Date: 30/08/2024 Name: Nibbana

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

1. මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයට අනුව, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම්, වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම් වලින් තොර වේ. මෙසේ දකින්නේ තණ්හාව නිසා දුක ඇති වන බව අවබෝධ වේ. මෙම ධර්මතාවය, සක්කාය දිට්ඨියට නෑලීම පිණිස, යොදා ගත යුතු ය, යනුවෙන් 16/08/2024 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගතිමු. එම භාවනාව මගින් සක්කාය දිට්ඨිය ඉවත් කිරීම කුමන ආකාරයකට කළ යුතු දැයි වටහා ගත්තා.

2. ඉහත 1 කරුණ, තවදුරටත් පෝෂණය වීම, 23/08/2024 නිබ්බාන භාවනාව මගින් සිදු වූ අතර එහි අවසානයට එකතු කරන ලද තුන් වෙනි කාරණයේ දී නොවිඳිනා ලද ස්පර්ශයෝ නොවිඳීම සඳහා විරිය භාවිතා කිරීමේ දී වේදනා දෙසට නොයෑම සඳහා යොදා ගන්න, යැයි පැවසුවා. එහි සතිය ලෙස, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය යන දහම විමසීමේ දී, සක්කාය දිට්ඨියට නොඇලෙන්නේ යැයි යොදා විමසා බැලීම, වේදනා දෙසට නොයෑම මෙන් යොදා, සතිය පිහිටු වීම කළ අතර, මෙහි දී සිත ඉතා විසාල වී කිසිදු සක්කාය දිට්ඨියක නොඇලීම සිදු වේ. එය

ම නිර්වාණය වේ, යනුවෙන් ඉගෙන ගත්තා. එම භාවනාව මගින් අස්මිති ඡන්දය ඉවත් කිරීම, කුමන ආකාරයකට කළ යුතු දැයි වටහා ගත්තා.

දැන් පවතින තමාගේ කය නිසා ඇති වූ සක්කාය දිට්ඨිය අතහරින්නේ, තවම නොගන්නා ලද අනාගත කායවල් කෙරෙහි ඇති විය හැකි අස්මිති ඡන්දය අතහරින්නේ, කුමක් ඉතිරි විය හැකි ද? මෙය අස්මිති මානය නොවේ දැයි වැටහිණ. එය එසේ ය.

එසේ නම් කාරණා දෙකකින් අස්මිති මානය අර්ථ දැක් විය හැකි ය.

a දැන් පවතින විද්‍යාමාන වූ කය නිසා පවතින්නා වූ සක්කාය දිට්ඨිය.

b බාහිර පුද්ගලයකුගෙන් අසා දැන ගැනීම නිසා හෝ තමා විසින් දැක ඇති නිසා හෝ ඇති වන්නා වූ අස්මිති ඡන්දය.

ඉහත අහන ලද දේ මතු වීම හෝ තමා ම දැක ඇති දේ ලබා ගත හැකි ලෙස හැඟීම් ඇති වීම ම, අස්මිති මානය ලෙස වැටහිණ.

අස්මිතී මානයාගේ පහ කිරීම සඳහා කුමක් විශේෂිතව භාවිතා කළ යුතු ද? මෙය සම්මා සමාධියෙන් පරිවාර වූ ප්‍රඥා ස්කන්ධය බව කිව යුතු ය. එය කෙසේ පුහුණු කරන ලද්දේ අස්මිති මානය ඉවතලීම පිණිස හේතු වේ ද? ප්‍රත්‍ය වේ ද? පෙර ලගින ලද තැන්වල සිත නොපිහිටීම සඳහා මෙහි අධික වෑයමක් කළ යුතු ය. එය භාවනාව තුළ දී ධ්‍යාන තලයන් ලෙස හෝ තමාට මනාප වූ රූපයන් ලෙස හෝ පෙර විඳිනා ලද එවැනි වේදනාවන් කෙරෙහි ඇති වූ සඤ්ඤා මනසිකාරයෝ ලෙස හෝ මතු විය යුතු ම ය.

එසේ මතු වන විට දී පවා, 23/08/2024 නිබ්බාන භාවනාව භාවිතා කර එහි අවසානයට එකතු කළ තුන් වන කාරණය යොදා එම මතු වන දේ කෙරෙහි මෙයත් තවත් සක්කායක් ම පමණක් බව වැටහිය යුතු ම ය. තම සක්කාය රෝගී බව 09/08/2024 ධම්මකාය භාවනාවේ දී සිහි කළාක් මෙන් වටහා ගෙන එය භාවිතා කළ යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Dhammakaya.jpg


MM_16_08_2024.jpg