ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
17/05/2024 භව ආශ්‍රව භාවනාව නැවතත් කරගෙන ගියා. තුන් වන රවුම දෙවන පියවර වන විට, පසු දිසාවට විඤ්ඤාණයේ සිට ගලන ධාරාවේ නිත්‍යභාවය සමඟ පැමිණෙන සඤ්ඤා අගයෝ, නාමරූප ළඟ දී වේදනාව සමඟ එකතු වීම නිසා, 3.2 දී ඡන්දය හටගන්නා බවත්, එය ම දිට්ඨි ආශ්‍රව හටගැනීම සඳහා ප්‍රමාණවත්, යැයි බුදුපියා පැවසූ ධර්මතාවය සිහි කළා. (*1)
1. මුසාවාදයට අපි සම්මා වායාම භාවනාවේ දී ආරති යැයි, යොදා විමසා බලා ඇත්තේ, ඒ වෙනුවට, වේදනාවට ආරති යන්න යොදා ගන්න. එනම් වේදනාව මත නොරැඳීම, වේදනාව ගැන බිය විය යුතු ය, ඡන්දය පහළ වුණා කියලා. මෙහි දී “දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා” ගාථාව සිහි විය.
2. චේතනාවට අපි පෙර භාවනාවල දී විරති යැයි යොදා විමසා බලා ඇත්තේ, ඉවත් වීම යන්න චේතනාවට යොදා ගන්න. එනම් කිසිදු සංස්කාරයක් නොකිරීම චේතනාවලින් ඉවත් වීම යන්න යොදා ගන්න.(*2)
3. රූප වේදනා ගිද්ධිලෝභ belt එක කැරකවීම කෙරෙහි, පටිවිරති යන්න යොදා විමසා බලා ඇත්තේ, එලෙස ම පහසුවෙන් ඉවත් වීම යන්න, එහි යොදා ගන්න. මෙහි දී යම් වේදනාවක් නිසා යම් ධර්මයක් කෙරෙහි නතු වීම (dependent) නොවීමට, වග බලාගත යුතු අතර, ඒ සඳහා වඩා තිබිය යුතු, ප්‍රගුණ කළ යුතු, ප්‍රඥාස්කන්ධයේ කොටස් හතර මැනවින් භාවිතා කළ යුතු ය.(*3)
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්, යම් ධර්මයක් කෙරෙහි නතු වීම (dependent) නොවීම, මෙය සඤ්ඤා මත dependent නොවීම ලෙස වැටහුණා. තව ද මුසාවාදය යන්න සිහි කරන්නේ, එහි සුඛය මත නොරැඳීමට චතුරාර්ය සත්‍යය යොදා ගත යුතු ය.
මෙම භාවනාවේ දී පළවෙනි කරුණ, වේදනාවට ආරති යන්න යොදා බලන්නේ, එහි දී ආකිඤ්චඤ්ඤ විමුක්තිය ඇති විය. දෙවන කරුණ, ඉවත් වීම යන්න චේතනාවට යොදා බලන්නේ, එහි දී මගඵල චිත්තය නැංවී පැවතීම විය. තෙවන කරුණ, රූප වේදනා ගිද්ධිලෝභ belt එක කැරකවීම කෙරෙහි, පටිවිරති යන්න යොදා බලන්නේ, එහි දී මුදිතා චෙතො විමුක්තිය ඇති විය.
ඒක තමයි එකතු කරන්න තියෙන කොටස.
සාකච්ඡාව 08/06/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*2) ඉතින් මෙතැන්ට දිට්ඨිනිවෙසා ගාථාව සාකච්ඡා කළ සටහනේ පරිදේවයේ සිට පැමිණ 50% පාර දිගේ ගිහින් චේතනාවට නොයෑම හිතන්න පුළුවන්.
(*3) දිට්ඨිනිවෙසා ගාථාව සමඟ බලන්නේ අස්මිතිය ඉවත් වීම.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තවත් කාරණා දෙකක් එකතු කරන්න පුළුවන්.
1. මෙහි චේතනා මෙනෙහි කරනවිට, පෙර කරන ලද සංස්කාරයන් මත ගොඩනගන ලද ධර්මතාවයෝ මත චේතනා කරන බව මෙනෙහි කරන්න. උදාහරණ, පාණාතිපාත අදත්තාදාන හෝ තමා විසින් කරන ලද project එකක් මත චේතනා කරන බව මෙනෙහි කරන්න. පෙර සංස්කාරයන්ට ලැජ්ජා විය යුතු අතර එසේ නොවන්නේ නම්, දැන් චේතනාවලට ලැජ්ජාව වීම සිදු නොවේ. මේ නිසා පරුෂා වාචා ආදී දස අකුසල් සිදුවීම වන බව විමසන්න. පෙර සංස්කාරයන්ට ඇලීම නිසා එම ධර්මතාවයෝ maintain කිරීම ඉදිරියට ගෙන යෑම ආදී වශයෙන්. දිට්ඨිනිවෙසා ගාථාව සාකච්ඡා කළ සටහනේ loop එක, 50% පාර, චේතනා, සංස්කාර, නැවතත් 50% පාර.
2. දිට්ඨි ආශ්‍රවය ඇත්තේ දෝමනස්ස ස්වභාවයක් බව සම්මා සමාධි භාවනාවේ දී ඉගෙන ගතිමු. එම දෝමනස්ස ස්වභාවය ආරති, විරති, පටිවිරති යන තුන් ධර්මතාවයන් මගින් ගලවා ගනී නම්, එයින් ම සම්මා සමාධිය ඇතිවේ. කුමක් නිසා ද? එහි සම්මා සමාධියට තුඩු දෙන ධර්මතාවයෝ සම්මා සංකප්පය මගින් සපයා දෙන නිසා ය. එතකොට එතන එනවා අපිට මුසාවාද ආරති මගින් ඉවත් වී එය චිත්ත සමාධියට තුඩු දේ. ඊළඟට චේතනා විරති මගින් ඉවත් වී එය සංස්කාර නිරෝධය දක්වා දියුණු වන්නේ එය ම උපෙක්ඛාව දක්වා පෝෂණය වේ. ඉතින් මෙතන දී “Excellent” කියලා ඇසුණා.
ඊළඟට රූප වේදනා ගිද්ධිලෝභ belt ඒක කැරකවීම කෙරෙහි පටිවිරති යන්න යොදා ගන්නේ එය මගින් රූප ධාතුව කෙරෙහි නෙක්ඛම්මය ඇති වේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්