ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
17/05/2024 භව ආශ්‍රව භාවනාව නැවතත් කරගෙන ගියා. අපි 10/05/2024 දිට්ඨි ආශ්‍රව භාවනාවේ දී diagram එකක් දුන්නා. 3.2 දිට්ඨි ආශ්‍රව හටගැනීම සිදු වන්නේ, එය සමඟ අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව දක්වා ධාරාව ගැලීම ආරම්භ වී, 4.4 දක්වා යන්නේ එම ධාරාව දිට්ඨි ආශ්‍රව දක්වා පැමිණීම සිදු වේ යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී පෝතලිය සටහන්වල 4.4 මෙනෙහි කළා. භව ආශ්‍රවයේ ලක්ෂණය, ප්‍රාර්ථනයෙන් ග්‍රන්ථයෙන් අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති. එතකොට අපි එතන ලියාගත්තා රූපය තියෙන තැන රවුම 1, 2, 3 ප්‍රාර්ථනය, වේදනාව තියෙන තැන ග්‍රන්ථය, චේතනාව තියෙන තැන රවුම 5, 6, 7 අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති කියලා.
මෙහි දී රවුම 5 යන්න, අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති යන ධර්මතාවය සමඟ විමසා බැලුවා. එහි යම් බැස ගැනීමක් ඇති ද එනම් සංස්කාරයන් පවත්වන්න කැමැත්ත ඇති ද අභිනිවේසය ඇති ද, එමගින් අසම්පජානකාරීත්වය වැඩිදියුණු වේ. මෙහි අප්පටිවේධය හරහා අසම්පජානකාරීත්වය සකස් වූ බව අමතක නොකළ යුතු ය. මෙහි කුඩා diamond එක, එනම් පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පරිදේව පරාමාස විමසන්නේ, 1, 2, 3 රවුම් නිසා වූ බලපෑම, ව්‍යාපාද සහගත වේ යැයි කල්පනා කළ යුතු ය. කුමක් නිසා එසේ පවසයි ද? දෙවන රවුම වන විට පෙර වේදනා සසඳා බලන්නේ, දෝමනස්සය හටගන්නා බව අපි දනිමු. එනමුදු එය fix කිරීමට ගොස් ඇති වූ කාමච්ඡන්දයේ බලපෑම සහිතව ම තුන්වෙනි රවුමට අවතීර්ණ වූයෙමු.
මෙසේ 3.2 දී විඤ්ඤාණස්ථිතියක් ඇති වීම ද, දිට්ඨි ආශ්‍රව වීම ද පැහැදිලි ය. මෙහි දී 14/06/2024 අසම්පජාන භාවනාවේ දුන් සටහන 2 යොදා ගන්න. ව්‍යාපාද සඤ්ඤා මෙහි ක්‍රියාත්මක වීම සිදු වන්නේ, ඉන් අනතුරුව විහිංසා සඤ්ඤා ඇති වීමත්, පෙර ගත්තා වූ සුඹුල මෙන් වූ රූපය ම පතාගෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතන දක්වා ම ඔඩුදුවා ඇත්තේ, මෙම කුඩා diamond එකෙන් ගැලවීම අපහසු වේ. එය පවතින තාක් කල් ලොකු diamond එක, එනම් වේදනා චේතනා ඉදංසච්ච භය අගති, පවතී. මෙසේ බිය වීම ඇත්තේ, භවය ම සොයයි, භවය ම පතයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ, රවුම 5 යන්න අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති යන ධර්මතාවය සිහි කරන්නේ, නළලේ දකුණු පැත්තේ සිට නිකට දක්වා වන රේඛාවෙන්, දකුණු පැත්තේ වන ඔළුවේ කොටස ඉතා ම සැනසීම සහිත වූ සුඛ ස්වභාවය පළමුව ඇති වන්නේ, ඉන් අනතුරුව වම් පැත්ත ද එසේ වන්නේ, එය සමඟ අනාශ්‍රව ස්වභාවයක් ඇති වේ. කුමක් නිසා ද? මෙහි කාමච්ඡන්දයක් නොවීම නිසා ය. බොහෝ වේලාවක් එසේ සිටිය හැකි ය.
2. කාමච්ඡන්දයේ බලපෑම සහිතව ම, තුන් වන රවුමට අවතීරණ වූ බවත්, මෙසේ 3.2 දී විඤ්ඤාණස්ථිතියක් ඇති වීම ද (*1) දිට්ඨි ආශ්‍රව වීම ද වන්නේ, තව ද විඤ්ඤාණස්ථිතියක් වීම සඳහා, 3.2 දී වන දිට්ඨි ආශ්‍රවය අඩුම තරමින් අවශ්‍ය බව ඉගෙනගෙන ඇත්තේ, කාමච්ඡන්දයෙන් පසුව, 3.2 දී වන මෙම ක්‍රියාවලිය විමසන්නේ, මෙහි දිට්ඨි ආශ්‍රව තුළ යමක් කරපින්නා ගැනීමට අදහසක් ඇති අතර, විඤ්ඤාණස්ථිතිය යනු එම අදහසේ ම පිහිටීම ලෙස වැටහිණ. උදාහරණ වශයෙන් රෙදි ගෙන යාමට රෙදි දමන hanger වල කොකු ටිකක් අත උඩින් දමා ගැනීම, දිට්ඨි ආශ්‍රව තුළ යමක් කරපින්නා ගැනීමට අදහස මෙන් ද, තවමත් එහි එක hanger එකක් අත උඩ දමාගෙන නැති අවස්ථාව විමසන්නේ, එම hanger එකත් දමාගන්නේ, එය විඤ්ඤාණස්ථිතියක් වීම ලෙස ද ගත හැකි ය. එහි එම කාර්යය සඳහා සම්පූර්ණයෙන් බැස ගැනීම ඇත.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 06/07/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ කාමච්ඡන්දයේ බලපෑම.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්