය මගින් පරාමාස hub එක කැරකැවේ කියලා ලියලා තියනවා.(*2)

12/08/2015 උපාදාන පච්චයා භවො භාවනාවේ දී, මේ hub එකේ කැරකවීම කියන එක තියෙනවා ද භ්‍රමණයක් තියෙනවා ද ඒක තමයි භවය, යනුවෙන් ඉගෙනගෙන ඇත.

7.4 අවස්ථාවේ දී යොදා ගත්ත ආනෙඤ්ජ සප්පාය සටහන් පිටුව 4, භවය ද භෝගය ද වෝකාරය ද අහංකාරයට පදට්ඨානය යන්න මෙන්, පහළ ධාරාවේ ද භවරාග අනුසය අවිද්‍යා අනුසය කාමරාග අනුසය යන තුන් ධර්මතාවයෝ සෑදෙන බව වැටහේ.

එහි භෝගය මගින් යම් අර්ථයක් සිතේ ඇති වන්නේ ද එවැනි වූ ම, ඊට වඩා ගරු ගාම්භීර අර්ථයක්, අවිද්‍යා අනුසය මගින් ඇති වේ.(*3)

එහි භවය මගින් තම උත්පත්තිය හේතු කොටගෙන යම් අර්ථයක් (*4) සිතේ ඇති වන්නේ ද, එවැනි වූ අර්ථයක් අස්මිතිය දක්වා වැඩිදියුණු වී භවරාග අනුසය මගින් ඇති වන්නේ ය.

එහි වෝකාරය මගින් අරූප ධ්‍යාන නිසා යම් අර්ථයක් (*5) සිතේ ඇති වන්නේ ද, මෙය කාමරාග අනුසය සහ අවිද්‍යා අනුසය එකට සැබැඳීම (connected and bind) මගින් ඇති වන්නේ ය. මෙය මිච්ඡා දිට්ඨිය වශයෙන් වැටහිණ.

මෙසේ මෙම ධර්මයෝ විමසා, සතර ඉද්ධිපාදයෝ භාවිතා කරන්නේ අනුසය ධර්මයෝ පහ වී ගොස් නිවන සාක්ෂාත් කරයි.

ඒක තමයි කරපු භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්, අත්තවාද උපාදානය, දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය ස්ථීර වන්නේ, භවරාග අනුසය ඇති වේ. මෙහි ස්ථිර වීම යනුවෙන් අදහස් වන්නේ කුමක් ද යන්න, විමසුවා. They work in tandem යැයි බුදුපියා පැවසුවා. මේ tandem යන වචනය dictionary meaning බැලීමෙන් මනා කොට වැටහේ.(*6) A group of two or more arranged one behind the other, or used or acting in conjunction. දෙදෙනකු හෝ වැඩි ගණනක කණ්ඩායමක් එකක් පිටුපසින් සකස් කර ඇති හෝ භාවිතා කරන හෝ ඒකාබද්ධව ක්‍රියා කරයි.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 13/04/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන

(*2) එතකොට පල්ලෙහායින් භවරාග අනුසය ලකුණු කරලා තියෙනවා.

(*3) ඉතින් මෙතන දී හිතන්න, රූප, සියුම් රූප, විශාල ගල, හය වෙනි ධ්‍යාන ඒ විදිහට. ඒ නිසා පැවැත්වූ භවයන්, පැවැත්විය හැකි භවයන් කෙරෙහි සකස් වුණ අනුසය කියන එක සිහි කරන්න.

(*4) මානයක්

(*5) පවතින බවක්, දුක නොදැනෙන ස්වභාවයක්

(*6) Tandem කියන්නෙ

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේ භාවනාව කරන්නේ, දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව සිතෙන් ඉවත් වන අතර එය භාවනාවෙන් පසු ද බොහෝ කාලයක් පවතිනවා කියලා කියන්න පුළුවන්.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-05.jpg


s_bavaraagaanusaya.jpg