ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
09/08/2024 ධම්මකාය භාවනාව නැවතත් කරගෙන ගියා.
1. සවිතක්ක සවිචාර සමාධියෙන් මෙත්තාව දක්වා පැමිණීමේ දී, පටිච්චසමුප්පාද පුරුකක අවබෝධය නිසා, නිර්වාණය ස්පර්ශ කරන බව අපි දනිමු.
2. තව ද එහි භාවිතා කළ විරිය, එනම් “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය, ඡන්දං ජනෙති, වායමති විරියං, ආරභති චිත්තං පග්ගණ්හාති පදහති” බව, අපි දනිමු. අපිට ඉපදිලා නැති ලාමක පාපක අකුසල ධර්මයෝ, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒවා එපා කියලා විරියක් ඇති කරගන්නවා. ගොම්බෙට්ටේ කොළ පාට කෑල්ලට නොවැටීමට මෙම විරිය භාවිතා කරන ලදී. මෙය සඳහා වමනය මෙන් දැකීම, උදව් උපකාර කරයි. එනම්, තමා විසින් නොවිඳිනා ලද ස්පර්ශයෝ නොවිඳීම සඳහා විරිය භාවිතා කරන ලදී.
ඉහත 1 සහ 2 ධර්ම කරුණු මගින් නොවිඳිනා ලද ස්පර්ශයෝ විඳීම කළොත්, ජාතිය ඇති වන බව පෙන්වා දේ. එනම් නිර්වාණය ස්පර්ශ කරන ලද්දේ, පුද්ගලයන් අකුසලයන් කර ඉපදී ඇත්තේ යන සඤ්ඤාව ඇත්තේ, අකුසලයෙන් ඉවත් වූයේ, කොළ පාට කෑල්ල ගැනීම මගින්, නැවතත් අකුසලයට වැටීම, නොවීම සඳහා විරිය භාවිතා කරන ලදී. පුද්ගලයන් අකුසලයන් කර ඉපදී ඇත්තේ, ජරා ගොඩක් යන්නට වඩා, අකුසල් පොදියක් මෙන් දැකීම, මෙහි යොදා ගන්න.
3. ධ්‍යානය නිසා ගොම්බෙට්ටෙන් ඈත් විය. එසේ ඈත් වී නොවිඳිනා ලද රූප ස්පර්ශ නොකරන්නේ, තම කය දෙස විමසා බලයි. ගත් රූපයේ ආදීනවය පෙනේ. දුක්ඛ සත්‍යය මතු වේ. පටිච්චසමුප්පන්න බව වැටහීම, මෙයට උපකාර කරයි. කෙසේ ද?
යම් දිට්ඨියක් වේ ද, එය පටිච්චසමුප්පන්න ධර්මය මගින් කැඩීම නිසා, තව එකක් ගත්තත්, මේ දෙය ම සිදු වේ යන්න පෙන්වා දෙන නිසා ය. මෙහි දී විවිධාකාර රූප ස්පර්ශ නොකිරීම සඳහා, එනම් අනුප්පන්නානං පාපකානං… යනුවෙන් දැක්වෙන විරිය, ජාතිය ඇති තැනට නොපැමිණීම සඳහා කරන වෑයමක් ලෙස වටහාගෙන, 25/06/2015 ඡන්ද චිත්ත පරිචිතා සටහන බලන්න. මෙසේ අලුත් දිට්ඨීන් නොසෑදීමට වග බලා ගනී.
සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද යෙදීම කරන්න. අස්මිතිය යනු සක්කාය දිට්ඨියට ඇලීම වේ. එය ඉවත් වන්නේ නම්, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය ඉවත් වේ. කුමක් නිසා ද? චේතනාවේ සිට විඤ්ඤාණය දක්වා දැන් නිත්‍ය යන විපල්ලාසය ඉවත් වන්නේ නම්, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය නොසෑදේ. අපි diagram එකක් දෙනවා, ඒකේ සටහන 1 බලන්න.
එයට අනතුරුව මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි කරන්නේ, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, සඤ්ඤාව රූප පැත්තට හෝ චේතනා පැත්තට හෝ වේදනා පැත්තට නොයයි. මෙහි සුඛ සඤ්ඤා විපල්ලාසය නොරැඳේ. එසේ වන්නේ නම්, සුභ යන චිත්ත විපල්ලාසය ඉවත් වීම සමඟ කිසිදු තැනක සිත නොපිහිටයි. එය එසේ ය.
මෙසේ නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය පළමුව ඉවත් වීමත්(*1), සුඛ සඤ්ඤා විපල්ලාසය දෙවනුව ඉවත් වීමත් සමඟ තුන් වෙනුව සුභ යන චිත්ත විපල්ලාසය ඉවත් වීම වටහා ගන්න. මෙය චූල සීහනාද සටහන්වල පිටුව 5 සිට 7 දක්වා විමසීමෙන් මනා කොට වටහා ගත හැකි ය. එහි හත් වන පිටුවේ diagram එකේ පළවන ත්‍රිකෝණය විමසන්න. එය මෙහි සටහන 2 ලෙස දී ඇත.
අත්ත දිට්ඨිය ඉවත් නොවන්නේ නම්, සුඛ සඤ්ඤා විපල්ලාසය නිසා හටගත් අත්ත සඤ්ඤා ඉවත් වීම නොවේ. අත්ත සඤ්ඤාව ඉවත් නොවන්නේ නම්, අත්ත සංකල්පය ඉවත් නොවේ. මෙහි අත්ත සංකල්පය තුළ භූමිගතව ඇත්තේ, සුභ යන චිත්ත විපල්ලාසය වේ. කුමක් නිසා එසේ පවසයි ද? විඤ්ඤාණ ධාරාව මගින් ගෙන යන්නේ සුඹුල මෙන් වූ රූප අගය ම වන නිසා ය. වේදනා, සඤ්ඤා වැනි ධර්මතාවයෝ එම සුඹුල වටේ ඔතන හොටු මෙන් සිතන්න.
මෙසේ මෙම විශිෂ්ට ධර්මතාවයෝ වටහා ගන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි ය. සටහන 2 බලන්න.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයට අනුව සඤ්ඤාව දුක වශයෙන් දැකීම නිසා, සක්කාය දිට්ඨියක් සෑදීමක් නොවීම ඉහත අයුරින් වටහා ගන්නේ, එහි ඇලීමක් නොවේ. එනම්, නොසාදන නොපවතින දෙයකට ඇලීමක් විය නොහැක. මෙසේ ඇලීම පහවන්නේ අස්මිතිය බැස යයි. “Excellent” යැයි ඇසුණා.
2. ඉහත 1 සහ 2 කරුණු විමසන විට, ධම්මකාය භාවනාවේ දී ධම්මකාය පිහිටීම සමඟ දැනුණු ආකාරයට දැනීමට අමතරව, නළල මැද ප්‍රභාස්වරව දැනේ. මෙය ප්‍රඥා ස්කන්ධය ධම්මකායේ පිහිටීම වේ. සුභ + නිත්‍ය මගින් සුඛ යන කොටස විමසන විට, අස්මිතිය බැස යෑම සමඟ ශාන්ත මනසක් ඇති විය.
3. මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයට අනුව, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම්, වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම්වලින් තොර වේ. මෙසේ දකින්නේ තණ්හාව නිසා දුක ඇති වන බව අවබෝධ වේ. මෙම ධර්මතාවය, සක්කාය දිට්ඨියට නෑලීම පිණිස, යොදා ගත යුතු ය. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 31/08/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට ටිකක් එකතු කරනවා නම් පටිච්චසමුප්පන්න ධර්මය මගින් දිට්ඨි විපල්ලාසය කැඩීම නිසා තව එකක් ගත්තත් මේ දේ ම සිදු වේ යන්න පෙන්වා දෙන නිසා ය.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඒකට තව එක කාරණාවක් එකතු කරනවා නම්,
සුඛ සඤ්ඤා විපල්ලාසය නිසා හට ගත් අත්ත සඤ්ඤාව ඉවත් වීම සිහි කරන්නේ, මෙහි දී පාණාතිපාතය කරන අයෙකුට මරණය දුක වශයෙන් නොවැටහේ. අදත්තාදානය කරන අයෙකුට ජාතිය දුක වශයෙන් නොවැටහේ යනුවෙන් විමසා, සඤ්ඤාව දුක වශයෙන් වටහා ගන්නා බව අපි දනිමු. මෙහි මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය යොදන්නේ කුමක් නිසා ද? සඤ්ඤාව දුක වශයෙන් වටහා ගත්තෙකුට වුවත් තණ්හාව අධික නම් තණ්හාව නිසා දුක ඇති වන බව මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්ම කොටසින් වටහා නොගන්නා අයෙකුට සක්කාය දිට්ඨියට ඇලීම විය හැකිය. මෙය සිදු වන්නේ නම් සටහන එක මගින් පෙන්වා දෙන දැන් නිත්‍ය යන විපල්ලාසය ඉවත් වීම සිදු නොවේ. උදාහරණ වශයෙන් යමෙකුට අසනීප වී වේදනා විඳින්නේ ජීවත් වීම පවා එපා කියන්නේ, දුක සඤ්ඤාව ඇත. එනමුදු, ලෙඩය සුව අතට හැරුණු විගසින් එය ගිලිහී යයි. දැන් නිත්‍ය යන විපල්ලාසය ඉවත් වීම සිදු නොවේ. ඔහු තණ්හාව නිසා දුක ඇති වන බව වටහා ගන්නේ නම් නැවතත් සුඛ නොසොයයි. ඒක තමයි අලුතෙන් එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්