Date: 17/05/2024 Name: භව ආශ්‍රව

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

10/05/2024 දිට්ඨි ආශ්‍රව භාවනාව නැවතත් කරගෙන ගියා. තුන් වන රවුම දෙවන පියවර වන විට, පසු දිසාවට විඤ්ඤාණයේ සිට ගලන ධාරාවේ නිත්‍යභාවය සමඟ පැමිණෙන සඤ්ඤා අගයෝ, නාමරූප ළඟ දී වේදනාව සමඟ එකතු වීම නිසා, 3.2 දී ඡන්දය හටගන්නා බවත්, එය ම දිට්ඨි ආශ්‍රව හටගැනීම සඳහා ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසූ ධර්මතාවය සිහි කළා.

එතකොට මෙතනට අර 10/05/2024 දීපු diagram එක යොදා ගන්න ඕන. 3.2 දිට්ඨි ආශ්‍රව හටගැනීම මෙසේ සිදු වන්නේ, එය සමඟ අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව දක්වා ධාරාව ගැලීම ආරම්භ වී, 4.4 දක්වා යන්නේ එම ධාරාව දිට්ඨි ආශ්‍රව දක්වා පැමිණීම සිදු වේ. මෙහි දී පෝතලිය සටහන්වල 4.4 දී මෙනෙහි කළ ධර්මය සිහි විය. භව ආශ්‍රවයේ ලක්ෂණය සිහි විය. ප්‍රාර්ථනයෙන් ග්‍රන්ථයෙන් අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති කියලා.

එතකොට අපි දන්නවා එතන අපි රූපය තියෙන තැන යටින් ලියාගන්නවා රවුම 1, 2, 3 ප්‍රාර්ථනය කියලා. වේදනාව තියෙන තැනින් අපි ලියාගන්නවා යටින් ග්‍රන්ථය කියලා. චේතනාව තියෙන තැනින් අපි ලියාගන්නවා රවුම 5, 6, 7 අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති කියලා.

4.4 දක්වා පැමිණ ඇත්තේ, ප්‍රාර්ථනයත් ග්‍රන්ථයත් සිදු වී ඇත. ඉතිරිව ඇත්තේ අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති යන්න සඳහා කළ යුතු යම් දහමක් වේ ද, එය සිදු කිරීම ය. එය 5.5 අත්තා යන්න සමඟ සිදු වන්නේ, භව ආශ්‍රවය හටගනී. මෙසේ දිට්ඨි ආශ්‍රව ස්ථිර වීම, 5.5 දී වූ අතර, එය ම භව ආශ්‍රවය හටගැනීමට තුඩු දිය. මෙම ධර්මතාවය මෙසේ සිහි කරන්නේ ඉතාමත් ශාන්ත වූ සමාධියක්, 5.5 ලකුණු කරන පරාමාස භය අගති රේඛාව මෙනෙහි කරනවිට ඇති වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්, 27/08/2013 නිරෝධය 3 භාවනාවේ පෙන්නනවා, රූපය ඇති නොවීම සඳහා, ස්පර්ශ නොවීම සඳහා, විරියක් තියෙන්න ඕනෙ, වේදනාවක් ඇති නොවීම සඳහා ශ්‍රද්ධාව තියෙන්න ඕනෙ කියලා. මෙය සමඟ විමසන්නේ, 4.4 දක්වා පැමිණ ඇත්තේ, ප්‍රාර්ථනයත් ග්‍රන්ථයත් සිදුවීම වී ඇත්තේ, මෙම අවස්ථාවට පෙර නතර කිරීම විය යුතු අතර, එසේ නොවන්නේ නම් භව ආශ්‍රවය හටගනී යන්න, රවුම 5 ගිද්ධිලෝභ සිහින මැවීම, චේතනා කිරීමට ලැජ්ජාවක් නැතිකම සමඟ ඇති වේ. “Excellent” යැයි ඇසුණා.(*1) මෙම භාවනාව කරන්නේ open eye ඇති වෙන අතර මනස ඉතා විශාල වේ. මෙහි දී ආශ්‍රව නැසිය හැකි නිසා පරිස්සම් විය යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 25/05/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් මෙතන කෙනෙක් හිතන්න පුළුවන් අර විතක්ක විචාරවලට ඇති වෙන ලැජ්ජාවක් එයාට තියෙන්න ඕනේ කියන එක.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව චුට්ටක් කියනවා නම්,

මෙහි දොර පොලු ගැලවීම සිදුවීම නිසා ඉතා විශාල වූ මනස ඇති වේ. මනස විශාල වීම පරාමාස භය අගති රේඛාව දෙසට මනස යොමු වීම සමඟ ආරම්භ වී ශ්‍රද්ධා ඉන්ද්‍රිය දෙසට ගමන් කර ඔළුව වටේට ම යෑම සිදු වේ.

එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන කොටස.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_MM_10_05_2024_Diagrams/S_MM_10_05_2024_Diagrams-01.jpg