Date: 19/04/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

12/04/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි විමංසා ඉද්ධිපාදය මගින් මිච්ඡා දිට්ඨිය ඉවත් කිරීම තවදුරටත් විමසා බැලුවා.

13/05/2022 නිබ්බාන භාවනාවේ දී, අත්තා 1 සහ 2 එකතු වීම නිසා, මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි, යනුවෙන් ඉගෙන ගත්තා. එහි සාකච්ඡා කළ උදාහරණයේ දී සාරිය ගැන මෙම වර්ණ, මෙවැනි මල් ආදී වශයෙන් සිතේ ඇත. මෙය අත්තා 1 මගින් නිරූපණය කළ හැකි ය. එවැනි සාරියක් වෙළඳසැලක ස්පර්ශ වන්නේ, දකින්න ලැබෙන්නේ අත්තා 2, මෙය හොඳ යැයි, විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා එනම්, විඤ්ඤාණ අධිමොක්ඛ වීම නිසා සිදු වන්නේ, අත්තා 1 සහ 2 එකතු වන්නේ, එයට මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි, යනුවෙන් විමසා බැලුවා.

විඤ්ඤාණ අධිමොක්ඛ 4.4 සිට 5.4 බව අපි දනිමු. මෙහි දී අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා 4.4 දී ඇති වුණු බලපෑම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසූ ධර්ම කරුණු සිහි විය. 5.4 වන විට ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක භ්‍රමණය වන බව අපි දනිමු. මෙතනට diagram එකක් එනවා, අපි ඒක දෙනවා.(*1)

s_DrivingForce2_at5_4.jpg

විඤ්ඤාණ අධිමොක්ඛ 4.4 සිට 5.4 වීමට පෙර, 4.4 දී වුණු බලපෑම අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව දක්වා යෑමට ප්‍රමාණවත් වී ඇත්තේ, විඤ්ඤාණ අධිමොක්ඛ 4.4 සිට 5.4 වීම මගින්, අත්තා 2 යන්න සෑදේ. මෙහි අත්තා 1 මෙම වර්ණ, මෙවැනි මල් ආදී වශයෙන් සිතේ ඇති සාරිය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන්න දෙවෙනි රවුමේ දී හටගෙන, හතර වෙනි රවුම දක්වා පැවතීම සිදු වන්නේ නම් අත්තා 1 සහ 2 එකතු වීමට එය තුඩු දේ. එකතු වීම නිසා මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ, එකතු වී පවතී යැයි සිතයි.

මිච්ඡා දිට්ඨිය ඉවත් කරන්නේ නම්, විඤ්ඤාණ අධිමොක්ඛ වීමට පෙර නැවතිය යුතු ය. 4.4 සිට 5.4 විඤ්ඤාණ අධිමොක්ඛ බව අපි දනිමු. එසේ නම් 4.4 ට පෙර නැවතිය යුතු ය. විමංසා ඉද්ධිපාදය මගින් මෙය සිදු කරනු ලබයි. කෙසේ ද? ආලෝක සඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී. දිවා සඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ. ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති, දිවා සඤ්ඤා සුවදිට්ධිතා, යන්න භාවිතා කරන්න. විමංසාව මගින් පටිච්චසමුප්පන්න බව වටහා ගන්නේ, එමගින් ඇති වන ආලෝකය, ආලෝක සඤ්ඤාව වශයෙන් භාවිතා කරයි. එසේ භාවිතා කර, ඉෂ්ට කාන්ත මනාප රූපයන්ගෙන් වෙන් වීම මගින් නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 27/04/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ diagram එකේ තියෙන්නෙ, විඤ්ඤාණ අධිමොක්ඛ 4.4 සිට 5.4. එතකොට 5.4 දී ඒ භ්‍රමණයක් තියෙනවා, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් අපි දන්නවා භය අගතිය පැත්තට යන එක. එතකොට එතන ලකුණු කරලා තියෙනවා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට 4.4 දී ඇති වුණු බලපෑම ප්‍රමාණවත් වී ඇත කියලා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මෙම භාවනාව කරන්නේ, අත්තා 1 සහ 2 එකතු වීම ම පටිච්චසමුප්පන්න යැයි සිතන්නේ, සිත නතර වුණා. “Excellent” කියලා රහතන් වහන්සේ පැවසුවා. එතකොට මෙතන තව පෙන්නන්න පුළුවන් ඉතින් මේ මිච්ඡා දිට්ඨිය ගැන. දැන් බලන්න අපි මෙතන සාකච්ඡා කළා, මෙහි අත්තා 1 මෙම වර්ණ, මෙවැනි මල් ආදී වශයෙන් සිතේ ඇති සාරිය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන්න දෙවැනි රවුමේ දී හටගෙන හතරවෙනි රවුම දක්වා පැවතීම සිදු වන්නේ නම්, අත්තා 1 සහ 2 එකතු වීමට එය තුඩු දේ. එකතු වීම නිසා මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ, එකතු වී පවතී යැයි සිතයි යනුවෙන්. මෙහි දී තථාගතයන් වහන්සේ මිච්ඡා දිට්ඨිය අර්ථ දක්වන ආකාරය සිහි විය. එහි කරුණු දහයක් ඇත. කරුණු පහක් විමසා බැලුවා.

