ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
02/08/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා.
a. සවිතක්ක සවිචාර සමාධියෙන් මෙත්තාව දක්වා ඇවිල්ලා, අපි රූපය ජරා වෙනවා කියලා දැකලා, මෙත්තාව භාවිතයෙන් රූපය ඉක්මවීම මෙනෙහි කළා. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, ආහාරයේ පටික්කූල සඤ්ඤා, කබලිංකාර ආහාරයේ දී කියනවා, මේක වමනය. ඉතින් මෙතන පුද්ගලයෙක්ව තියන්න පුළුවන්නේ. ඒ පුද්ගලයාට කියන්නේ වමනය කියලා. ගොම්බෙට්ටේ ඉන්න පණුවා, ඒකෙ ම ඉපදිලා, ඒකෙ ම ජරා වෙලා, ඒකෙ ම ලෙඩ වෙලා, ඒකෙ ම මැරිලා යනවා. ජාති, ජරා ව්‍යාධි මරණ. දුක්ඛ ආර්ය සත්‍යය.
එතකොට ඉන්ද්‍රිය සංවරයේ දී කියනවා, ඔය වමනය දිහා මම බලන්නෙවත් නැහැ කියලා. කුලයේ ඇලෙන්නෙ නැති කොට කියනවා වේදනාව නිසාවත්, මම වමනය දිහා බලන්නේ නැහැ කියලා. “නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති”, කියනකොට කියනවා ඔය වමනේ ගොඩට මම රිංගන්න යන්නෙ නැහැ කියලා. මව් කුසට යනවා කියන්නේ වමනය ගොඩ අස්සට රිංගන්න යනවා කියන එක. එහෙම කළහම මෙත්තාවෙන් අප්‍රමාණයට යනවා.
මේ වන විට දුක්ඛ ආර්ය සත්‍යය දැක, ගොම්බෙට්ටේ ඉන්න පණුවා, කිසිම ආකාරයකින් සනීප කරන්නට බැහැ යන්න අවබෝධ විය. එසේ නම් මෙත්තාවෙන් රූපය ඉක්මවීමට ප්‍රධාන කාරණය වූයේ, ව්‍යාධිය දැක ව්‍යාධිය මගින් රූපය ජරා වන බව වටහා ගැනීම ය.
b. අවිතක්ක විචාර මාත්‍ර සමාධිය මගින් භවයේ යෑම ඉවත් කරන්නේ, ප්‍රීතිය නිසා භවයේ යෑම ද, එමගින් ම ඉවත් වේ. මෙසේ කායික ප්‍රීතිය උදෙසා වූ භවය ඉවත් වීම, තෙවන ධ්‍යානයට එළැඹීමට උදව් උපකාර කරයි. මෙසේ තෙවන ධ්‍යානයට එළැඹෙන්නේ, එහි මනා කොට බැස ගැනීම සඳහා, ව්‍යාපාද විචාරය නැතිකම උදව් උපකාර කරන්නේ, මෙහි දී නිර්වාණ සුඛය සොයන්නාහට, තෙවන ධ්‍යාන සුඛය ලැබී ඇත. මෙහි, වෙන අතකට පත් කිරීමක් නොවීම, අමෝහ පාරේ යන නිසා ය. මෙහි දී ප්‍රීතිය ඉක්මවීමට, ප්‍රධාන කාරණය වූයේ, භවයේ යෑම ඉවත් වීම ය.
