ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
28/06/2024 නිබ්බාන භාවනාවේ දී සඤ්ඤාව දුක වශයෙන් දැකීම සඳහා, අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා වැඩිය යුතු බව පෙන්වා දුන්නා. මෙහි අධිශීල ශික්ෂාව පැවැත්වීමට ඇති බාධාව කුමක් ද? සාඨෙය්‍ය බව පැවසිය යුතු ය. පෙර යම් සංස්කාරයක් කරන ලද්දේ ද, එය මගින් හටගත් සාඨෙය්‍ය ඇත්තේ, පථය 1 සිදු වී, සාඨෙය්‍ය හටගැනීම දෙවන රවුමේ දී සිදු වන බව, 16/09/2022 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගතිමු.
පථය 1, ඉදංසච්චාභිනිවෙස පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින්, පරාමාස පරිදේව භය අගති, එය මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම, පළමුව සිදු වේ යයි අපි දනිමු.
මෙහි පෙර සංස්කාර මගින් ඇති වූ සාඨෙය්‍ය, අභිජ්ඣා මෙන් සිතන්න. දෙවනුව පථය 1 සමඟ හටගත් සාඨෙය්‍ය, ව්‍යාපාද සහගත ය. කුමක් නිසා ද? කුඩා diamond එක මෙහි සම්බන්ධ වන නිසා ය. එම කුඩා diamond එකේ ධාරාව ගැලීම පදුට්ඨමනසඞ්කප්පයේ බලපෑම සහිතව ම සිදු වේ. නිත්‍යභාවයක් ඇති බව නොසිතන්නේ නම්, කුඩා diamond එකේ ධාරාව ගැලීම අඩපණ වේ. ඒ නිසා ය.
එසේ නම් ධාරාව නැවැත්වීම සඳහා සාඨෙය්‍ය පහ කිරීමට කුමක් උපකාර වේ ද? මෙයට අධිචිත්ත ශික්ෂාව අවශ්‍ය ය. කරමින් සිටින්නා වූ පාණාතිපාත වැනි සංස්කාරයන් ඉවතලා, සිතෙහි ඒකාග්‍රතාවයක් ඇති අධිචිත්ත ශික්ෂාව වඩන්නේ, රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම දක්වා ම මනස දියුණු වන්නේ, සාඨෙය්‍ය සඳහා වූ පළවන කාරණය ඉවත් වේ. එනමුදු මෙය මෙපමණකින් නතර නොවෙයි. Line e විමසන්න. නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි ධ්‍යාන තලවල, බොහෝ කලක් ගත කිරීම නිසා වූ, අස්මිතිය ඇත. එය ඉවතලීම සඳහා අධිප්‍රඥා ශික්ෂාව භාවිතා කර, ප්‍රඥා ස්කන්ධය දක්වා මනස දියුණු කරගත හැක්කේ නම්, එහි සාඨෙය්‍ය නොපවතී.
ඒක තමයි භාවනාව.
මේකට තව චුට්ටක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ ඵල චිත්තය නැංවෙන අතර එය ඉතා ම ශාන්ත ය.
2. පථය 1 සමඟ හටගත් සාඨෙය්‍ය ව්‍යාපාද සහගත ය යන්න, තවදුරටත් විමසා බැලුවා. කුඩා diamond එකේ ධාරාව ගැලීම පදුට්ඨමනසඞ්කප්පයේ බලපෑම සහිතව ම සිදු වේ. පදුට්ඨමනසඞ්කප්පය ජීවිත ඉන්ද්‍රියේ සිට පරාමාස දක්වා ලකුණු කරන බව අපි දනිමු. එම නිත්‍යභාවය පරාමාසගත වීමෙන් පසුව, එම අගය අල්ලාගෙන නැවතත් යම් විඤ්ඤාණයක් හටගැනීම සඳහා තුඩු දේ ද, එම අගය පරාමාස සිට ජීවිත ඉන්ද්‍රිය දිසාවට ඊතලයකින් ලකුණු කළ යුතු ය. මෙසේ දකුණු පැත්තේ කුඩා diamond එකේ ධාරාව clockwise (දක්ෂිණාවර්ත) ආකාරයට ගලන බව සිතන්න. තෙවන රවුම වන විට එම ධාරාව මගින්, ව්‍යාපාද ඇති වීම වැළැක්විය නොහැක. කුමක් නිසා ද? පදුට්ඨමනසඞ්කප්පය මගින් නිත්‍ය යැයි පැවසුවත්, එය එසේ නොවන බව, සෑදෙන විඤ්ඤාණයට හැඟෙන නිසා ය. මෙයට හේතු ප්‍රත්‍ය ඇත.
හේතුව වන්නේ පැමිණි සඤ්ඤා අගයෝ විමසීම ය. රස වෙනස් වීම ලෙස සිතන්න. ප්‍රත්‍ය වන්නේ ධාරාව තවදුරටත් පැවතිය හැකිදැයි, පථය 1 වීමට පෙර ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වූ නිසා ඇති වූ සැකය වන්නේ ය. මෙසේ දකුණු පැත්තේ කුඩා diamond එකේ ධාරාව ගැලීම, 3.2 වන විට ව්‍යාපාද හටගැනීමට තුඩු දී ඇත්තේ, එහි බලපෑම සහිතව ම, වම් පැත්තේ නාමරූප ළඟ ව්‍යාපාද වන බව වැටහේ. මෙය වටහා ගැනීම සඳහා පථය 1 සිදුවීම, දෙවැනි රවුමේ දී ආරම්භ වූ බව සිහි කරන්න. 3.2 දී නාමරූප ළඟ විඤ්ඤාණස්ථිතියක් ඇති වීම සිදු විය. මෙය විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ගෙන ආ සඤ්ඤා අගයෝ ද, සැක අගයෝ ද, යන දෙයාකාර ධර්මයෝ ම නිසා යමක් කරගත නොහැකි වූ විට ව්‍යාපාද වන්නේ කෙසේ ද එසේ ම වටහා ගත යුතු ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 20/07/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේක බැලුවහම අපිට පේනවා, මේ කාමච්ඡන්දයේ ගැඹුර වැටහෙනවා මේ භාවනාවෙදි. දෝමනස්ස වුවත් සැක සහිත වුවත් විඤ්ඤාණස්ථිතියක් ඇති වීමට තරම් එය ප්‍රබල විය.
එතකොට එකතු කරන ලද දෙවැනි කාරණය විමසන්නේ විඤ්ඤාණය ගැන දුක සිතේ. දකුණු පැත්තේ කුඩා diamond එක ව්‍යාපාද සහගත බවත්, විඤ්ඤාණය ජරා වූ පසු විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හොඳ රූප සොයා යන්නේ, 3.2 වන විට වම් පැත්තේ කුඩා diamond එක ළඟදි සඤ්ඤා අගයෝ ද සැක අගයෝ ද යන දෙයාකාර ධර්මයෝ ම නිසා යමක් කරගත නොහැකි වූ විට ව්‍යාපාදය වන්නේ යන්න විමසන්නේ විඤ්ඤාණය ගැන දුක සිතේ. ව්‍යාපාද ස්වභාවය දෙගුණ වී ඇත.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්