ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
විඤ්ඤාණ පච්චයා නාමරූපං වීම දෙවන රවුම බව අපි දනිමු. සුභ + නිත්‍ය, සුඛ වීම වන විට, තුන් වන රවුම දක්වා ගමන් කර ඇත. තුන් වන රවුම දෙවන පියවර වන විට, පසු දිසාවට විඤ්ඤාණයේ සිට ගලන ධාරාවේ නිත්‍යභාවය සමඟ පැමිණෙන සඤ්ඤා අගයෝ නාමරූප ළඟ දී වේදනාව සමඟ එකතු වීම සිදු වේ. මේ නිසා 3.2 දී ලැබුණා වූ සුඛ වේදනාව කෙරෙහි ඡන්දය හටගන්නා අතර, එය ම දිට්ඨි ආශ්‍රව හටගැනීම සඳහා ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසුවා. මෙතෙන්ට එනවා diagram එකක්, ඒක අපි දෙනවා. ඒකෙ සටහන 1 බලන්න.
මෙම ධර්මතාවය මෙසේ සිහි කරන්නේ ඉතාමත් ශාන්ත වූ සමාධියක් නාමරූප සිහි කිරීම සමඟ ඇති වේ.
3.2 දී දිට්ඨි ආශ්‍රව හටගැනීම මෙසේ සිදු වන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව දක්වා ධාරාව ගැලීම ආරම්භ වීමට මෙය තුඩු දේ. අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා, 4.4 දී ඇති වුණ බලපෑම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසූ ධර්ම කරුණ සිහි විය. 4.4 දක්වා යන්නේ, එම ධාරාව දිට්ඨි ආශ්‍රව දක්වා පැමිණීම සිදු වේ. මෙසේ ඇති වන්නා වූ දිට්ඨි ආශ්‍රව ස්ථිර වීම, 5.5 වූ පසු සිදු වන්නේ ය. එය එසේ ය. මෙහි රූපය ලාභ යැයි ගෙන ඇත.(*1)
කුමක් නිසා දිට්ඨි ආශ්‍රව අට වන රවුමෙන් පසුව යැයි පවසන්නේ ද? එයට හේතු ඇත, ප්‍රත්‍ය ඇත. හේතුව වශයෙන් 5.5 දී ස්ථිර වීම ගත යුතු ය. එනමුදු එය සනාථ වීම සඳහා තව වට තුනක් යෑමෙන් පසුව වන, පවතී යැයි යන ධර්මතාවය අවශ්‍ය ය.(*2) ඒ නිසා ය. වට අටක් වන්නේ තණ්හාව ඇති වන්නේ, එම රූපය අත්නොහැර අල්ලා ගැනීම සිදු වන නිසා, දිට්ඨි ආශ්‍රව අට වන රවුමෙන් පසුව යැයි පවසයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්, අසාධාරණ කාරණයේ උදාහරණය විමසන්නේ, අංකුරයක් හටගන්නේ බීජයකිනි. එතකොට වෙන තැනක අංකුරයක් හටගන්න මේ බීජය සාධාරණ නොවේ. මෙසේ විමසන්නේ මෙම රූපය නිසා මෙම රූපය ලාභ වීම නිසා දිට්ඨි ආශ්‍රව විය. අන් රූපයන් නිසා නොවේ.
සාධාරණ කාරණය, ඕනෑ ම තැනක අංකුරයක් හටගන්න නම්, මහ පොළොවයි තෙතමනයයි තියෙන්න ඕන. එතකොට ඒවා සාධාරණ කාරණය. එසේ ම දිට්ඨි ආශ්‍රව සනාථ වීම සඳහා, තණ්හාව අවශ්‍ය ය. එමගින් අත්නොහැර අල්ලා ගැනීම සිදු විය.
6.4 විමසන්න, ධාරාව නොගලන්නේ නම් තණ්හාවට පදනමක් නැත. එය එසේ ය. කුමක් නිසා ද? 6.4 නොමැති නම්, 7.4 වීමක් නැත. ඒ නිසා ය. “ඉච්ඡායසන්ත්යා න මමත්තමත්ථි” සිහි විය. මෙහි ඉච්ඡාව සඳහා 7.4 ප්‍රමාණවත් ය. තව ද 7.6 දක්වා රූප අගයෝ ගෙන යෑම නොවන්නේ නම්, ඉච්ඡාවේ පැවැත්මක් නැත. ඉච්ඡාව මනා කොට පැවතීම 7.7 දී සිදුවන අතර, 8.2 දක්වා යන්නේ තණ්හාව සම්පූර්ණ වේ. සටහන 2 බලන්න.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 25/05/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් මෙතන එක අංකුරයක් හටගත්තා, එක පුටුවක් විකිනුණා කියලා.
(*2) ඉතින් ඒ කියන්නෙ සංස්කාර මගින් පැවතී යැයි අදහස ඇති වේ. මෙතැන දී පැළ තවානක් මෙන් තව තවත් අංකුර හටගැනීම සිදු විය වශයෙන් හිතන්න පුළුවන්.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව චුට්ටක් එකතු කරනවා නම්, මෙම ධර්මතාවය මෙසේ සිහි කරන්නේ ඉතාමත් ශාන්ත වූ සමාධියක් නාමරූප සිහි කිරීම සමඟ ඇති වී ගැලවීමට අපහසු අනාශ්‍රව චිත්තයක් ඇති වේ. බුදුපියාගෙන් විමසන්නේ ආශ්‍රව නසන ලද අය සිටින්නේ මේ ආකාරයට යැයි පැවසුවා.
දෙවෙනියට කියන්න පුළුවන්, ඉච්ඡාව සඳහා 6.4 ප්‍රමාණවත් නොවන්නේ ඇයි යන්න විමසුවා. 6.6 දිට්ඨි අනුසය වේදනාව ඔසවයි. එනම් මෙම රූපය නිසා වන වේදනා එසවීම. 7.4 වන විට එම වේදනාවන් පරාමාස වීමත් එබඳු සංස්කාර පරාමාස වීමත් ඇත, මේ නිසා ය.
තුන් වෙනි කාරණය, දිට්ඨි ආශ්‍රව නිත්‍යය යන්නෙහි පසු සඤ්ඤාව ලෙස පවතින්නේ 5.5 වීමෙන් පසුව ය, යැයි බුදුපියා පැවසුවා.