ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
16/08/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා.
සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද යෙදීම සිහි කළා. ඉන් අනතුරුව එහි අවසානයට එකතු කරන ලද පළවන කාරණය සිහි කළා.
එනම්, මෙම භාවනාව කරන්නේ මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයට අනුව සඤ්ඤාව දුක වශයෙන් දැකීම නිසා, සක්කාය දිට්ඨියක් සෑදීමක් නොවීම ඉහත අයුරින් වටහා ගන්නේ, එහි ඇලීමක් නොවේ. එනම්, නොසාදන නොපවතින දෙයකට ඇලීමක් විය නොහැක. මෙසේ ඇලීම පහ වන්නේ අස්මිතිය බැස යයි. යමෙකුට නැති දෙයකට ඇලීමක් වීම නොවිය හැකි වුවත්, එනම් ලෝභ නොවීමක් යන්න විමසන්නේ, එම පුද්ගලයාට නැති දේ කෙරෙහි, ඡන්දයක් තිබිය හැකි ය. සක්කාය දිට්ඨියක් නැති මේ අවස්ථාවේ, එය අස්මිති ඡන්දය නොවේ දැයි සිතිණ. එය එසේ ය. එසේ නම් අස්මිති ඡන්දය, කෙසේ අර්ථ දක්වන්නේ ද?
යම් අනර්ථයක් නොසිතන කෙනෙකුට, පවතින්නා වූ ජීවිත පැවැත්ම කෙරෙහි, හානියක් නොවෙන අයුරින්, අදහසක් තමාට තවම හිමි නැති දෙයක් කෙරෙහි හටගන්නේ ද, එය අස්මිති ඡන්දය ඉපදීම කෙරෙහි බලපායි. මෙය මෙතනින් අවසන් නොවේ. යම් දිට්ඨියක් ඒ නිසා හටගන්නේ ද, විඤ්ඤාණයක් සෑදීම සඳහා එය ප්‍රමාණවත් ද, එනම් සංස්කාර අධිමොක්ඛ සිදු වේ ද, එය අස්මිති ඡන්දයාගේ පැවැත්ම පිණිස පවතී. මෙයට 7.6 ප්‍රමාණවත් ය.
යම් ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට කැමැත්තක් මනුෂ්‍යයෙකුට ඇති වන්නේ ද, ඔහුට තවම එම ධ්‍යාන තලයේ වාසය හිමි නැති නිසා එහි සක්කාය දිට්ඨියක් නැත. ඒ නිසා ම අස්මිතියක් නැත. එනමුදු අස්මිති ඡන්දය තිබිය හැකි ය.
මෙසේ සඤ්ඤා මාත්‍රයක් මෙන් වූ අදහස, යම් අයෙකුට ගිලිහී යෑම ද විය හැකි ය. තව අයෙකුට එය සක්කාය දිට්ඨිය දක්වා ඔඩු දුවා විඤ්ඤාණයක් සෑදීම විය හැකි ය. මෙහි දී සඤ්ඤා මාත්‍රයක් මෙන් වූ අදහස ගිලිහී යෑම වන්නේ නම්, එහි අස්මිතිය පමණක් ඉතුරු වේ. එය පෙර ලගින ලද එවැනි ස්ථාන නිසා ඇති වූවකි.(*1)
සක්කාය දිට්ඨිය දක්වා ඔඩු දුවා, විඤ්ඤාණයක් සෑදීම වන්නේ නම්, එහි අස්මිති ඡන්දය ගැබ් වේ. මෙය එම ධ්‍යාන තලයේ ඉපදීම සමඟ සිදු වේ. මෙය වටහා ගැනීම සඳහා, මනුස්ස ලෝකයේ උදාහරණයක් විමසන්නේ, degree එකක් සමර්ථ වී රැකියා කරන තැනකට ඇතුළු වූ පසු අන් අය කරදර කරද්දී තමාව පහත දමන විට, එහි රැඳී සිටීමට මමත් ඔය degree එක සමර්ථ කළා යැයි යම් මානයක් වේ ද, එසේ වටහා ගත යුතු ය.
