Date: 31/05/2024 Name: Avijja Asava

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවේ දී විමසා බැලුවේ, අවිද්‍යා ආශ්‍රව හටගැනීම. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. මෙය පළවන රවුම බව අපි දනිමු. මෙහි යම් බැස ගැනීමක් විඤ්ඤාණස්ථිතියක් ඇති වන්නේ ද, එහි අවිද්‍යා ආශ්‍රව හටගනී. අවිද්‍යා අනුසය, චිත්තස්ස සම්පලිබොධය, ඒකෙන් පරියුට්ඨානය, එතනින් අප්පටිවේධ සඤ්ඤා, එතනින් අභිනිවේසය හරහා අවිද්‍යා ආශ්‍රව වන්නා වූ සටහන යොදා ගන්න.

විඤ්ඤාණස්ථිතියක් වීමට නම් දිට්ඨි ආශ්‍රවය යම් පමණකට හෝ පැවතීමක් විය යුතු ම ය. එසේ නොවන්නේ නම් විඤ්ඤාණ ධාතුව බැස නොගනී. මෙය සඳහා 3.2 ප්‍රමාණවත් ය. මෙසේ විමසන්නේ 3.2 දී අවිද්‍යා ආශ්‍රව හටගැනීම පැහැදිලි ය.

කුමක් නිසා අවිද්‍යා ආශ්‍රව දහවන රවුමෙන් පසුව යැයි පවසන්නේ ද? යම් ධර්මතාවයක් අත්තා කර ගැනීමෙන් පසු, එම ධර්මතාවයෝ ලියලයි. වැඩිදියුණු වේ. මෙය සඳහා රූපය ලාභ යැයි ගැනීම, අඩු ම තරමින් තිබිය යුතු ම ය. මෙහි දී දිට්ඨි ආශ්‍රව ස්ථිර වීම වන බව අපි දනිමු.

දිට්ඨි ආශ්‍රව ස්ථිර වූ පමණට, අවිද්‍යා ආශ්‍රව ස්ථිර වේ ද? එය එසේ නොවේ. එයට අප්පටිවේධයේ ප්‍රමාණය බලපායි. කුමක් නිසා එසේ පවසන්නේ ද? සුභ යැයි ගත් ප්‍රමාණය එයට සෑහේ ද? නැත. සුඛ යැයි ගත් ප්‍රමාණය එයට සෑහේ ද? එසේ නොවේ. අත්තා යැයි ගත් ප්‍රමාණය එයට සෑහේ ද? එය එසේ ය. මෙය සඳහා 5.5 අත්තා ප්‍රමාණවත් යැයි පැවසිය නොහැක. කුමක් නිසා ද? ධාරාව තදින් ගැලීමක් මෙහි දී සිදු නොවන නිසා ය. 6.4 එයට ප්‍රමාණවත් ය. මෙය නිසා අවිද්‍යා ආශ්‍රව ගොඩ නැංවෙන්නේ, නන්දි අගය පරාමාසගත වීම එහි අඩංගු ය.

අවිද්‍යා ආශ්‍රව සනාථ වීමට දහවන රවුම දක්වා යෑම අවශ්‍ය වන්නේ කුමක් නිසා ද? මෙය 16/02/2024 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කළ අයුරින් වටහා ගත යුතු ය. එනම් අදත්තාදානය වන 8.2 අවස්ථාව වන විට, දිට්ඨි ආශ්‍රව සනාථ වී ඇත්තේ, දහවන රවුම වන විට බාහිර වස්තුව උරුම කරගෙන, කරපින්නාගෙන ඇත. මෙසේ විඤ්ඤාණයේ බැස ගැනීම, දහවන රවුම වන විට මනා කොට සිදු වී ඇත්තේ, එහි අප්පටිවේධය සම්පූර්ණ වීම සමඟ අවිද්‍යා ආශ්‍රවය සනාථ වීම සිදු වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 08/06/2024

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට කරුණු කිහිපයක් එකතු කරනවා නම්,

1. 3.2 විඤ්ඤාණස්ථිතිය සිහි කරන්නේ දකුණු ඇස cool විය.

2. අප්පටිවේධ කාරණා සුභ සුඛ අත්තා 6.4 දක්වා සිහි කරන්නේ වම් ඇස ද cool වී ආලෝකය විහිදීම වම් ඇසේ සිට නළල ද ඇතුළත්ව දකුණු ඇස දක්වා ප්‍රදේශය ම සිදු වේ.

3. මෙසේ භාවනාව කරන්නේ අවිද්‍යා ආශ්‍රව තුළ නන්දි අගය පරාමාසගත වීම අඩංගු ය, යන්න සිහි කරන්නේ කකුලෙන් ප්‍රීතිය ගලයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Ayatana/S_Ayatana-10.jpg