ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
31/05/2024 අවිද්‍යා ආශ්‍රව භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. මෙය පළවන රවුම බව අපි දනිමු. එහි බැස ගැනීම සඳහා විඤ්ඤාණස්ථිතියක් වීම සඳහා 3.2 දී වන දිට්ඨි ආශ්‍රවය, අඩු ම තරමින් අවශ්‍ය බව අපි දනිමු. අවිද්‍යා අනුසය, චිත්තස්ස සම්පලිබොධය ඒකෙන් පරියුට්ඨානය, එතනින් අප්පටිවේධ සඤ්ඤා, එතනින් අභිනිවේසය හරහා අවිද්‍යා ආශ්‍රව වන්නා වූ සටහන යොදා ගන්න.
මෙය කොපමණකට බැස ගැනීමක් මගින් චිත්තස්ස සම්පලිබොධො යන්න සිදු වන්නේ ද? ඒ සඳහා 4.4 දක්වා යෑම ප්‍රමාණවත් ය. එහි දී තමා ළඟ ඇති යමක් පලාස කර තව සංස්කාරයක් නිත්‍ය යැයි පරාමාසගත වීම අඩංගු ය. ඒ නිසා ය. පළමුව ගත් දේ හොඳයි යැයි මුල දී ඇති වුවත්, පසුව එන දේ හොඳයි කියා පළමුව ගත් දේ ඉවතලීම වන විට මෝහයට පත් අයෙකු කරන ක්‍රියාවලියක් ලෙස දැකීම මගින් මෙය වටහා ගත හැකි ය.
මැඩගැනීම (පරියුට්ඨානය) සඳහා තව කොපමණකට, මෙම බැස ගැනීම වැඩිදියුණු විය යුතු ද? එය 5.5 අත්තා දක්වා දියුණු වීම ප්‍රමාණවත් ය. එහි රූපය ලාභ ලෙස ගෙන ඇත. ඒ නිසා ය. අප්පටිවේධය සාර්ථක ලෙස විඤ්ඤාණය නොමඟ යවන්නේ, 6.4 වන විට දී ය. එහි නන්දි අගය පරාමාසගත වීම ඇතුළත් ය. ඒ නිසා විඤ්ඤාණයට යමක් සොයා බලා තෝරා බේරා ගැනීමට තරම් ශක්තියක් නැත. ධාරාවේ සැඩ පහර අධික නිසා, සෝකය ළඟ පවතිනවා පැවතිය හැකිය, සැසඳීමක් කිරීමට විඤ්ඤාණය මෙහි දී උත්සාහ නොකරයි.
මින් අනතුරුව අභිනිවේසයට ඉඩ දේ. කුමන සංස්කාරයක් හෝ මෙම ධාරාව සඳහා උදව් උපකාර කරත් ද, එම සංස්කාරයෝ අත්නොහැර අල්ලා ගැනීම සිදු වන්නේ අවිද්‍යා ආශ්‍රව මගින් නොමඟ යැවීමට එය ම තුඩු දේ. නිර්වාණය නොවේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 22/06/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ, චිත්තස්ස සම්පලිබොධො යන්න සිහි කරන්නේ, මෙහි දී පළමුව ගත් දේ හොඳයි යැයි මුල දී ඇති වන්නේ, අපි ජරාව බව නොදනී යන්න සිහි කරන්නේ, සිත විශාල වීම ද අනාශ්‍රව වීම ද සිදු වේ.
2. 10/05/2024 දිට්ඨි ආශ්‍රව භාවනාවේ කරුණු සමඟ විමසන්නේ, තුන්වන රවුමේ දී යමෙක් ආප්ප වර්ග දෙකක් කාලා බලලා එහි එක ආප්ප වර්ගයක් හොඳ යැයි විඤ්ඤාණස්ථිතියක් වන්නේ ද, එය සමඟ අවිද්‍යා ආශ්‍රව හටගන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව දක්වා ගමන ආරම්භ වී, 4.4 වන විට දිට්ඨි ආශ්‍රව දක්වා පැමිණීම සමඟ චිත්තස්ස සම්පලිබොධ වීම සිහි කරන්නේ මුහුණෙන් ආලෝකය විහිදීම සිදු වේ. මෙහි දී පලාසය නැති බව ප්‍රායෝගිකව ම දුටුවා.
3. කුමන සංස්කාරයක් හෝ මෙම ධාරාව සඳහා උදව් උපකාර කරත් ද යන්න උදාහරණ සහිතව විමසීම කළා. ඉතින් අපි දන්නවා පාණාතිපාත, අදත්තාදාන වගේ දේවල් ඒවා උදව් උපකාර වෙනවා කියලා. මේක තව ටිකක් බැලුවා. එතකොට රජ කෙනෙක්ගේ අදිට්ඨානය බලය, අභිනිවේසය පොළොව. ඒක වැටහෙනවා. පොළොව අල්ලා ගැනීමෙන් බලය පැතිරේ. ධාරාව හොඳින් ගලයි. ගෘහපතියෙක්ගේ අධිෂ්ඨානය වන්නේ ශිල්පය. එයාගේ අභිනිවේසය තියෙන්නෙ කර්මාන්ත. කර්මාන්තවලට ඇලීම මගින් ශිල්පය වැඩිදියුණු වේ, ස්ථාවර වේ. ධාරාව හොඳින් ගලයි. ස්ත්‍රියකගේ අධිෂ්ඨානය තියෙන්නේ පුත්තු. අභිනිවේසය හැටියට තියෙන්නෙ තමාට සමාන අයෙකු නොමැති වීම. හොඳ ම පුතා බිහි කිරීම මගින් සිත එහි පිහිටයි. තම ජීවිතය පැවැත්වීමට ඇති ආරක්‍ෂාව වැඩි වීම නිසා ධාරාව හොඳින් ගලයි. තාපසයකුගේ අධිෂ්ඨානය ශීලය, අභිනිවේසය කිසිවක් නැතැයි කියන එක. එයාට කිසි ම එකකට ඇලෙන්න ඕනෙ නෑ. එහෙම නම් හත්වෙනි ධ්‍යානය මෙන් සිත විශාල වෙනවා. එසේ වන්නේ සීලය පැවැත්විය හැකි අතර, ධාරාව හොඳින් ගලයි. එතකොට ඒ තාපසයාගේ එක බොහොම ලස්සනට ඒ ධර්මය තේරෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්