මෙසේ විමසන්නේ අස්මිති ඡන්දය සඳහා තලය මාරු වීම අවශ්‍ය වන කරුණක් බව වැටහේ. එය එසේ ය. මෙසේ අස්මිති ඡන්දය වටහා ගන්නේ, කුමන දහමක් මගින් එය පහ වේ ද? 16/08/2024 නිබ්බාන භාවනාව භාවිතා කර, දැනට පවතින අස්මිතිය පහ කළ හැකි වුවත්, එහි තලය මාරු කරන අවස්ථාවක දී, අස්මිති ඡන්දය නිසා ඉපදීම විය හැකි ය. මෙය සඳහා අරි අට මඟෙහි නොකඩවා පැවතීමක් සිදු විය යුතු ය. එය එසේ ය. එම පුහුණුව නොමැත්තේ නම්, අවසන් කිරීම ඉතා අපහසු වේ. එම පුහුණුව නොමැත්තේ නමුදු යම් අයෙකු පෙර කරන ලද කුසලයෝ හේතු කොට එසේ අවසන් කිරීම කළ හැකි ය. එනමුදු අස්මිතිය පහ කිරීම තිබිය යුතු ම ය.
අරි අට මඟ සිහි කරන්නේ සම්මා වායාම කොටසේ දී, නොවිඳිනා ලද ස්පර්ශයෝ නොවිඳීම සඳහා විරිය භාවිතා කළා. එනම් පළවන විරිය. පුද්ගලයන් අකුසලයන් කර ඉපදී ඇත්තේ යන සඤ්ඤාව සහිතව භාවිතා කළා. සම්මා සති කොටසේ දී, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද යෙදීම සිහි කළා. මෙය ම සතිය බවට පත් විය. එයින් ඇති වූ සමාධිය, කිසිදු තැනක නොපිහිටන සමාධිය ලෙස, එනම් 26/07/2024 නිබ්බාන භාවනාවේ දුන් සටහනේ, ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත්, නොයන ප්‍රඥා ස්කන්ධයේ කොටස් හතර සහිත සමාධිය ලෙස භාවිතා කළා.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ, අරි අට මඟ සිහි කරන්නේ, සම්මා වායාම කොටසේ දී නොවිඳිනා ලද ස්පර්ශයෝ නොවිඳීම සඳහා විරිය භාවිතා කිරීමේ දී, ජරා ගොඩක් යන්නට වඩා අකුසල් පොදියක් මෙන් දැකීම යොදා වෑයම් කරන්නේ, කට්ටය පනින්නාක් මෙන් හිසේ ප්‍රඥාව ඇති පැත්තේ අධික ලෙස විසාල වීම සිදු විය.
2. තව දිනක දී සවිතක්ක සවිචාර සමාධිය, දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, ආහාරයේ පටික්කූල සඤ්ඤාව සමඟ පළවන ධ්‍යානය ඇති වීමත් සහ විරිය, පුද්ගලයන් අකුසල් කර ඉපදී ඇත්තේ යන සඤ්ඤාව සහිතව භාවිතා කරනවිට ම, හත් වන ධ්‍යානය ඇති වීමක් සිදු විය. මෙහි දී ම ධම්මකාය මතු වීම සිදු විය. මෙසේ මෙම භාවනාවේ නිපුණත්වය ඇත්තේ, යම් රස දෙයකට තවත් රසක් එකතු කරනවිට රසය ම වැඩිවන්නාක් මෙන් මධුපිණ්ඩික සූත්‍රයේ මධුපිණ්ඩික යන අර්ථය මෙන් මෙම භාවනාව වැටහිණ.
3. 16/08/2024 නිබ්බාන භාවනාවේ අවසානයට එකතු කරන ලද තෙවෙනි කාරණය නොවිඳිනා ලද ස්පර්ශයෝ, නොවිඳීම සඳහා විරිය භාවිතා කිරීමේ දී වේදනා දෙසට නොයෑම සඳහා යොදා ගන්න. එහි සතිය ලෙස, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය යන දහම විමසීමේ දී සක්කාය දිට්ඨියට නොඇලෙන්නේ යැයි යොදා විමසා බැලීම, වේදනා දෙසට නොයෑම මෙන් යොදා, සතිය පිහිටුවන්න. මෙහි දී සිත ඉතා විසාල වී කිසිදු සක්කාය දිට්ඨියක නොඇලීම සිදු වේ. එය ම නිර්වාණය වේ. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 31/08/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) තවත් ආකාරයකට සිතනවා නම්, තමාගේ කයක් දැන් පවතින නිසා ඇති වේ, කියලා එකතු කරන්න පුළුවන්.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්