ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
08/03/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි බුදුපියා පෙන්වා දුන්න අට වෙනියට සඳහන් කළ පේළිය, කාමේසනාව දුරු කරයි, භවෙසන ප්‍රහාණය, ප්‍රඥා ස්කන්ධය තවදුරටත් විමසා බැලුවා.
ප්‍රඥා ස්කන්ධයෙහි කොටස් හතර සිහි කළා.
1. නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව - එතකොට මේක සම්බන්ධ වෙනවා බ්‍රහ්මචරියෙසනාවේ දෙවෙනි කාරණයට. එහි දී ඉගෙන ගත්තා කුසලයෝ මුළා නොවී පවත්වනවා, ධ්‍යාන තලවල ඉන්න ආසාව අයින් කරනවා කියලා. බ්‍රහ්මචරියෙසනාවේ දෙවෙනි කාරණාවෙන් තමයි ප්‍රඥා ස්කන්ධයෙහි පළවෙනි කරුණට එන්නේ. ඒ කියන්නේ කිසිදු ධ්‍යාන තලයක් අපි සුඛ වශයෙන් ගන්නේ නැත්නම්, ඒ සුඛයි කියන එකේ පසු සඤ්ඤාව කාම ආශ්‍රව නැහැ. එතකොට කාම ආශ්‍රවවලින් අවිද්‍යා ආශ්‍රව ඇති වෙන්නේ නැහැ.
2. ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය - මේක සම්බන්ධ වෙනවා බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි කාරණාවට. එහි දී ඉගෙන ගත්තා යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි. අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ නෑ. අපි යනවා නම් යන්නේ පිහිට සොයාගෙන. එනම් කාමරාග අනුසය යමක් හොඳ යැයි පැවසුවත්, කාම ආශ්‍රව නොවිය යුතු ය.
3. උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය - ඒක ඇති වෙන්නේ බ්‍රහ්මචරියෙසනාවේ පළවෙනි කාරණය මගින්. එහි දී ඉගෙන ගත්තා, යම් අකුසලයක් පහ කරන ලද්දේ නැවතත් එම අකුසලයෝ නොගනී. භවගාමී අකුසලය පහ කරනවා කියලා ඉගෙන ගත්තා. භවය අත්හරින්නේ අකුසලය පහ කළා. භවය අත්හරින්නේ නැවතත් භවය නොගනී.
මෙහි දී 08/03/2024 නිබ්බාන භාවනාවේ අවසානයට එකතු කරන ලද කොටස සිහි කරන්න. එනම්, ප්‍රඥා ස්කන්ධය තුළ ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය ඇත. මෙය සඳහා දුක්ඛ චක්‍රය මෙන් විමසීම සිදු කරන්නේ, එහි අනිත්‍යභාවය ගැබ්ව ඇත. තව ද, මෙහි දී අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමක් සිදු නොවේ. එමගින් ධ්‍යාන තලයන් සොයා යෑම වළකයි. භවෙසන ප්‍රහාණය සඳහා අඩිතාලම එමගින් ම සැකසේ.
භවෙසන ප්‍රහාණය විමසන්නේ, එහි දී දුක වශයෙන් දැන භවයකට යන්න හිතන්නේ නෑ. භවයකට යෑම වැළකෙනවා. කාමේසනාව දුරු කරයි යන්න, යම් ධ්‍යාන තලයක ඉපිද, ගත කිරීමට ඇති ආසාව දුරු කරයි. මෙහි අර්ථය විමසන්නේ, area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව මගින් නොවීම ලෙස ගන්න. භවෙසන ප්‍රහාණයේ දී දුක වශයෙන් දැන, භවයකට යන්න සිතන්නේ නැති නම්, එලෙස ම තණ්හාව මගින් ඇති වන්නේ දුක නිසා, තණ්හාව ඉවතලීම මෙහි අදහස් කෙරේ.
4. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය - මෙය අස්මිති මානය පහ කිරීම මගින් ඇති වේ යැයි ඉගෙන ගත්තා. ඉහත 1, 2, 3 කරුණු මගින් චතුරාර්ය සත්‍යය අවබෝධය සහිතව, කාමේසනාව පහ කරන්නේ සියලු ධ්‍යානයන් ඉක්මවීම නිසා, සෝකය ළඟ දී පවතිනවා යන අදහස මුළුමනින් ම ඉවතලන්නේ, රූපයට නිත්‍යභාවයක් එකතු නොකරයි. මෙහි දී සුභය නිසා වූ අස්මිතිය, රූප අරූප ලෝක විෂයෙහි තුන් කාලයට ම සාධාරණ ලෙස ඉවත් කිරීම සිදු කරනු ලබයි.(*1) මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඉහත ධර්මය හොඳින් පරිශීලනය කළ යුතු අතර, එහි සම්බන්ධතාවයන් නොකඩවා මනසේ පැවැත්විය යුතු ය. එනම් ඉහත සඳහන් පළවෙනි කාරණය, දෙවෙනි කරුණට පිහිට වේ. කෙසේ ද? කාම ආශ්‍රවවලින් අවිද්‍යා ආශ්‍රව ඇති නොවන්නේ නම් එම ධර්මතාවයෝ ම, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවීමට උදව් උපකාර කරයි.
තව ද, දෙවෙනි කාරණය තුන් වෙනි කරුණට පිහිට වේ. කෙසේ ද? අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවන්නේ නම්, area 2 යන්නෙහි ධර්මතාවයෝ ගිලිහීයෙත් යැයි බුදුපියා පැවසුවා. Area 2 යන්නෙහි ධර්මතාවයෝ ගිලිහී යයි නම්, නන්දි සහගත වීමට අඩිතාලමක් නැති අතර, එය ම කාම තණ්හාව අත්හැරීමට අඩිතාලම වන්නේ ය.
මෙම ධර්මතාවයෝ මනා කොට මෙසේ පවතින්නේ නම්, රූප වේදනා ගිද්ධිලෝභ belt එක කිසිදු දහමක් නිසා කැරකැවීම සිදු නොවේ. මෙය “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” ලෙස අවබෝධ කරගත යුතු ය. ඒක තමයි භාවනාව.
එතකොට මේකට තව චුට්ටක් එකතු කරනවා නම්, “රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා” යන්න විමසන්නේ, මෙහි දී රූප ගිද්ධිලෝභ ජාති cone එක කැරකැවීමක් කිසිදු දහමක් නිසා සිදු නොවේ යැයි බුදුපියා පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 11/05/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතන ලැගපු තැන්, ලැග සිටින තැන් සහ ලගින්න යන තැන් මෙනෙහි කරයි.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාව කළහම ශාන්ත සුවිමුක්ත චිත්තයක් ඇති වෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්