c. සුඛය නොපවතින බව, විහිංසා විතක්කය මගින් එළිදරව් කිරීම විමසා බැලුවා. මණ්ඩලාධිපති බුදුපියා පෙන් වූ සඤ්ඤාව දුක වශයෙන් දැනීම දැකීම, මෙහි දී සඤ්ඤාව රූප දෙසට හෝ චේතනා දෙසට නොයන බැවින්, විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම්, වේදනාව කරා නොයන්නේ සුඛය නොපවතින බව වැටහේ. ස්පර්ශ කිරීමට නොයන්නේ වේදනා ගැන මතකයක්වත් නැත. පෙර කන ලද ආහාරයක් දැන් නොකන්නේ, එම පෙර වේදනාව නොපවතී. වේදනාව දෙසට නොයයි නම්, සඤ්ඤාව බිඳීම සිදු වේ. එය ගිලිහී යයි. සඤ්ඤාව බිඳීම, මරණ ධර්මය බව අපි දනිමු. එනම් සුඛ වේදනාවේ මරණ ධර්මය නිසා ආනෙඤ්ජ විය.
මෙසේ තුන් ධර්මයක් විමසන්නේ එනම්,
1. රූපය ඉක්මවීමට ප්‍රධාන කාරණය වූයේ, ව්‍යාධිය දැක ව්‍යාධිය මගින් රූපය ජරා වන බව වටහා ගැනීම ය.
2. ප්‍රීතිය ඉක්මවීමට ප්‍රධාන කාරණය වූයේ, භවයේ යෑම ඉවත් වීම ය.
3. සඤ්ඤාව බිඳීම, එනම් මරණ ධර්මය නිසා ආනෙඤ්ජ විය.
1, 2, 3 යන තුන් කාරණයන් විමසන්නේ, මෙහි නිර්වාණය ගැබ් වන බව මණ්ඩලාධිපති බුදුපියා පැවසුවා. කෙසේ ද?
පළවන කාරණය මගින්, ව්‍යාධිය බව දැක රූපය ජරා වන බව වටහා ගන්නේ, මෙය සියලු ධ්‍යාන තලවලට සාධාරණ බව දෙවෙනි කාරණය මගින් පෙන්වා දෙයි. කුමක් නිසා ද? යම් සුඛයක් වේ ද, එය පැවැත්වීමට වන බාධාව වටහා ගැනීම නිසා ය. ප්‍රීතිය නිසා භවයේ යෑම ඉවත් වීම සිදු වූවත්, එය එසේ වීම සුඛ සහගත යැයි හැඟෙන්නෙකුට, තවමත් ජීවත්වීමට කැමැත්ත ඇති බව වැටහෙන නිසා ය. මෙයට අස්මිතිය බලපායි.
මෙය මෙපමණකින් අවසන් නොවේ. ආනෙඤ්ජ ස්වභාවය දක්වා වැඩිදියුණු වන්නේ, සඤ්ඤාව බිඳී ඇත්තේ, මරණ ධර්මය ඉස්මතු වන්නේ, නිවනින් පිටත දෙයක් නොගත යුතු බව වැටහේ. මෙම ධර්මතාවයෝ සටහනක් මගින් දැක්විය හැකි ය. එය අපි දෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. වමනය යන්න සිහි කරන්නේ, පුද්ගලයන් අකුසලයන් කර ඉපදී ඇත්තේ යන සඤ්ඤාව, මතු වීම සිදු විය. මෙහි දී ජරා ගොඩක් යන්නට වඩා, අකුසල් පොදියක් මෙන් පෙනෙන්නට විය.
2. අවිතක්ක විචාර මාත්‍ර සමාධිය මගින් භවයේ යෑම ඉවත් කරන්නේ, ප්‍රීතිය නිසා භවයේ යෑම ද, එමගින් ම ඉවත් වීම සිහි කරන්නේ, භවයේ යෑම ඉවත් කිරීම කුමක් නිසා තෙවන ධ්‍යාන සුඛය ඉවත් නොකරයි ද, යන්න විමසුවා. සුඛය ඉවත් කිරීමට තරම් එය ශක්තිමත් නැත, යැයි බුදුපියා පැවසුවා. කුමක් නිසා ද? යමක් කායිකව දැනෙන්නේ, එය ඉවසීමට මෙත්තාව මගින් පුරුදු පුහුණු කළත්, මෙත්තාව නිසා ම ඇති වූ සුඛය ඉක්මවීමට, පුරුදු පුහුණු කිරීමක් තවම ඇති වී නැත. ඒ නිසා ය.
සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ නම්, එය ඉක්මවිය හැකි ය. මෙම කරුණ විමසන්නේ, තෙවන ධ්‍යාන සුඛයේ බොහෝ වේලාවක් සිටිය හැකි අතර, සඤ්ඤාව දුක වශයෙන් දැකීම සමග serious වී, ආනෙඤ්ජ ස්වභාවයට පැමිණීම හොඳින් දැනුණු අතර, ධම්මකාය සටහනේ රතු පාට කොටස භාවිතා කිරීමෙන්, නැවත 3 ට පැමිණ එහි සිටීම ද, සඤ්ඤාව දුක වශයෙන් දැකීම සමග නැවත ආනෙඤ්ජ ස්වභාවයට පැමිණීම වශයෙන්, ධ්‍යාන අතර මාරු වීම කළ හැකි විය.
3. මරණ ධර්මය ඉස්මතු වන්නේ කුමක් ඉවතලයි ද? සඤ්ඤාව බිඳීම, මරණ ධර්මය විය. එසේ නම් සියලු සඤ්ඤා බිඳේ. හත් වන ධ්‍යාන සඤ්ඤාව පවා නොපවතින බව වැටහේ. මෙයට අට වන ධ්‍යානය කෙසේ යෙදේ ද? එහි සඤ්ඤා ඇතිනැතිකම ඇත. සඤ්ඤා නැති විට නිරෝධය මෙනි. සඤ්ඤා ඇති විට අතීත භවවල හෝ රූප පෙනේ. එනමුදු අවධානය නැත. අවධානය ඇති නම් එය ම සඤ්ඤාව බිඳුනා යන්නට ඇතුළත් වේ. අට වන ධ්‍යානය මළා මෙන් සිතන්න. අවධානය නැති නම්, අට වන ධ්‍යානයේ ම සිටී. එනමුදු අතීත භවවල රූප මෙන් මතු වීම, බාධාවක් ලෙස හැඟේ. එය මරණ ධර්මය ලෙස වටහා ගත යුතු ය. එය එසේ ය.
සඤ්ඤාව නැති විට නිරෝධය මෙන් දැනෙන්නේ, ඉන් ඉවත් වීම, නික්ම වීම, මරණ ධර්මය වූ බව වැටහේ. කුමක් නිසා ද? නිරෝධයේ ම සිටීම කළ නොහැකි වූ නිසා ය.
4. මෙම භාවනාව කරන්නේ, මෙය ධම්මකායක් බව හොඳින් වැටහිණ. කුමක් නිසා ද? එක් එක් ධ්‍යානයන්ට යෑම ඉතා පහසුවෙන් වීමත්, ඒවා අතර මාරු වීම ඉතා පහසුවෙන් වීමත්, වන අතර, සටහනේ මැද ඇති සුඛ සහගත වීම සිට රතු පාටින් දක්වා ඇති කොටස, 26/07/2024 නිබ්බාන භාවනාවේ, උඩ සිට පහළට පහළ සිට උඩට නොයෑම ලෙස දැකීම, වීම සමග ධම්මකායේ පිහිටීම සිදු විය. එය ප්‍රඥා ඉන්ද්‍රිය ඇති තැන සිට, නහය පටන් ගන්නා තැනට ඊතලයක් මෙන් ද, එසේ ම සති ඉන්ද්‍රිය ඇති තැන සිට, නහය පටන් ගන්නා තැනට ඊතලයක් මෙන් ද, පෙර නොදැනුණු ලෙස දැනීම විය. මෙය සමග ප්‍රීතිය ගැලීම සිදු විය. මෙසේ ඊතල දෙකක් මෙන් දැනීම, ධම්මකාය බව මණ්ඩලාධිපති බුදුපියා පැවසුවා. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 17/08/2024
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්