ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
21/06/2024 භව ආශ්‍රව 2 භාවනාව නැවතත් කරගෙන ගියා. මෙහි දී විමසා බැලුවේ මෙම කාමච්ඡන්දය නවතාලන්නේ කෙසේ ද යනුවෙනි.
මහණෙනි සුභ නිමිත්තෙක් ඇත. එහිලා නුනුවණින් මෙනෙහි කිරීමෙක්, බහුල කිරීමෙක් වේ ද, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්දයේ බොහෝ වීම පිණිසත්, විපුලත්වය පිණිසත්, ආහාර වේ, යන තථාගත ධර්මයට සිත යොමු වුණා.
එහෙම නම් අපි හරියට හිතමු. අසුභයි කියලා හිතමු. අසුභ යැයි සිතීමට කුමක් උපකාර වේ ද? දෙතිස් කුණප භාවනාව මෙන් සිතීම එක ආකාරයකි. එනමුදු යමෙකුට එය නොවැඩීම විය හැකි ය. කුමක් නිසා ද? සඤ්ඤා අගයෝ වේදනාව ඉක්මවා පැමිණීම විය හැකි නිසා ය. එසේ නම් පෙර යම් සුභ නිමිත්තක් නිසා වින්දා වූ වේදනා අගයෝ ඉක්මවිය යුතු ය. එසේ නොවන්නේ නම් අසුභ වශයෙන් නොවැටහේ. කෙසේ දන්නකුට කෙසේ දක්නකුට අසුභ වශයෙන් වැටහේ ද? සඤ්ඤාව දුක වශයෙන් දන්නකුට, දක්නකුට එසේ වැටහේ.
මෙහි දී 02/06/2023 නිබ්බාන භාවනාව සාකච්ඡා කළ අවස්ථාවේ දී මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි විය.
සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ සඤ්ඤාව දෙපැත්තට නොයයි. රූප පැත්තට හෝ චේතනා පැත්තට නොයයි. මෙය දකින්නේ විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම්, වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම්වලින් තොර වේ. මෙසේ දකින්නේ, තණ්හාව නිසා දුක ඇති වන බව අවබෝධ වේ. කුමක් නිසා ද? වේදනාව නිසා තණ්හාව වන බව දුක සඤ්ඤාව මගින් පෙන්වා දෙයි. What one feel is what one perceive, යමක් විඳී ද එය හඳුනයි. එසේ හඳුනා ගැනීමෙන් පසුව වන ප්‍රතිඵලය දුක නම්, එනම් සඤ්ඤාව දුක නම්, මෙසේ පිරිසිදු වූ සඤ්ඤාවට, උල්පත ඇරීම, නැවතිය හැකි ය.
මෙසේ උල්පත ඇරීම නවත්වන්නේ නම්, එහි ම නිර්වාණය ගැබ් වේ. මනස එහි පිහිටයි. මෙය සඳහා වැඩිය යුතු ධර්මතාවයන් වන අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා, 02/06/2023 නිබ්බාන භාවනාවේ සඳහන් අයුරින් වැඩිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්, පාණාතිපාතය කරන අයෙකුට මරණය දුක වශයෙන් නොවැටහේ, අදත්තාදානය කරන අයෙකුට ජාතිය දුක වශයෙන් නොවැටහේ, මෙසේ බලන්නේ, වේදනා පැත්තට ගියොත් වේදනාවට සඤ්ඤා මගින් අගය දී තණ්හා ඇති වේ. වේදනා පැත්තට නොයන්නේ, වේදනා හැඟීම්වලින් තොර වන්නේ, වේදනාවට සඤ්ඤාව මගින් අගය නොදේ. දුක ඇති නොවේ. තණ්හාව නිසා දුක ඇති වන බව වැටහේ.
ඒක තමයි එකතු කරන්න තියෙන කොටස.
සාකච්ඡාව 06/07/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේක තවදුරටත් පැහැදිලි කරනවා නම්, පාණාතිපාතය කළොත් ප්‍රතිඵලය දුකයි. අදත්තාදානය කළොත් ප්‍රතිඵලය දුකයි. යමක් විඳී ද එය හඳුනයි. එසේ හඳුනා ගැනීමෙන් පසුව වන ප්‍රතිඵලය දුක නම්, එනම් සඤ්ඤාව දුක නම්, වේදනා පැත්තට නොයයි. මෙය පාණාතිපාත අදත්තාදාන දෙසට ගමන් නොකිරීම මෙනි, වශයෙන් හිතුවොත් වැටහේ. ඒක තමයි තව පැහැදිලි කිරීමක් හැටියට තියෙන්නේ.