Date: 26/07/2024 Name: Nibbana

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

19/07/2024 ප්‍රඥා ස්කන්ධ භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී ප්‍රඥා ස්කන්ධයේ කොටස් හතර, දී ඇති සටහනේ කරුණුවලට සම්බන්ධ කර බැලුවා. එය තවදුරටත් විමසා බැලුවා. මෙහි දී එම කරුණු, එම සටහනේ ම ලකුණු කර, සටහනක් සෑදීම කළ හැකි ය. එය අපි දෙනවා.

MM_26_07_2024.jpg

මෙම සටහනේ දකුණු පැත්තේ නිල් පාට අකුරු වලින් ප්‍රඥා ස්කන්ධයේ කොටස් හතර ලකුණු කර ඇත. එහි සඳහන් ධර්ම කරුණු මෙනෙහි කරන්න. එහි බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය දක්වා විමසන්නේ, පටිච්චසමුප්පන්න වීමට ඉඩ නොදීම මගින් ම, බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය ඇති වේ.

මෙහි දී දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා භාවනාවේ දී ඉගෙන ගත්, අසුභයේ සුභ යන විපල්ලාසය කායානුපස්සනාවෙන් ඉවත් වීම ද වැටහේ. එහි පටිච්චසමුප්පන්නය මෙනෙහි කිරීම අඩංගු ය. පටිච්චසමුප්පන්නය නොවිය යුතු ය. එසේ නොවන්නේ නම් සුභ යැයි සිත පිහිටයි. අස්මිතිය ඇති වේ. නිර්වාණය නොවේ.

ඉහත ප්‍රඥා ස්කන්ධයේ 1, 2, 3 කරුණු මගින් චතුරාර්ය සත්‍යය අවබෝධය සහිතව කාමේසනාව පහ කරන්නේ, සියලු ධ්‍යානයන් ඉක්මවීම නිසා සාඨෙය්‍ය පහ කිරීම නිසා සුභය නිසා වූ අස්මිතිය, රූප අරූප ලෝක විෂයෙහි තුන් කාලයට ම සාධාරණ ලෙස ඉවත් කිරීම සිදු කරනු ලබයි.

ඒක තමයි මං කරපු භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

අධිශීල ශික්ෂා කොටස හොඳින් විමසිය යුතු ය. මෙය භාවනාවේ strongest point එක වේ. මෙසේ විමසා ඉන් අනතුරුව තව දිනක අධිප්‍රඥා ශික්ෂාව විමසන්නේ, එහි දී සවිතක්ක සවිචාර සමාධියේ සිට අවිතක්ක අවිචාර සමාධිය දක්වා සම්බන්ධ කර එය විමසන්නේ, දුක්ඛ නිරෝධ සත්‍යය පමණක් ඉතිරි වන්නා වූ සම්මා දිට්ඨිය ලෙස පෙර විමසා ඇත්තේ, අභිජ්ඣාව ඉවත් වේ. සිත ධ්‍යාන තලවල බැස ගැනීමට නොසිතයි. මෙසේ සිතන්නේ, මනසින් ආලෝකය විහිදේ. “Excellent’ යැයි ඇසුණා. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 03/08/2024