Date: 03/05/2024 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/03/2024 විමුක්ති භාවනාව නැවතත් කරගෙන ගියා. සමාධි සම්බොජ්ඣඞ්ගයේ සවිතක්ක සවිචාර සමාධිය සිහි කළා. ඉන් අනතුරුව අධිචිත්ත ශික්ෂාවේ කරුණු තුන.

1. නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ,

2. අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ,

3. රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤාව ඉවතලීම, සිහි කළා.

මෙහි 1 මගින් 2 සඳහා පදනම සැකසෙන අතර, 2 මගින් 3 සඳහා පදනම සෑදෙන බව පැහැදිලි ය.

අට වන ධ්‍යාන තලයෙහි ඉපිද වාසය කිරීමට ඇති තණ්හාව පළමුව ඉවත් කළ යුතු ය. එය එසේ නොවන්නේ නම් ඉදංසච්චය හිස් නොවේ. එහි line e හරහා පරාමාසගත වීම ඉවත් කළ යුතු ය.(*1) මේ සඳහා අලෝභ, අදෝෂ, අමෝහ විය යුතු ය. එය සඳහා 26/04/2024 නිබ්බාන භාවනාවේ සඳහන් අයුරින් ප්‍රඥා ස්කන්ධයෙහි කොටස් හතර එකිනෙකාට උදව් උපකාර කරමින් බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය දක්වා පැමිණීම කළ යුතු ය. එසේ නම් ප්‍රඥා ස්කන්ධය හොඳින් වැඩීම, දුක්ඛ table එක සමඟ ආශ්‍රවයන් නැසීමට භාවිතා කළ යුතු ධර්මයෝ භාවිතා කළ යුතු ම ය. මෙයට සත් බොජ්ඣඞ්ග ධර්මයෝ කෙසේ උපකාර කරයි ද?

Area 6 කෙරෙහි උපෙක්ඛාව පළමුව ඇති විය යුතු ය. එනම් එහි පවතින මිච්ඡා දිට්ඨිය ඉවත් කිරීම ඉදංසච්චය ළඟ තබන චතුරාර්ය සත්‍යය උපකාර කරගෙන, ඉන් අනතුරුව සුඛ සංකල්පය ඉවත් කිරීම විය යුතු ය. එය එසේ ය, මෙහි අබ්‍යග්ග නිමිත්ත - the sign of non dispersal ඇත.

දෙවනුව සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ, රූප විෂයෙහි යම් ධර්මතාවයක් කෙරෙහි ඇල්ම පහ කළ යුතු ය. එනම් බැඳීම කරන ආපෝ ධාතු ස්වභාවය කෙරෙහි ඇල්ම පහ කළ යුතු ය.

දිය බුබුලක් මතට වැටෙන දිය බිංදුවක් ගැන හිතන්න. මෙම දෙකෙහි යා වීම නැති වීම ලෙස සිතන්නේ නම් වැටහේ. උඩින් වැටෙන දිය බිංදුව නවතින්නේ නම් පහළ ඇති ශේෂයට එකතු වීමක් නැත. උඩින් වැටෙන දිය බිංදුව නැවතීම සමථ නිමිත්ත මගින් සිදු කරනු ලබයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 11/05/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට line e කියන්නේ අපි දන්නවා පරිදේවයේ ඉඳන් පරාමාසයට.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේ භාවනාවට පොඩ්ඩක් එකතු කරනවා නම්, මේකෙ වෙනස තමයි, මේ අබ්‍යග්ග නිමිත්ත ආපෝ ධාතුව ඉවත් කරන අතර, සමථ නිමිත්ත එහි ඇල්ම ඉවත් කරයි. ඉතින් ඕක ඔය 17/02/2023 ආහාර සූත්‍ර උපේක්ඛා භාවනාවේ දී ඉගෙන ගත්තා අපි. සමථ නිමිත්ත අවස්ථාවේ දී පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීම. ඒ කියන්නෙ නාභිනන්දති, නාභිවදති, නජොසාය තිට්ඨති කියන එක අපි භාවිතා කරනවා. අබ්‍යග්ග නිමිත්ත අවස්ථාවේ දී ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීම, ආපෝ ධාතුව එනම් බැඳීම කරන ධාතු ඉවත් කිරීම දුක වශයෙන් දැක, යම් දහමක සිත පිහිටීම ඉවත් කිරීම සංස්කාර ඉවත් කිරීම කියන එක. එතකොට එතන කෑලි දෙක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ.

ඊළඟට දෙක, පහළ ඇති ශේෂය. මෙය අවසන් නොකළ තණ්හාව වශයෙන් ගත හැකි ය. මෙය අස්මිතිය සමඟ සම්බන්ධ ය. විශේෂ වශයෙන් ලැගලා හිටපු තැන් කෙරෙහි වන ආසාව විමසන්න. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg