ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
06/09/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී වේදනා සහ සක්කාය දිට්ඨි යන යුගලයට නොඇලීම සාකච්ඡා කළා. ඉන් අනතුරුව සටහන 3 විමසන්නේ එහි දක්වා ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීමට පෙර අවස්ථාවක් බවත්, එය සුඛ දිට්ඨි විපල්ලාසය වීමට පෙර අවස්ථාවක් වේ. 4.4 මෙයට ප්‍රමාණවත් ය. එනම් අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම 3.2 සිට 4.4 ප්‍රමාණවත් ය, යනුවෙන් සාකච්ඡා කළා.
22/03/2024 නිබ්බාන භාවනාව අවසානයට එකතු කරන ලද, තුන් වෙනි කාරණයට සිත යොමු වුණා. එනම් අවිද්‍යා අනුසය ඇති වන, භය අගති සිට ජාති දක්වා, 7.6, 7.7, 8.2 යන්නෙහි, 7.6 සිට 7.7 කොටස විමසන්නේ, මෙහි වේදනාවට උඩින් රූප වේදනා චේතනා cone එක, 7.2 සිට 7.4 දක්වා කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීම යන්න විමසා බැලුවා. එහි දී අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා, 4.4 දී ඇති වුණු බලපෑම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසුවා. පහළ ධාරාවේ ඉතිරි කොටස පමණක් යෑමට මේ වන විටත් අඩිතාලම වැටී ඇත්තේ, ඉබ්බා දියට දැමූ විට සතුටු වන්නාක් මෙන් භවරාග අනුසය සහිතව ම, දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ගමන් කිරීම සිදු වේ, යනුවෙන් සාකච්ඡා කළා.
06/09/2024 නිබ්බාන භාවනාවේ දී පෙන්වා දුන්, දිට්ඨි ආශ්‍රව දක්වා පමණක් යෑම කෙසේ වන්නේ ද? යම් දහමක් විඳී ද, එය හඳුනයි. එම හඳුනා ගැනීම දුක නම්, තවදුරටත් විඤ්ඤාණ දක්වා ගෙන යෑමට විඤ්ඤාණ ධාරාව උත්සුක නොවේ, යන ධර්ම කොටස තවදුරටත් විමසා බැලුවා. මෙහි දී 12/04/2024 නිබ්බාන භාවනාව සාකච්ඡාවේ දී දෙවනියට එකතු කරන ලද කරුණ සිහි විය.
එනම් ජාති නිරෝධය නැති නම්, ඉපදීම ඕනි යැයි කියන්නේ නම්, භවය නිරෝධ නොවේ. මෙසේ විමසන්නේ, පටිච්චසමුප්පාදයේ පහළ සිට තණ්හාව දක්වා වූ කොටස් නිරෝධ නොවී, තණ්හාව නිරෝධ කරගත නොහැකි ය. මෙය පහළ පුරුක් ලෙස භාවිතා නොකළ යුතු ය, පහළ ධර්මයන් ලෙස භාවිත කළ යුතු ය. තවදුරටත් විමසන්නේ, සම්මා ආජීවය නැති නම් ජාති නිරෝධ වීමක් කළ නොහැක. මෙම ධර්ම කරුණ භාවිතා කරන්නේ, සඤ්ඤාව දුක වශයෙන් දැකීම නොවන අයකුට පටිච්චසමුප්පාදයේ කිසියම් පුරුකක් කෙරෙහි සිත පිහිටීම වැළැක්විය නොහැක. සඤ්ඤාව දුක වශයෙන් යමෙකු මනා කොට දකී නම්, ඔහු පටිච්චසමුප්පාදයේ කිසිම පුරුකක සිත පිහිටීම නොවන අයුරින් සිත පැවැත්ම, 06/09/2024 නිබ්බාන භාවනාව භාවිතා කිරීමෙන් සිදු කළ හැකි අතර, එසේ වන්නේ නම් කුමන දහමක් නිසා ඉපදීම විය හැකි ද? මෙය අස්මිති අනුසය බව පැවසිය යුතු ය.
