Date: 02/08/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

26/07/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවිතක්ක අවිචාර සමාධියේ පළවන කාරණය, කාම විතක්කයෝ නැත, විචාරයෝ නැත. ජරා වේදනා අසම්පජාන රේඛාවේ කාම සඤ්ඤාව ලකුණු කරන බව අපි දනිමු. මෙය ලොකු diamond එකට සම්බන්ධ කරන්න.

1. සවිතක්ක සවිචාර සමාධියෙන් මෙත්තාව දක්වා ඇවිල්ලා අපි රූපය ජරා වෙනවා කියලා දැකලා, මෙත්තාව භාවිතයෙන් රූපය ඉක්මවීම කිරීම මගින්, කාම විතක්ක ඉවතලීම කළා. අමෝහ පාරේ යන නිසා, සංස්කාරයෝ ඉවතලා කාම විචාරයෝ නැත.

අවිතක්ක අවිචාර සමාධියේ දෙවන කාරණය, ව්‍යාපාද විතක්කයෝ නැත, විචාරයෝ නැත. අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ ඇති භවයේ නොයෑමේ ගුණය, කුඩා diamond එකට සම්බන්ධ කරන්න. පරාමාස සිට ජීවිත ඉන්ද්‍රිය දක්වා, ව්‍යාපාද සඤ්ඤාව සහ ව්‍යාපාද විතක්කය අපි ලකුණු කරගන්නවා. 12/11/2020 නිබ්බාන භාවනාවේ දී දෙන ලද අවිතක්ක අවිචාර සටහන බලන්න.

2. භවයේ යෑම නැති නම් ව්‍යාපාද විතක්කයෙන් ඉවත් වේ. අමෝහ පාරේ යන නිසා සංස්කාරයෝ ඉවතලා ව්‍යාපාද විචාරයෝ නැත.

අවිතක්ක අවිචාර සමාධියේ තෙවන කාරණය, විහිංසා විතක්කයෝ නැත, විචාරයෝ නැත. ඉහත 1 සහ 2 සමඟ අමෝහ පාරේ යන නිසා සංස්කාරයෝ ඉවතලා විහිංසා සඤ්ඤාවෝ මඟහරී. විහිංසා සඤ්ඤාවෝ මඟහරින්නේ විහිංසා විතක්කයෝ නැත. එය ද කුඩා diamond එකට සම්බන්ධ කරන්න. විහිංසා විචාරයෝ නැති වෙන්න නම් පග්ගහ නිමිත්ත තිබිය යුතු ය.

මෙසේ සවිතක්ක සවිචාර සමාධියේ සිට අවිතක්ක අවිචාර සමාධිය දක්වා විමසා, මින් අනතුරුව අවිතක්ක අවිචාර සමාධිය කෙසේ, අධිප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරයි ද යන්න විමසා බැලුවා.

කාම විතක්කයෝ නැත, විචාරයෝ නැත. මෙය ම ප්‍රථමධ්‍යානයට තුඩු දේ. කෙසේ ද? මෙහි දී කාම සඤ්ඤාව මගින් පටිඝානුසය මගින් ඔසවන සඤ්ඤාව කෙරෙහි බලපෑමක් නොකරන නිසා ය. තව ද කාම විචාරයෝ නැති නිසා, එය දෙවන ධ්‍යානයට තුඩු දේ. කෙසේ ද? දෙවන ධ්‍යානයේ විතක්ක විචාරයෝ නැත. යම් කාම විචාරයක් නැති ද එය ම විචාරය සංසිඳීම පිණිස උදව් උපකාර කරයි.

ව්‍යාපාද විතක්කයෝ නැත, විචාරයෝ නැත. මෙය තෙවන ධ්‍යානයට තුඩු දේ. යම් ප්‍රීතියක් හටගන්නකුට, එම ප්‍රීතිය කායිකව දැනීම නිසා, භවයේ යෑමට යම් කැමැත්තක් ඇති වේ ද, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය මගින්, භවයේ යෑම ඉවත් කරන්නේ ප්‍රීතිය නිසා භවයේ යෑම ද එමගින් ම ඉවත් වේ. මෙසේ කායික ප්‍රීතිය උදෙසා වූ භවයේ ඉවත් වීම, තෙවන ධ්‍යානයට එළැඹීමට උදව් උපකාර කරයි. එම ධ්‍යානයේ මනා කොට බැස ගැනීම සඳහා, ව්‍යාපාද විචාරය නැතිකම උදව් උපකාර කරයි. කෙසේ ද? අමෝහ පාරේ යන්නේ සංස්කාරය ඉවතලන්නේ ඇති වුණා වූ, හටගත්තා වූ තෙවන ධ්‍යානය, වෙන අතකට පත් කිරීමට සෙවීමක් නොවන නිසා ය. උදාහරණ වශයෙන්, අරමුණ වෙනස් යැයි සිතන්න. තමාට රැකියාවක් ඇති අතර තමාට අවශ්‍ය දේ නිවන බැවින්, උසස් වීමක් සඳහා අයදුම් කිරීම නොකරයි.

