ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
21/06/2024 භව ආශ්‍රව 2 භාවනාවේ දී, දෙවන රවුම වන විට පෙර වේදනා සසඳා බලන්නේ, දෝමනස්සය හටගන්නා බවත් එය fix කිරීමට ගොස් ඇති වූ කාමච්ඡන්දයේ බලපෑම සහිතව ම තුන් වෙනි රවුමට අවතීර්ණ වූයෙමු. මෙසේ 3.2 දී විඤ්ඤාණස්ථිතියක් ඇති වීම, කාමච්ඡන්දයේ බලපෑම සහිතව සිදු වූ බවත්, දිට්ඨි ආශ්‍රව වීමත් පැහැදිලි ය, යනුවෙන් ඉගෙන ගතිමු.
තව ද මෙම කාමච්ඡන්දය නැති කිරීම සඳහා අසුභ භාවනාව කළත්, යමෙකුට එය නොවැඩීම විය හැකි ය. කෙසේ දන්නකුට කෙසේ දක්නකුට අසුභ වශයෙන් වැටහේ ද? සඤ්ඤාව දුක වශයෙන් දන්නකුට, දක්නකුට එසේ වැටහේ යනුවෙන්, 28/06/2024 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගතිමු. මෙය සඳහා වැඩිය යුතු ධර්මතාවයන් වන අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා, 02/06/2023 නිබ්බාන භාවනාවේ සඳහන් අයුරින් වැඩිය යුතු ය, යනුවෙන් එහි දී විමසා බැලුවා.
05/07/2024 සාඨෙය්‍ය භාවනාවේ දී අධිශීල ශික්ෂාව පැවැත්වීමට ඇති බාධාව සාඨෙය්‍ය බව ඉගෙන ගතිමු. එහි දී අධිචිත්ත ශික්ෂාව වඩන්නේ, රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම දක්වා ම මනස දියුණු වන්නේ, සාඨෙය්‍ය සඳහා වූ පළවන කාරණය ඉවත් වේ, යනුවෙන් ඉගෙන ගතිමු.
අද භාවනාවේ දී බැලුවේ අධිචිත්ත ශික්ෂාව පැවැත්වීමට ඇති බාධාව කුමක් ද යන්නයි. එය මිච්ඡා දිට්ඨිය බව පැවසිය යුතු ය. කුමක් නිසා ද? නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි අරූප ධ්‍යානයන් පවතිනවා යන මිච්ඡා දිට්ඨිය ඇත්තේ නම්, එය ඉවත් කිරීම කළ නොහැක. ඒ නිසා ය. මෙම මිච්ඡා දිට්ඨිය නැති කිරීම සඳහා සම්මා දිට්ඨිය අවශ්‍ය වේ. ඒ සඳහා අධිප්‍රඥා ශික්ෂාව භාවිතා කර ප්‍රඥා ස්කන්ධය දක්වා ධර්මයෝ වැඩිය යුත්තේ ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 20/07/2024
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්