ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
21/06/2024 භව ආශ්‍රව 2 භාවනාවේ සිට 12/07/2024 සම්මා දිට්ඨි භාවනාව දක්වා වූ භාවනා හතර සාරාංශ කොට සටහනක් සෑදීම කළ හැකි ය. එය අපි දෙනවා.
එහි අවසානයට මේ වන විට ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වේ, යනුවෙන් ලියා ඇත. කෙසේ ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වේ ද?
1. නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව. සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ නම්, කාම ආශ්‍රව නැත. මේ නිසා කාම ආශ්‍රව වලින් අවිද්‍යා ආශ්‍රව ඇති නොවේ.
2. ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය. අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රව නොවේ. සම්මා දිට්ඨිය ඇත්තේ, අටවන ධ්‍යාන පවා පවතිනවා යන්න ඉවත් කර ඇත්තේ, අධිචිත්ත ශික්ෂාව හොඳින් පවත්වන්නේ, සාඨෙය්‍ය පහ කිරීමට උපකාර වන පළවන කාරණය ඉවත් වන්නේ, කිසිදු සුඛයක් ලාභ වශයෙන් නොගනී. මෙහි අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රව නොවීම අඩංගු ය.
3. උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය. Area 6 සහ area 2 බන්ධනය, කාම තණ්හාව මගින් නොවීම ලෙස ගන්න. මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි කරන්නේ, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, සඤ්ඤාව රූප පැත්තට හෝ චේතනා පැත්තට හෝ වේදනා පැත්තට නොයයි. මෙසේ දකින්නේ තණ්හාව නිසා දුක ඇති වන බව අවබෝධ වී ඇත්තේ, මෙය ම සම්මා දිට්ඨිය බවට පත් වේ. මෙසේ අධිප්‍රඥා ශික්ෂාවෙන් ඇති වූ සම්මා දිට්ඨිය තීව්‍ර වේ. මෙසේ ඇති වූ සම්මා දිට්ඨිය මගින් තණ්හාව නිසා දුක ඇති වන බව පෙන්වා දෙන්නේ, තණ්හාව ඉවතලීම සිදු කෙරේ.
4. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය. මෙය අස්මිති මානය පහ කිරීම මගින් ඇති වේ. ඉහත 1, 2, 3 කරුණු මගින් චතුරාර්ය සත්‍යය අවබෝධය සහිතව, කාමේසනාව පහ කරන්නේ සියලු ධ්‍යානයන් ඉක්මවීම නිසා, සාඨෙය්‍ය පහ කිරීම නිසා, සුභය නිසා වූ අස්මිතිය, රූප අරූප ලෝක විෂයෙහි තුන් කාලයට ම සාධාරණ ලෙස ඉවත් කිරීම සිදු කරනු ලබයි.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට තව චුට්ටක් එකතු කරනවා නම්,
මෙම භාවනාව කරන්නේ නිර්වාණයට සුදුසු, ඉතා ශාන්ත මනසක් ඇති වේ.
සාකච්ඡාව 03/08/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට ඒකට තව කරුණු තුනක් එකතු කරන්න පුළුවන්,
මෙම භාවනාව කරන්නේ නිර්වාණයට සුදුසු ඉතා ශාන්ත මනසක් ඇති වේ. මණ්ඩලාධිපති බුදුපියා ඇතුළු හත්නමක් වැඩ සිටියා.
කුමක් නිසා කාමච්ඡන්දය ඉවත්වීමත් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයත් යන දෙකම විඤ්ඤාණස්ථිතියක් ඇති නොවීම සඳහා අවශ්‍ය වන්නේ ද? මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය තුල පටිච්චසමුප්පන්න අවබෝධය අඩංගු ය. යම් දිට්ඨියක් වේ ද එය පටිච්චසමුප්පන්න ධර්මය මගින් කැඩීම නිසා තව එකක් ගත්තත් මේදේම සිදුවේය යන්න පෙන්වා දෙන නිසාය. මෙසේ දෝමනස්සය ඇති වූ විට එය fix කිරීමට නොයෑමට උදව් උපකාර කරයි. තවද කාමච්ඡන්දය ඉවත්වීම නොවන්නේ නම් පෙර පුරුද්ද ඇත්තේ කර්මයෝ ඇත්තේ එය විපාක වශයෙන් පටිච්චසමුප්පන්නව සිතීමක් නොවේ. මෙහිදී අලුත් දිට්ඨීන් සාදයි. මුගලන් හාමුදුරුවන්ට කර්මය දකින්නේ සෘද්ධි බල භාවිතා කළ නොහැකි වූ මෙනි.
මෙම සටහනේ ඉහල සම්මා දිට්ඨිය ලකුණු කර ඇත. උප්පත්තිය කෙළවර වූ බව දත් ඥානය විමසන විට මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය මගින් තණ්හාව නිසා දුක ඇති වන බව අවබෝධ වී ඇත්තේ මෙය ම සම්මා දිට්ඨිය බවට පත් වේ යන්න පවසා ඇත. මෙහි මුලින් පැවසූ සම්මා දිට්ඨිය degree එකක් විභාගයක් සමත් වන විට ඇති වූ ස්වභාවය ලෙස හිතන්න. උප්පත්තිය කෙළවර වූ බව දත් ඥානය අවස්ථාවේ දී සඳහන් කළ සම්මා දිට්ඨිය degree එකක් pass කළ පුද්ගලයා එම ඥානය භාවිතා කර යමක් කරන ලෙස සිතන්න. එනම් degree එකක් pass කළාට එය වැඩක දී භාවිතා කළ නොහැකි නම් පලක් නැත. යමෙක් තණ්හාව එපා යැයි කියන්නේ එනමුදු රස කෑමක් දකින විට එම තණ්හාව එපා යැයි කීම යොදා නොගන්නේ යම් සේ ද මෙය එසේ වටහාගත යුතුය. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්