අස්මිති අනුසය කුමන දහමක් මගින් පහ වේ ද? මෙයට ආර්ය වූ සම්මා සමාධිය අරි අට මඟේ ඉතුරු කොටස් හත පරිවාර වන්නේ, එවැනි සම්මා සමාධියකින් පමණක් ඉවත් වේ. එසේ පවසන්නේ කුමක් නිසා ද? එහි නිර්වාණය පමණක් ගැබ් වන නිසා ය. ලැගපු තැන් හෝ ලැග සිටින තැන් හෝ ලගින්න යන තැන් හෝ නිසා වන්නා වූ යම් අස්මිති අනුසයක් වේ ද, එය එහි නොරැඳේ.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ ජාති නිරෝධය නැතිනම්, ඉපදීම ඕනි යැයි කියන්නේ නම්, භවය නිරෝධ නොවේ. මෙසේ විමසන්නේ, පටිච්චසමුප්පාදයේ පහළ සිට තණ්හාව දක්වා වූ කොටස් දක්වා විමසන්නේ උපාදාන එපා යැයි කියන්නේ, එහි දී උපාදාන යන්න, වේදනා සහ සක්කාය දිට්ඨි යන යුගලයට ඇලීම ලෙස මෙනෙහි කළා. එය එසේ යැයි බුදුපියා පැවසුවා.
උපාදාන ලකුණු කරන, රේඛා විමසන්නේ එය එසේ බව මනා කොට වැටහේ. එම දෙආකාර වූ ධර්මයෝ ඉවත් නොවන්නේ නම්, එනම් වේදනා සහ සක්කාය දිට්ඨි යන යුගලයට ඇලීම ඉවත් නොවන්නේ නම්, තණ්හාව ඉවත් කළ නොහැකි ය.
2. මෙම භාවනාව කිරීම මගින් balance මනසක් ඇති වේ. 27/05/2022 නිබ්බාන භාවනාවේ දී balance ලෙස ඇති වූ සමාධිය මෙන් ම දැනේ. එම භාවනාවේ දී අපි ඉගෙන ගත්තා, මෙහි දී සමාධිය balance ය. හිසෙහි දෙපැත්ත ම එක ම තත්වයකට දැනේ. එමනිසා මෙසේ සිටින්නට හැකි නම් යැයි සිතෙන්නේ තම සක්කාය දිට්ඨිය නිසා අජ්ඣත්තං, ඇතුළත හැකිළුණු ඡන්දය. අජ්ඣත්තං සංඛිත්‌තො ඡන්දො යන්න හෙළිදරව් වේ. මෙවැනි චිත්ත සංස්කාරයන් පහළ වන්නේ, එයට ම අස්මිතිය ඇති වේ. මෙහි යම් බැස ගැනීමක් වේ ද, එමගින් අස්මිති මාන ඇති වේ. මෙම මුළු ක්‍රියාවලිය ම පටිච්චසමුප්පන්නව සිදු වන බව දැන, එනම් විචිකිච්ඡාවේ සමුදය දැන, නිවනින් පිටත වූ දෙයක් මගේ යැයි නොගනී. ඇති වුණා වූ මානය, එනම් උඩ සක්කාය දිට්ඨිය පහළ විචිකිච්ඡා අනුසය මගින් සනාථ කිරීම මගින් වන මානය බැස යන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි, යනුවෙන් එනම් balance තත්වයට සිත පත් වීම, සංස්කාරයන් මගින් සිදු වන්නේ, එයත් පටිච්චසමුප්පන්නව සිදු වන බව දැන, එහි සිත නොපිහිටිය යුතු ය. මෙය විමංසා ඉද්ධිපාදය මගින් ම පමණක් සිදු කරනු ලබයි. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.