Date: 14/06/2024 Name: Asampajana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවේ දී බැලුවේ, අසම්පජානකාරීත්වය කෙසේ අවිද්‍යා ආශ්‍රව සඳහා යෙදෙන්නේ ද යන්නයි. 16/09/2015 නිරෝධ භාවනාවේ දී ඉච්ඡාව නිසා වන තණ්හා අගයෝ අසම්පජානකාරීත්වයට බැස ගැනීම, වේදනාව හරහා සිදු වේ යැයි ඉගෙන ගත්තා. අපි diagram එකක් දෙනවා, ඒකෙ සටහන 1 බලන්න.

MM_14_06_2024.jpg

7.4 දී, මමංකාරය වීම සමඟ ඉච්ඡාව හටගන්නේ, එම අගයෝ අසම්පජානකාරීත්වයට ඇතුළත් වීම, 7.5 වන විට සිදු වේ. කුමක් නිසා ද? එහි වේදනාව අත්තා කර ගැනීම ඇත. ඒ නිසා ය. මෙහි දී කුඩා diamond එක, එනම් පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පරිදේව පරාමාස, එහි ධාරාව ගැලීම අධික ය. මෙහි දී ලොකු diamond එකට parallel ධර්මය විමසන්න, සටහන 2 බලන්න.

MM_14_06_2024_D2.jpg

යම් පරිදේව වීමක් සිදු වූවා ද, කාමරාග අනුසය හරහා සඤ්ඤාව සුඛ යැයි පැවසීම පරාමාසය හරහා ම සිදු වන්නේ, මෙම 7.4 අවස්ථාවේ දී වූ මමංකාරය ම ඉච්ඡාවට තුඩු දිය. මෙම ධර්මතාවයෝ අත්තා කරගන්නේ, 7.5 වන විට ඉච්ඡාව සහගත වූ තණ්හා අගයෝ වේදනාව හරහා අසම්පජානකාරීත්වයට බැස ගනී. එහි යම් නොදැනීමක් අප්පටිවේධයක් ඇති ද, යම් දහමක් කරපින්නා ගැනීමට එය ම ප්‍රමාණවත් ය. මෙසේ අසම්පජානකාරීත්වය මගින් අප්පටිවේධ වූ ධර්මතාවයෝ ම ඔසවයි. එහි තණ්හාව නිසා දුක ඇති වන බව නොදැනීම ගැබ් ගනී. එහි ලියලීම, අභිනිවේසය සමඟ මනා කොට ඇති වන්නේ, අත්නොහැර අල්ලා ගැනීමට එය ම තුඩු දේ.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ අප්පටිවේධය හරහා ම (*1), සඤ්ඤාව සුඛ යැයි පැවසීම සිහි කරන්නේ, මනස lock වීම සිදු වේ. ඔළුවේ ප්‍රඥාව ඇති පැත්තේ, ඇස සහිත පහළ දක්වා එක කොටසක් ද, වම් පැත්තේ සතිය ඇති පැත්තේ, ඇස සහිත පහළ දක්වා තව කොටසක් ද, නළල මැද වෙන් වීම සහිතව දැනේ. ගැලවීම අපහසු ය.

2 - තථාගතයන් වහන්සේ සිවුරු හා පාසිවුරු දැරීමෙහි ද, සම්පජානකාරී හොති. සම්‍යක් ප්‍රඥායෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වේ. බොජුන් වැළඳීමෙහි ද රස විඳීමෙහි ද සම්පජානකාරී හොති යන්න හොඳින් වැටහේ. කුමක් නිසා ද? අප්පටිවේධය හරහා ම අසම්පජානකාරීත්වය ඇති වන බව දන්නා නිසා ය. මේ නිසා සුඛ වශයෙන් ගෙන තණ්හාව නිසා දුක ඇති වන බව වසාලන බව දනී.

ඒක තමයි එකතු කරන්න තියෙන කොටස.

සාකච්ඡාව 22/06/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ කියන්නෙ නාමරූප

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව හොඳ ලස්සන කාරණාවක් එකතු කරන්න පුළුවන්.

දිට්ඨිය දකුණු පැත්තෙ කුඩා diamond එකත් එක්ක සම්බන්ධ වන බව අපි දනිමු. කුඩා diamond එක, එනම් පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පරිදේව පරාමාස එහි ධාරාව අධිකව ගැලීමට ප්‍රධාන හේතුව, අට වන ධ්‍යානය මගින් කරන බලපෑමෙහි අධික බව යැයි බුදුපියා පැවසුවා. සුඛ යන්නෙහි පසු සඤ්ඤාව කාම ආශ්‍රව වන විට අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා දහරාව අධික ලෙස ගැලීම වැටහෙන්නේ යම් සේ ද, එසේ ම line e හරහා පරාමාසගත වීම අධික වන්නේ, එහි දී දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ධාරාව අධික ලෙස ගැලීම සිදු වේ. 50% පාර හරහා ධාරාව ගැලීමට කරන උදව්ව අධික ය. මෙසේ ම 12/04/2024 නිබ්බාන භාවනාවේ දී 7.2 සිට 7.4 දක්වා කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීමත්, අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා 4.4 දී ඇති වුණ බලපෑම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසූ දහමත් සමඟ විමසා බලන්නේ, ඉබ්බා දියට දැමූ විට සතුටුවන්නාක් මෙන් භවරාග අනුසය සහිතව ම දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ගමන් කිරීම සිදු වේ යන්න විමසන්නේ, කුඩා diamond එකේ බලපෑම හොඳින් වැටහේ.

තව ද මෙසේ අසම්පජානකාරීත්වයට පත් වූ සත්වයාට චිත්තස්ස සම්පලිබොධය ඇති වීම සාධාරණ බව හොඳින් වැටහේ. කුමක් නිසා ද? 4.4 දක්වා පැමිණ ඇත්තේ දිට්ඨි ආශ්‍රවයේ බලපෑම සහිතව ම කුඩා diamond එකෙන් ධාරාව ගැලීම අධික ය. මේ නිසා ය. අන්න ඒක තමයි අර අපි ඉස්සෙල්ලා සාකච්ඡාවේ කොටසේ දී පෙන්නුවේ. ඒක ඒ diagram එකත් එක්ක හොඳට කල්පනා කරලා බලන්න, අර area 2 වල ඉඳන් අපි කාමරාග අනුසයට එනවයි කියන එක පෙන්නුවේ අර රූප, සියුම් රූප, විශාල ගල, ඔය විදියට අතහැරලා line එකේ ලකුණු කරලා දුන්නේ. ඉතින් කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයට ඇවිල්ලා. අවිද්‍යා ආශ්‍රවයෙන් අපි දැන් දිට්ඨි ආශ්‍රවය, 4.4 ට ඇවිල්ලා. දැන් ඉතින් ඉතුරු චුට්ටනේ යන්න තියෙන්නේ. ඒක හොඳට විමසලා බලන්න.