1. මව් නැත, පියා නැත. මනෝමය කායෙන් සිටින අයෙකු ශුක්‍රාණු අල්ලා ගන්නට යන්නේ මෙවැනි ගතිගුණ ඇති properties, අංශු අල්ලාගෙන ය. එය මෙවැනි මල් ඇති සාරිය මෙන් සිතන්න. එම ගති එහි නැති නම්, හතර වන රවුම දක්වා පැවතීම සිදු නොවන්නේ නම්, මව් නැත, පියා නැත යන්න යෙදේ.

2. දුන් දේ විපාක නැත. යජන ලදුයෙහි විපාක නැත. Nothing offered nothing sacrificed. පෙර කරන ලද්දා වූ පුණ්‍ය කර්මයෝ විමසන්නේ, එවැනි පුණ්‍ය කර්ම මගින් හෝ තමාට ගැළපෙන ගතිගුණ ඇති අංශු අල්ලා ගැනීමට නොහැකි වන්නේ, දුන් දෙය විපාක නැත, යජන ලදුයෙහි විපාක නැත යන්න යෙදේ.

3. ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ට ඥානයෙන් තුමූ ම ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද එබඳු ‍සම්‍යක්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැත. මෙසේ ඉහත 1, 2 කරුණුවලින් තම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වන්නේ විශ්ව විද්‍යාලයක ආචාර්යවරුන් ඉගැන්වූ ධර්මයන් මගින් රැකියාවක් නොලැබෙන විට එම පාඨමාලාවට යමෙක් යම් සේ ගරහන්නේ ද, එම අයුරින් ම ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැත යනුවෙන් ප්‍රකාශ කරයි. එනම් ගැළපෙන ගතිගුණ ඇති properties තියෙන අංශු අල්ලා ගැනීමට කළ යුතු පුණ්‍යකර්ම ප්‍රකාශ කළ හැකි යම් අයෙකු මෙලොවත් පරලොවත් විශිෂ්ඨ ඥානයෙන් තුමූ ම ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද එබඳු ‍සම්‍යක්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැත. මෙසේ අත්තා 1 සහ 2 එකතු වීමට හතර වන රවුම දක්වා පැවතීම සිදු නොවන්නේ, එම කාරණා නොවීම හේතු කොටගෙන මිච්ඡා දිට්ඨිය ඇති වේ. දැන් මේකෙන් පේනවා කොයි තරම් ගැඹුරු ද කියලා මේ මිච්ඡා දිට්ඨිය කියන එක, බුදුහාමුදුරුවො අර්ථ දක්වල තියෙන එක.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Repair_bhavana2/Repair_bhavana2-02.jpg


s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg