ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
06/09/2024 නිබ්බාන භාවනාවේ සටහන 2 මෙනෙහි කරන්න.
සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද, පෙර විමසා ඇත. මෙහි නිත්‍ය දිට්ඨි විපල්ලාසයේ බලපෑම reverse direction එකට, එනම් පරාමාස සිට ජීවිත ඉන්ද්‍රිය දෙසට යොදා විමසා බැලුවා.
තව ද එම භාවනාවේ සාකච්ඡාවේ දී එකතු කරන ලද පස් වන කාරණය, එනම් මෙහි විඤ්ඤාණ ධාරාව අඩපණ වී ඇති නිසා, මැරෙන්න යන අයෙකුට රස ආහාරයක් අන් අය භුක්ති විඳින බව දැක, එය කෙරෙහි අත දිගු කිරීමක් නොවන්නේ යම් සේ ද, එසේ ම වේදනා සඳහා කළ යුතු ක්‍රියාවලියන් සිදු නොකරයි යන්න සිහි කරන්න. චේතනා සිට ජීවිත ඉන්ද්‍රියට පැමිණෙන්නා වූ ධර්මතාවයෝ වන, සුභ චිත්ත විපල්ලාසය විමසීම කළා. මෙය සුඹුල මෙන් වූ රූප අගයෝ ම ගෙන යෑම ලෙස සාකච්ඡා කර ඇත. එහි වේදනා සඤ්ඤා වැනි ධර්මතාවයෝ, එම සුඹුල වටේ ඔතන හොටු මෙන් විමසා ඇත. දී ඇති සටහන බලන්න.
එහි a නිත්‍ය දිට්ඨි සහ b සුභ යන චිත්ත විපල්ලාසය යන අගයන් දෙක, ජීවිත ඉන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් වන්නේ නම් පමණක්, එහි හැකියාව වටහා ගැනීම සඳහා පමණක්, විඤ්ඤාණ සිට පැමිණෙන පදුට්ඨමනසඞ්කප්ප අගයෝ විමසීම කරනු ලබයි. එය මේ තාක් පවතින්නා වූ විඤ්ඤාණ ධාරාවට හානියක් වන්නේ ද යන්න දැන ගැනීම සඳහා පමණි. මෙය පෙර ඉගෙන ගත් ධර්මතාවයන්හි නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය, විඤ්ඤාණයේ තිබූ පෙර අගය සමඟ සසඳා බලා ධාරාව ගැලීම වන්නේ නම්, ජීවිත ඉන්ද්‍රියේ සිට ඉදංසච්ච දක්වා කාමේසු තිබ්බසාරාගා වශයෙන් තථාගතයන් වහන්සේලා නියම කරන ධර්මතාවයේ උපකාරයෙන් ඉදංසච්චගත වීම වන්නේ, දුක අමතක කර ඉදිරියට ධාරාව ගෙන යෑමට ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වේ. මෙය ජීවිත ඉන්ද්‍රිය දක්ෂිණාවර්ත ව කැරකැවෙන අවස්ථාව ය.
එසේ නොවන්නේ නම් එහි අඩපණ වීම ඇති අතර රෝගියෙකු මෙන් හැසිරේ. ථීනමිද්ධය හටගනී. මෙසේ චෛතසිකයන්ගේ අකර්මණ්‍යතාවයට මෙම දහමුන් තුඩු දීම වී ඇත්තේ, ධාරාව පහළ සංස්කාර පරිදේව කොටුව දක්වා නොගලයි. මෙසේ විමසන්නේ ථීනමිද්ධ අවස්ථා කීපයක් ඇති යැයි වැටහේ.
1. ථීනමිද්ධ ඇති වුවත් ධාරාව ගලන අවස්ථාව. මෙය bell shaped curve එකේ A, B ආසන්න අවස්ථාව. එනම් තීරණයක් ගැනීමට අපහසු වුණත් තව අයෙකුගේ උපකාරයෙන් ගලයි. කුමන අයෙකු ද? අවිද්‍යාව බව කිව යුතු ම ය. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම එයට බලපායි.(*1) මෙය a නිත්‍ය දිට්ඨි සහ b සුභ යන චිත්ත විපල්ලාසය යන අගයන් දෙක ම දුර්වල අවස්ථාව.
