Date: 12/04/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

05/04/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි වෝකාරය මගින් අරූප ධ්‍යාන නිසා යම් අර්ථයක් එනම්, පවතින බවක්, දුක නොදැනෙන ස්වභාවයක්, සිතේ ඇති වන්නේ ද, මෙය කාමරාග අනුසය සහ අවිද්‍යා අනුසය එකට සැබැඳීම (connected and bind) මගින් ඇති වන්නේ ය. මෙය මිච්ඡා දිට්ඨිය වශයෙන් වැටහිණ, යන ධර්මතාවය මෙනෙහි කළා. මෙය විමංසා ඉද්ධිපාදය මගින් නැතිවන බව වැටහිණ. මෙය තේරුම් ගැනීම කෙසේ ද?

අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා යනුවෙන් කාමරාග අනුසය රේඛාවේ ලකුණු කරන බව අපි දනිමු. මෙහි දී කාමරාග අනුසය මගින් එනම් line 6 හරහා සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ මිච්ඡා දිට්ඨි සහිතව බව අපි දනිමු. එහි අවිද්‍යාව ගැබ්ව ඇත. මෙය අවිද්‍යා අනුසය විමසන විට වටහා ගත් රූප, සියුම් රූප, විශාල ගල මෙන් හය වෙනි ධ්‍යාන, හත් වෙනි ධ්‍යාන වශයෙන් සිතන්නේ, එහි අර්ථය මනා කොට වැටහේ. කුමක් නිසා ද? චතුරාර්ය සත්‍යය නොදන්නා බව ම එහි ඇතුළත් වී ඇති බැවිනි.

මෙතනට diagram එකක් එනවා අපි ඒක දෙනවා.(*1)

S_Anusaya.jpg

ඒ diagram එකේ පෙන්නන්නේ ඔය කබලිංකාර ආහාර වේදනා මනොසඤ්‌චෙතනා කියන cone එකේ පෙන්නනවා, කබලිංකාර ආහාරය භෝග ඉවත් කර වෝකාරය. එතකොට මනොසඤ්‌චෙතනාවට ඒ විදියට arrow එකක් එනවා. පහළ පෙන්නනවා, ඒ අවිද්‍යා අනුසය භවරාග අනුසය කාමරාග අනුසය. එතකොට area 2 ඉඳන් අපි එනවා කාමරාග අනුසයට arrow එකක්, ඒකේ පෙන්නා දෙනවා රූප, සියුම් රූප, විශාල ගල මෙන් පස් වෙනි ධ්‍යාන, අට වෙනි ධ්‍යාන, පැවැත්වූ භවයන්, පැවැත්විය හැකි භවයන් කෙරෙහි සකස් වන අනුසය සහ සිත නතර වී ඇති අවස්ථාවකින් ඉවත් වූ පසු එහි කැමැත්ත.(*2)

එතකොට කාමරාග අනුසය යටින් අපි ලියලා තියෙනවා, තවමත් සුඛ යැයි පැවසීම කාමරාග අනුසය තුළ ඇත. මෙහි අටවන ධ්‍යානය නිසා හෝ පැවතිය හැකි ය. එතකොට අපි arrow එකකින් පෙන්නලා දීලා තියෙනවා පහළ, කාමරාග අනුසයේ ඉඳන් area 2 වලට, ඒ arrow එකේ ලියලා තියනවා, පහත සඳහන් i සිදු වී ඇත්තේ, ii සහ iii මගින් අවිද්‍යා අනුසය දක්වා ගමන් කිරීම. එතකොට i හි තියෙන්නේ, 7.2 සිට 7.4 දක්වා කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව, ii හි පෙන්නනවා අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා 4.4 දී ඇති වුණු බලපෑම ප්‍රමාණවත්, iii හි පෙන්නනවා ඉබ්බා දියට දැමූ විට සතුටු වන්නාක් මෙන් භව රාග අනුසය සහිතව ම දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව.

මෙසේ විමසන්නේ, they work in tandem යන්න කාමරාග අනුසය, භවරාග අනුසය, අවිද්‍යා අනුසය යන තුන් දහමට යෙදේ යැයි වැටහිණ.

Area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව මගින් සිදු කරනු ලබයි. මෙම තණ්හාව ඉවත් කිරීම, 20/08/2015 වේදනා නිරොධො තණ්හා නිරොධො භාවනාව ඇසුරෙන් විමසීම කළා. විමංසා ඉද්ධිපාදය මගින් පදුට්ඨමනසඞ්කප්පයේ ආස්වාදය ඉවත් කිරීම යන්න මනා කොට වැටහේ. එනම් ධාරාව නොගලනවා යන්න යම් ප්‍රමාණයකට දැනෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතන අවස්ථාවේ සිට ධාරාව නොගලන අනාශ්‍රව අවස්ථාව දක්වා ම පවතිනවා යන මිච්ඡා දිට්ඨිය ඉවත් කිරීම, විමංසා ඉද්ධිපාදය මගින් සිදු කරන බව වැටහේ. මෙසේ අවිද්‍යා අනුසය සහ කාමරාග අනුසය මගින් ඇති කරන මිච්ඡා දිට්ඨිය වටහා ගත යුතු අතර, වේදනා නිරොධො තණ්හා නිරොධො භාවනාවේ භාවිතා කළ කාරණා තුන, එනම්,

1. අවිද්‍යාව කියන එක නිරෝධ වෙන්න ඕන.

2. සුභයි කියන එක නිරෝධ වෙන්න ඕන.

3. ජාතියට එන්නා වූ පාරවල් තුන ම නිරෝධ වෙන්න ඕන.

ඉතින් එතෙන්දී පැවසුවා, මේ විදිහට මේ තුන් ධර්මයන්ගේ නිරෝධ වීමෙන්, නාම රූප නිරෝධ වෙලා, තණ්හාව නිරෝධ වී, උපාදාන නිරෝධ වන්නේ ය කියලා.

මෙහි පළමු වෙනි කාරණය, විමංසා ඉද්ධිපාදය මගින් මිච්ඡා දිට්ඨිය ඉවත් කිරීම සමඟ සිදු වේ. මෙහි තුන් වන කාරණය, සිත නතර වීම සමඟ සිදු වේ. මෙහි සුභ යන්න තණ්හාවත් සමඟ සම්බන්ධ ය. එය ඡන්ද, චිත්ත, විරිය ඉද්ධිපාද මගින් සිදු කරනු ලබයි. එහි ඡන්ද ඉද්ධිපාදය මගින්, area 6 වල බලපෑම ඉවත් කරන අතර, චිත්ත ඉද්ධිපාදය මගින් area 1 සහ area 2 ඉවත් කිරීම, ඡන්ද සහ චිත්ත ඉද්ධිපාද එකතුව මගින් සිදු කරනු ලබයි. විරිය ඉද්ධිපාදය මගින් අත්හරින ලද්ද මගින් ඇති වන ප්‍රතිඵලය අත්හරී. මෙසේ 1, 2, 3 ධර්මතාවයෝ නැවැත්වීම මනා කොට ඉද්ධිපාද මගින් පවත්වනු ලබයි. “Excellent” යැයි ඇසුණා.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 27/04/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒකෙ පෙන්නනවා අර 1,2,3.

(*2) එතකොට කාමරාග අනුසයේ ඉඳන් අපි එනවා අවිද්‍යා අනුසයට.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තව චුට්ටක් එකතු කරනවා නම්,

1. මේ භාවනාව කරන්නේ 1,2,3 කාරණා සිහි කරන්නේ සිත නතර වීම වන අතර ඉන් අනතුරුව මුළු මුහුණ ම සුඛ ලෙස දැනේ. තොල්වලින් පවා සුඛය හොඳින් දැනේ.

2. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වන බව අපි දනිමු. එනමුදු උපාදාන නිරෝධ නොවී තණ්හාව නිරෝධය නොවන බව වැටහිණි. උදාහරණ වශයෙන්, සීලබ්බත උපාදානය මගින් භව තණ්හාව ඇතිවීම පෙර සාකච්ඡා කර ඇත. මේ ආකාරයට විමසන්නේ, ජාති නිරෝධය නැති නම්, ඉපදීම ඕනෙ යැයි කියන්නේ නම්, භවය නිරෝධ නොවේ. මෙසේ විමසන්නේ, පටිච්චසමුප්පාදයේ පහළ සිට තණ්හාව දක්වා වූ කොටස් නිරෝධ නොවී, තණ්හා නිරෝධ කරගත නොහැකි ය. මෙය පහළ පුරුක් ලෙස භාවිතා නොකළ යුතු ය, පහළ ධර්මයන් ලෙස භාවිත කළ යුතු ය. තවදුරටත් විමසන්නේ, සම්මා ආජීවය නැති නම් ජාති නිරෝධ වීමක් කළ නොහැක. “Excellent” යැයි ඇසුණා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Paths_of_Iddhi.jpg