විහිංසා විතක්කයෝ නැත, විචාරයෝ නැත. විහිංසා විචාරයෝ නැති වීම, ආනෙඤ්ජ ස්වභාවයට තුඩු දේ. එය 4 වන ධ්‍යානයේ සිට 8 වන ධ්‍යානය දක්වා ම විය හැකි ය. කෙසේ ද? යම් සුඛයක් හටගත්තා ද, එය කිසිදු අයුරකින් පැවැත්විය නොහැකි බව, විහිංසා විතක්කයෝ මගින් එළිදරව් කරන නිසා ය. මණ්ඩලාධිපති බුදුපියා පෙන්වූ සඤ්ඤාව දුක වශයෙන් දැනීම දැකීම, මෙහි යොදා ගන්න. මෙහි දී සඤ්ඤාව රූප දෙසට හෝ චේතනා දෙසට නොයන බැවින් විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම්, වේදනාව කරා නොයන්නේ සුඛය නොපවතින බව වැටහේ. සුඛය ඉක්මවීමට අඩිතාලම මෙයින් ම සැකසේ.(*1)

විහිංසා විචාරයෝ නැතිකම තවදුරටත් විමසා බැලුවා. මේ සඳහා පග්ගහ නිමිත්ත අවශ්‍ය බව අපි දනිමු. අරි අට මඟ දිගේ ගමන් කරන්නේ, එහි මනා කොට බැස ගැනීමක් ඇති ද, එය ම විහිංසා විචාරයාගේ පහ වීම පිණිස ද ඉවතලීම පිණිස ද උදව් උපකාර කරනු ලබයි. කෙසේ ද? අරි අට මඟේ සම්මා දිට්ඨිය මනා කොට පවතින්නේ නම්, දුක ම ඇති බවත්, දුක ම උපද්දවන බවත් මනා කොට වැටහී නිර්වාණය ම සොයන නිසා ය. මෙහි දී නිර්වාණය අරමුණක් වන නිසා “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං” ලෙස මෙය වටහා ගත යුතු ය. මණ්ඩලාධිපති බුදුපියා මෙම ධර්මය කියා දුන්නේ ය.

එතකොට ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

පළවෙනි කාරණය හැටියට කියන්න පුළුවන්, විහිංසා විතක්කය මගින් සිදු වන ක්‍රියාවලිය පැහැදිලි කිරීම, මෙසේ කළ හැකි ය. 1 සහ 2 කරුණු සමඟ අමෝහ පාරේ යන්නේ සංස්කාරය ඉවතලා තෙවන ධ්‍යානයේ මනා කොට සිටින්නෙකුට යම් බාධාවක් වන්නේ ද, එය නිවනට බාධාවක් ලෙස දැනීම නිසා ය. මෙය සියුම් ය, කෙසේ ද?

a. සවිතක්ක සවිචාර සමාධියෙන් රූපයේ ජරා ස්වභාවය ඉක්මවා මෙහි පැමිණීම යන්න ඇත.

b. අවිතක්ක විචාරමාත්‍ර සමාධියෙන් හටගත්තා වූ තෙවන ධ්‍යානය, වෙන අතකට නොපෙරළමි, යන අදහස විය.

එනමුදු a සහ b යන අදහස් දෙකෙන් මෙය පැවැත්විය නොහැක. මෙය ම නිවනට බාධාවක් ය. නිර්වාණය සුඛ ය. තමා හට සුඛ සහිතව වෙසෙන්න හැකි නම්, එය ම නිවන මෙන් යම් අයෙකුට හැඟෙන්නේ ය.

දෙවෙනි කාරණය, මෙම භාවනාව කරන්නේ මණ්ඩලාධිපති බුදුපියා වැඩ සිටි අතර කාම විතක්කය සිහි කරනවිට ම ආනෙඤ්ජ වී අනාශ්‍රව විය. ටික වේලාවක් එසේ සිට අපහසුවෙන් ව්‍යාපාද විතක්කය යම් පමණකට සිහි කළා. මෙසේ ආනෙඤ්ජ වීම ද, අනාශ්‍රව වීම ද බුදුපියා නිසා සිදු වන්නේ දැයි ඇසුවා. නැත, ඔබගේ කුසලයෝ ඇත යැයි බුදුපියා පැවසුවා. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 17/08/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ස්පර්ශ කිරීමට නොයන්නේ වේදනා ගැන මතකයක්වත් නැත. පෙර කන ලද ආහාරයක් දැන් නොකන්නේ එම පෙර වේදනාව නොපවතී.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට මේ පළවෙනි කාරණයට, ඒක තවදුරටත් විමසන්නේ අපි කාමය නිසා යම් භාණ්ඩයක් එකතු කරගන්නේ ද කාමය නිසා එය සොරකම් කරගැනීමට බොහෝ හොරු ඇත. තෙවන ධ්‍යාන අවස්ථාවේ දී හොරා තමන් ම විය. කෙසේ ද? කායික ප්‍රීතිය ඉවතලා තෙවැනි ධ්‍යානයට පැමිණියේ එහි සිටීමට කැමැත්ත ඇති වූයේ නම් එමගින් භවයේ යෑම හටගන්නේ කලින් භාවිතා කරන ලද ප්‍රීති භාණ්ඩය ද හොඳ යැයි සොරා ගැනීමක් වැනි ය. මෙසේ දුසිල් බව ඇති වන්නේ සාඨෙය්‍ය හටගනී. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ ඒ එකතු කරපු පළවෙනි කාරණයට.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_AvitakkaAvicara.jpg