Date: 20/09/2024 Name: ශාන්ත සුවිමුත්ත චිත්ත

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/03/2024 අනුසය භාවනාවේ දී ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක භ්‍රමණය වීම වන්නේ, 7.4 සිට 7.6 දක්වා යන්නේ, මෙහි දී කාම තණ්හාවේ බලපෑම සහිතව, මෙම තුන් උපාදානයන් ස්ථිර වන්නේ, භවරාග අනුසය ඇති වන බව සාකච්ඡා කළා.

MM_20_09_2024_D3.jpg

7.6 අවස්ථාව අස්මිති ඡන්දයාගේ පැවැත්ම පිණිස පවතින බව අපි දනිමු.

s_bavaraagaanusaya.jpg

Area 1 වල කබලිංකාර ආහාරයයි ස්පර්ශයයි වේදනාවයි ගිද්ධිලෝභයයි, තියෙන belt එක කරකවනවා. මේ belt එක කැරකුවාට පස්සේ ඒක මගින් ඇති වෙනවා කාමරාග අනුසය තියෙන area 6. Area 6 වලින් වම් අත පැත්තෙන්, නන්දිය සහගතව ඇති වෙනවා belt එක, වේදනාවයි ගිද්ධිලෝභයයි ජාතියයි ආපහු වේදනාවයි, area 2. මෙම area 6 සහ area 2 බන්ධනය කාම තණ්හාව මගින් සිදු කරනු ලබයි. මේ නිසා අත්තවාද උපාදානය දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය ස්ථීර වන්නේ, භවරාග අනුසය ඇති වේ.

මෙහි දී area 2 වල බලපෑම සහිතව ඇති වන වේදනාවන්ට ඇලීම සිදු වන බව සිතන්න. මෙසේ සිතන්නේ සක්කාය දිට්ඨියට ඇලීම වශයෙන් කුමන ප්‍රදේශයක් ගත යුතු ද? දී ඇති සටහන 1 බලන්න.

MM_20_09_2024_D1.jpg

එහි area 6 වල පරාවර්තනය වන ප්‍රදේශය තැඹිලි පාටින් පෙන්වා ඇත. එම ප්‍රදේශයට ඇලීම, සක්කාය දිට්ඨියට ඇලීම වශයෙන් ගත යුතු ය. එනම් නාමරූප සිට සෝකය දක්වා යන රේඛාව සහ වේදනා සිට පරාමාස දක්වා වූ රේඛාව, කැපෙන සන්ධිස්ථාන‍යේ සිට, පරාමාස, නාමරූප යන ස්ථාන තුන මගින් පෙන්වා දෙන ප්‍රදේශය. මෙම ප්‍රදේශය මගින් අස්මිති අනුසය නිරූපණය කරනු ලබයි.

මෙහි දී නන්දිය සහගතව ඇති වන belt එක, එනම් area 2 වේදනාව ගිද්ධිලෝභය ජාති මගින් ඇති වන බලපෑම, නාමරූපවලින් නිරූපණය කරගන්න. එහි වේදනාවට ඇලීම ඇත. සක්කාය දිට්ඨියට ඇලීම, පරාමාසය මගින් නිරූපණය කරගන්න.

නාමරූප සිට සෝකය දක්වා යන රේඛාව සහ වේදනා සිට පරාමාස දක්වා වූ රේඛාව කැපෙන සන්ධිස්ථාන‍ය, තණ්හාව වශයෙන් ගන්න. මෙය කුමන තණ්හාවක් ද? කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යනුවෙන් සඳහන් කරන තණ්හාව වශයෙන් ගන්න.

මෙසේ විමසන්නේ අස්මිති අනුසය තුළ ගැබ්ව ඇත්තේ සක්කාය දිට්ඨියට ඇලීමත් තණ්හාව මගින් නිරූපණය කරන දහමුන් සහ වේදනාවට ඇලීම නිරූපණය කරන නාමරූප අගයෝ ය. සටහන 2 බලන්න.

MM_20_09_2024_D2.jpg

එහි සක්කාය දිට්ඨියට ඇලීම වන ප්‍රධාන ස්ථානය, පරාමාසකායගන්ථය ලෙස ලකුණු කර ඇත.

මෙහි මුළු පටිච්චසමුප්පාදය ම ඇතුළත් වේ යැයි බුදුපියා පැවසුවා. කෙසේ ද? වේදනාව නිසා වන තණ්හාව ඇත. කාම තණ්හාවේ බලපෑම සහිතව, අත්තවාද උපාදානය දිට්ඨි උපාදානය සහ සීලබ්බත උපාදානය, ස්ථීර වීම නිසා වන භවරාග අනුසය බලපෑම සහිතව වන භවය ඇත. භවයෙන් ජාතිය. 7.6 සිට ජාති වේදනා භය අගති cone එක භ්‍රමණය වී රූප අගයෝ ජාති දක්වා ගෙන යෑම වන්නේ, දුක හටගනී.

මෙසේ ජාතිය ඇති කරගත් සත්වයා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ කරයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ කාමරාග අනුසය රේඛාවේ ලකුණු කරන බව අපි දනිමු. සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ, එම රේඛාවේ ම ලකුණු වේ. එනම් අස්මිති අනුසය නිරූපණය කරන ලබන ප්‍රදේශයෙහි පරාවර්තනය වන ප්‍රදේශය area 6 ය. එමගින් වන අවිද්‍යාව සහ මෝහය මගින් සිදු වන ක්‍රියාවලියයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ ශාන්ත සුවිමුත්ත චිත්තය ඇති වේ.

2. කිසිවක් ඉවත් කිරීමට උත්සාහයක් නොකර මෙසේ වන්නේ කුණු ගොඩක් ලෙස මුළු ලෝකය ම දැන, එහි සිත නොපිහිටන නිසා බව බුදුපියා පැවසුවා.

3. අස්මිති අනුසය නිරූපණය කරනු ලබන ප්‍රදේශයෙහි සිට ලෝකය දෙස බලන්නාක් මෙන් සිතන්න. ශාන්ත සුවිමුත්ත චිත්තය මනා කොට පවතී. උදාහරණ වශයෙන් අස්මිති අනුසය නිරූපණය කරනු ලබන ප්‍රදේශයෙහි පරාවර්තනය වන ප්‍රදේශය, area 6 ය. අස්මිති අනුසය සහිත සත්වයෝ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් කරයි. මෙසේ සිතීම සමඟ ශාන්ත සුවිමුත්ත චිත්තය ම පවතින්නේ මුළු මණ්ඩලයට ම කෘතඥතාවය පළ කළා, මෙය මධුපිණ්ඩිකයක් මෙනි යැයි පවසා. “අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛං” යන අර්ථය යම් පමණකට හෝ වැටහෙන්නේ දැන් ය. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 28/09/2024