Date: 06/09/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

30/08/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි පළවන කාරණයේ දී, මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයට අනුව, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම්, වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම්වලින් තොර වේ. මෙසේ දකින්නේ තණ්හාව නිසා දුක ඇතිවන බව අවබෝධ වේ. මෙම ධර්මතාවය, සක්කාය දිට්ඨියට නෑලීම පිණිස යොදා ගත යුතු ය, යනුවෙන් භාවිතා කරන ලදී. සටහන 1 බලන්න.

MM_06_09_2024_D1.jpg

එහි දෙවෙනි කාරණයේ දී, නොවිඳිනා ලද ස්පර්ශයෝ නොවිඳීම සඳහා විරිය භාවිතා කිරීමේ දී වේදනා දෙසට නොයෑම සඳහා යොදා ගන්න, යැයි පැවසුවා. එහි සතිය ලෙස, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය යන දහම විමසීමේ දී, සක්කාය දිට්ඨියට නොඇලෙන්නේ යැයි යොදා විමසා බැලීම, වේදනා දෙසට නොයෑම මෙන් යොදා, සතිය පිහිටුවීම කළා. සටහන 2 බලන්න.

MM_06_09_2024_D2.jpg

මෙසේ වේදනා සහ සක්කාය දිට්ඨි යන යුගලයට නොඇලීම වටහා ගත යුතු ය.

මෙහි දී, 17/12/2015 ශ්‍රද්ධා 3 භාවනාවේ දී පැවසූ ධර්මතාවයෝ ඉහත දෙවන කාරණයේ දී සඳහන් කළ ධර්මයට කෙසේ යෙදේ ද? සටහන 3 බලන්න.

MM_06_09_2024_D3.jpg

මෙහි දී දක්වා ඇත්තේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමට පෙර අවස්ථාවක් ය. එය සුඛ දිට්ඨි විපල්ලාසය වීමට පෙර අවස්ථාවක් වේ. 4.4 මෙයට ප්‍රමාණවත් ය. එනම් අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම, 3.2 සිට 4.4 ප්‍රමාණවත් ය.

යම් සුඛයක් වී ද එය අත්තා කරගැනීම, පරාමාසගත වීමෙන් අනතුරුව සිදු වන බව වටහා ගැනීම, මෙයට උදව් උපකාර කරයි. කෙසේ ද? යම් දහමක් විඳී ද එය හඳුනයි. එම හඳුනා ගැනීම දුක නම්, තවදුරටත් විඤ්ඤාණ දක්වා ගෙන යෑමට විඤ්ඤාණ ධාරාව උත්සුක නොවේ. උත්සුක කියන්නේ eager, strongly wanting to do, මහත් ඕනෑකම් ඇති. කුමක් නිසා ද? එහි ගැම්ම සංස්කාරවලින් සැපයීම නොවන නිසා ය. තව ද මෙසේ සංස්කාරවලින් ගැම්මක් ඇති නොවන්නේ නම්, විඤ්ඤාණය අලස බවට පත් වේ. එමගින් අලුත් දිට්ඨීන් සෑදීම සඳහා උත්සුක නොවේ. එනම් මෙහි පෙන්වා දී ඇත්තේ 50% පාර නොවීම ය. දිට්ඨි ආශ්‍රව දක්වා පමණක් යෑම ය.

මෙහි කුමන අර්ථයකට බැලුවත්, ජීවිත ඉන්ද්‍රිය අඩපණ වීම වැනි දෙයක් ඇත. එමගින් සක්කාය දිට්ඨි නොසාදයි. පෙර ගත්තා වූ දහම් මගින් දිවීම නිසා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව තිබිය හැකි ය. මෙය පිණ්ඩපාත වඩින භික්ෂුව අද ආහාර නොලැබුණත් මීට පෙර ලැබුණ නිසා, හෙට ලැබේවී යයි සිතනවාක් මෙනි. සඤ්ඤාව දුක නම් එහි මනා කොට බැස ගනී නම් එමගින් කාම ආශ්‍රව බැස යන්නේ එම ධර්මතාවයෝ ද බැස යෑම සඤ්ඤාව දුක බව අවබෝධ වීම නිසා ගිලිහී යයි. මෙහි කුමක් ඉතුරු වේ ද? යම් දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑමෙක් නොවන බව මෙමගින් වටහා ගත හැකි ය. මෙපමණකට මෙම ධර්මතාවයෝ පවත්වන්නේ, එහි නිර්වාණය ගැබ් වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ දෙවන සටහනට පසුව වේදනා සහ සක්කාය දිට්ඨි යන යුගලයට නොඇලීම සිහි කරන්නේ, බුදුපියා පරිස්සම් වන්න යැයි පවසන්නේ, මම අකනිට්ඨාවට එමි යැයි සිත පිහිටුවීම සමඟ භාවනාවේ ඉතුරු කොටස කරන්නේ සක්කාය දිට්ඨියක් සාදාගෙන නොවේ දැයි සිතිමි. තව එක භවයක් හෝ ඇත. බුදුපියවරුන්ට තව භවයක් නැත. ඒ නිසා ම සක්කාය දිට්ඨියක් ද නැත. බුදුපියවරුන්ට සක්කාය දිට්ඨියකින් තොරව බැලීම ඇති යැයි සිතන්නේ, සිත serious විය. එවැනි තත්ත්වයකට පත් වන්නේ ලෝක දහමේ සිත නොපිහිටයි. වේදනා දෙසට නොයෑම ඉතා ම පහසු බව වැටහිණ. “Excellent” යැයි බුදුපියා පැවසුවා.

අපි ගිහි ජීවිතය ගතකරනවිට ආහාර ඇත්තේ, හෙට ජීවත් වෙමියි යන සක්කාය දිට්ඨිය ඇත. ඒ නිසා වූ නිත්‍යභාවය ඇත. පිණ්ඩපාත වඩින භික්ෂුවට එය වෙනස් ය. මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මයේ ගාම්භීරත්වය, මෙසේ සටහන් 1, 2, 3 සමඟ වැටහෙන්නේ, බුදුපියාගේ ප්‍රඥාව මෙසේ වන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව මට හිතාගත නොහැකි යැයි සිතන්නේ, කන් දෙපැත්තෙන් විසාල වීමක් සිදු විය. එය එසේ යැයි බුදුපියවරු පැවසුවා. කන් දෙපැත්තෙන් විසාල වීම, ලෝකය කෙරෙහි ඇති වුණ අප්‍රමාණ වූ කරුණාව නිසා සිදු වන්නක් බව බුදුපියා පැවසුවා. එනම් දුක්ඛය යන ප්‍රශ්නය, එතරම් දක්ෂව තථාගතයන් වහන්සේට විසඳිය හැකි ය.

2. මෙම භාවනාව කරන්නේ ඵල චිත්තය ඉතා ශාන්තව පවතී. Tension නැත. ශාන්ත වූ ආලෝක ස්වභාවයක් මනසේ පවතී.

3. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර පරාමාසගත වූ පසු බිඳී යන්නේ නම්, 4.4 දී දිට්ඨි ආශ්‍රව ඇති වේ. අපි දන්නවා 10/05/2024 දිට්ඨි ආශ්‍රව භාවනාවෙන් 4.4 දක්වා යන්නේ පහළ ධාරාව දිට්ඨි ආශ්‍රව දක්වා පැමිණීම සිදු වේ, යනුවෙන්. ඒ කියන්නේ වේදනාව පැත්තෙන් පරාමාසයට එනවා, එතැන සුඛ චිත්තය, ඊළඟට මෝහයේ ඉඳන් පරාමාසයට එනවා අවිද්‍යා පච්චයා සංඛාරා කියලා. 4.4 අවස්ථාව.

4. හැත්තෑ දෙනෙකු මෙම ධර්මයෙන් නිවන් දකින්නේ ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 14/09/2024

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මේකට තව කාරණා තුනක් එකතු කරන්න පුළුවන්.

5. සටහන 1 සක්කාය දිට්ඨියට ඇලීම ඉවත් වීම, දැන් නිත්‍ය ඉවත් වීම, සංස්කාරවලින් තවදුරටත් ගැම්මක් සැපයීම නොකරයි. සටහන 2 සක්කාය දිට්ඨියට ඇලීම ඉවත් වීම වන්නේ වේදනා දෙසට නොයයි. එනම් වේදනාවට ඇලීම ඉවත් කරයි. මෙහි විඤ්ඤාණ ධාරාව අඩපණ වී ඇති නිසා, මැරෙන්න යන අයෙකුට රස ආහාරයක් අන් අය භුක්ති විඳින බව දැක එය කෙරෙහි අත දිගු කිරීමක් නොවන්නේ යම් සේ ද, එසේ ම වේදනා සඳහා කළ යුතු ක්‍රියාවලියක් සිදු නොකරයි. එහි ම නිර්වාණය ගැබ් වේ. මෙසේ සටහන 1 සහ 2 මගින් වන ක්‍රියාවලිය වටහා ගත යුතු වේ. මෙසේ සිතන්නේ සිත serious වේ. ඵල චිත්තය නැංවී මනා කොට පවතී.

6. තව ද මෙහි කුමන අර්ථයකට බැලුවත් ජීවිත ඉන්ද්‍රිය අඩපණ වීම වැනි දෙයක් ඇත, යන්න ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය දේ නොලැබීම ලෙස ගන්න.

7. සක්කාය දිට්ඨියට ඇලීම ඉවත් කිරීම සිහි කරනවිට චේතනාවෙන් දකුණු පැත්තේ ධර්මයන් ඉවත් කරන ලෙස සිතන්න. උදාහරණ වශයෙන් තමාට සහල් වැනි ආහාර ඇත, යන්න සිතන්න. ඒ නිසා ජීවත් වීම, ජීවිත ඉන්ද්‍රිය පැවැත්ම ගැන සිතන්න. වේදනාවට ඇලීම ඉවත් කිරීම සිහි කරනවිට චේතනාවෙන් වම් පැත්තේ ධර්මයන් ඉවත් කරන ලෙස සිතන්න. උදාහරණ වශයෙන් රස ආහාරයකට ඇලීම ඉවත් කිරීම ලෙස සිතන්න. එනම් chocolate නිසා වන වේදනාවට ඇලීම ඉවත් කිරීම ලෙස සිතන්න. රස ආහාරයකට ඇලීම, එනම් chocolate නිසා සක්කාය දිට්ඨියට ඇලීම සිතීම ධර්මය වරදවා සිතීමකි. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.