2. 08/12/2023 නිබ්බාන භාවනාවේ 2(a) කාම ලෝකයේ ඉපදීම 7.7, 8.2. මධ්‍යම ප්‍රමාණයට line 5 හරහා කෙසේ ගලයි ද? ඒ ඉදංසච්චයේ බලපෑම නිසා ය. කිසි දෙයක් නොලැබෙන විට, මෙසේ වෙන්න බැරි යැයි, පෙළක් අය කියන අවස්ථාව ලෙස සිතන්න.(*2) මෙහි 2(b) නොයෙදේ. කුමක් නිසා ද? විඤ්ඤාණයේ තිබූ පෙර අගය සමඟ සසඳා බැලීමට තරම් දෙයක් නොලැබේ. එනම් නිත්‍ය දිට්ඨි විපල්ලාසය මගින් අවශ්‍ය කාරණා සැපයීමක් නොකරන තරමට දැන් පවතින රූපය දුර්වල ය. 2(c) නොයෙදේ. ජීවිත ඉන්ද්‍රිය අඩපණ ය. ධ්‍යාන තලවල ඉපදීම ඇති කරන සිතෙහි ඒකාග්‍රතාවයට තුඩු දෙන ධර්මයෝ මෙහි නැත. ධ්‍යාන සුවයක් නොවිඳින කෙනෙකු ගැන සිතන්න. මෙහි b සුභ යන චිත්ත විපල්ලාසය දුර්වල ය, a නිත්‍ය දිට්ඨි අගය b ට වඩා ප්‍රබල ය (a > b).
3. 18/01/2016 උපෙක්ඛා අප්‍රමාණ භාවනාවේ දී විමසන ලද ධර්මය. අත්තා යන චිත්ත විපල්ලාසය, ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද? මෙහි line 7 විමසන්න. Line 7 දුර්වල වූ අත්ත සඤ්ඤාවේ සිට අත්ත දිට්ඨි දක්වා ධර්මයෝ. මෙහි පරාමාස වූ අත්ත දිට්ඨි නිසා පරාමාසයේ උපකාරයෙන් ධර්මයෝ ගලයි. මෙහි a නිත්‍ය දිට්ඨි දුර්වල ය, b සුභ යන චිත්ත විපල්ලාස අගය, a ට වඩා ප්‍රබල ය (b > a). ජීවිත ඉන්ද්‍රිය අඩපණ ය. ඒ නිසා ධ්‍යාන තලවල ඉපදීම සිදු නොවේ.
මෙසේ විමසන්නේ ජීවිත ඉන්ද්‍රිය අඩපණ වූ විට, දුර්වල වූ අත්ත සඤ්ඤාවේ සිට අත්ත දිට්ඨි යන්නෙහි වැඩි ම වූ අගය වන අත්ත දිට්ඨි යන්න, එනම් මධ්‍යම ප්‍රමාණයට ගලන අවස්ථාවේ වූ අගය, යොදා ගන්නවා යැයි වැටහේ. එනම් එක අවයවයක් දුර්වල වූ අයෙකු, දුර්වල නොවී පවතින වෙන අවයවයක් භාවිතයෙන් ජීවිතය පවත්වයි ද, මෙය එසේ වටහා ගත යුතු ය. උදාහරණ වශයෙන් හෘදය වැඩි දුර්වලකමක් නැති දියවැඩියාව සෑදී ඇති අයෙකු, දිවීම මගින් ජීවිත පැවැත්ම පවත්වනවා මෙනි.
ඒක තමයි භාවනාව.
මේකට කාරණාවක් එකතු කරනවා නම්,
පහළ සංස්කාර, පරිදේව කොටුව අවට ධර්මතාවයෝ සිහි කිරීම ඉතා අපහසු වේ. සිත slow වීම නිසා ය. වචනයක අකුරු අතර දුර ඉතා වැඩි ය. මෙය කුමක් නිසා දැයි බුදුපියාගෙන් විමසන්නේ, අට ස්ථානයක් මනා කොට දනී නම්, එසේ වන බව බුදුපියා පැවසුවා. එනම්, චේතනා විඤ්ඤාණ ඉදංසච්ච පරාමාස ජීවිත ඉන්ද්‍රිය පරිදේව භය අගති මෝහ, යන අට ස්ථාන. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 12/10/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට ටිකක් එකතු කරනවා නම්, ඔය line 6 හරහා ගලන දුර්වල නොවී පවතින සුඛ සඤ්ඤාව යොදා ගන්න.
(*2) මෙතනටත් ටිකක් එකතු කරනවා නම්, දුර්වල නොවී පවතින සුභ සුඛ සඤ්ඤා යොදා ගන්න.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට ඒකට තව එක කාරණාවක් එකතු කරන්න පුළුවන්.
Repair කරනවිට පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ යන්න සිහි කරනවිට ම මෙහි පළවන අවස්ථාව එනම්, දුර්වල නොවී පවතින සුඛ සඤ්ඤාව යොදා ගන්න, line 6 වල බලපෑම සහිතව අවිද්‍යාව උපකාරයෙන්, ධාරාව ගලන අවස්ථාව විමසන්නේ දෙදරීමක් සහිතව vibrate වීමක් වීම දැනී එම කරුණ සිහි කළා. එනම් ජීවිත ඉන්ද්‍රිය අඩපණ වී පරිදේව වීම සිහි කළා. මෙසේ දෙදරීමක් සමඟ ඇති වූ දේ කුමක් දැයි බුදුපියාගෙන් විමසුවා. එය ආශ්‍රව නසන අවස්ථාවක දැනෙන ස්වභාවයක් යැයි බුදුපියා පැවසුවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්