ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
22/10/2021 නිබ්බාන භාවනාවේ ධර්මයක් 27/09/2024 ජීවිත ඉන්ද්‍රිය භාවනාවේ සාකච්ඡා කළ 2(c) අවස්ථාව සම්බන්ධව යෙදිය හැකි බව වැටහුණා. එහි මනා කොට දැන උපාදාන ක්ෂය කිරීම, නාමරූප සිට ථීනමිද්ධය දක්වා නොයෑම ලෙස ඉගෙනගෙන ඇත.
ථීනමිද්ධ වන්නේ නම් ධ්‍යානයෝ නොපවතී. ධ්‍යානවලින් උපාදාන නැති වන බව අපි දනිමු. එනම් ජීවිත ඉන්ද්‍රිය අඩපණ නොකළ යුතු ය. මෙසේ විමසන්නේ එහි සඳහන් 1 සහ 2 අත්තා, මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය යන්නට සිත යොමු විය. මාට්ටු කරගැනීමේ අවස්ථා හතරක් මෙනි.
1. අත්තා 1 ප්‍රබල ය, සහ අත්තා 2 ප්‍රබල ය.
2. අත්තා 1 ප්‍රබල ය, සහ අත්තා 2 දුර්වල ය.
3. අත්තා 1 දුර්වල ය, සහ අත්තා 2 ප්‍රබල ය.
4. අත්තා 1 දුර්වල ය, සහ අත්තා 2 දුර්වල ය.
මෙහි තුන් වන අවස්ථාවෙන් පටන් ගනිමු. එනම් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප දුර්වල වුවත්, රූපය හෝ වේදනා අගයන් ප්‍රබලව පවතින්නේ නම් නාමරූප සිට විඤ්ඤාණ දක්වා වන ධාරාව හොඳින් ගලයි. දෙවන රැල්ල එනම් 2 අත්තා ප්‍රබල ය.
13/05/2022 නිබ්බාන භාවනාවේ දී, අත්තා 1 සහ 2 එකතු වීම නිසා, මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. ඉන් අනතුරුව මගේ යැයි ගනියි. එසේ ඇති වන අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය යන්න වටහා ගත යුතු ය, යනුවෙන් ඉගෙන ගත්තා.
උදාහරණ වශයෙන්, සාරියක් ගන්නා අවස්ථාව ගත හැකි ය. සාරිය ගැන මෙම වර්ණ, මෙවැනි මල් ආදී වශයෙන් සිතේ ඇත. මෙය අත්තා 1 මගින් නිරූපණය කළ හැකි ය. එවැනි සාරියක් වෙළඳසැලක ස්පර්ශ වන්නේ, දකින්න ලැබෙන්නේ, අත්තා 2 මෙය හොඳ යැයි, විඤ්ඤාණ ධාරාව ගැලීම නිසා, එනම් විඤ්ඤාණ අධිමොක්ඛ වීම නිසා සිදු වන්නේ, අත්තා 1 සහ 2 එකතු වන්නේ එයට මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. ඉන් අනතුරුව මගේ යැයි, එතං මම, මිල දී ගැනීම සමඟ සිදු වේ. එසේ ඇති වන අත්තා මගින් සක්කාය දිට්ඨිය ඇති වේ.
මනෝමය කායෙන් ඉන්න එක්කෙනා, ආප්ප දකිනවා නමුත් එයාට ගන්න බැරි බව අපි දනිමු. තුන් වන අවස්ථාව සමඟ මෙය විමසන්න. අත්තා 1 දුර්වල වන්නේ සාරියේ මල් හෝ shirt එක වශයෙන් ගැඹුරු අදහසක් නැති අවස්ථාවේ දී ය. උදාහරණ වශයෙන් සාරියේ මල් ගැන මානය අඩු යැයි සිතන්න. එනමුදු, වෙළඳසැලේ පෙනෙන සාරිය ඉතා අලංකාර ය. නාමරූප අගය වැඩි ය. මනෝමය කායෙන් ඉන්න අයෙකුට වුව ද පෙර ගති ලක්ෂණ ඇත්තේ, මෙහි දී එවැනි වර්ණ, එවැනි සාරි, ඇඳ යාම කළ හැක්කේ නම් යැයි අස්මිති ඡන්දය නිසා අදහසක් ඇති විය හැකි ය. මෙය සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පමණක් විමසීම සිදු වේ. එය ම මවු කුසට රිංගා ගැනීමට ප්‍රමාණවත් වේ. මෙසේ අස්මිති ඡන්දය නිසා ඉපදීම වන බව මෙම තෙවන අවස්ථාව මගින් වටහා ගත යුතු ය.
දෙවන අවස්ථාව විමසා බලමු. එනම් අත්තා 1 ප්‍රබල ය, අත්තා 2 දුර්වල ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප ප්‍රබල ය. රූප හෝ වේදනා අගයන් දුර්වල නිසා නාමරූප ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ දුර්වල ය. මෙම අවස්ථාව ධ්‍යාන තලවලට තුඩු දෙන බව වැටහේ. කෙසේ ද? 6.4 අවස්ථාව විමසන්න. Yellow traffic light වලින් යන අවස්ථාව. 1 සිට 4 ධ්‍යාන දක්වා වන අවස්ථාව. අත්තා 1 ප්‍රබල වන්නේ රූප හෝ වේදනා කෙරෙහි දැඩි අගයන් නොපැවතීම වුව ද, එම ධර්මයන් කෙරෙහි සඤ්ඤා අගයන් ප්‍රබල ලෙස පැවතීම නිසා ය. එනම් උපාදාන වූ ධර්මයන්, රූප හෝ වේදනා කෙරෙහි නොපැවතීම. එනම්, පෙර වේදනා විඳ ඇත්තේ, එම වේදනා පලක් නැති බව කියයි. එනමුදු හොඳ වේදනා තිබිය යුතු බව සඤ්ඤාවෙන් පවසයි. එම නිසා හදිසි ලෙස, yellow traffic light එකෙන් යන්නාක් මෙන් ධ්‍යාන තලවල උත්පත්තියකට යයි.
පළවන අවස්ථාව විමසා බලමු. අත්තා 1 සහ අත්තා 2 ප්‍රබල ය. මෙය විය හැකි අවස්ථා කිහිපයක් ඇත. එනම් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප ප්‍රබල වන පස් වන ධ්‍යාන තලය, 6 වන ධ්‍යාන තලය, යන ධ්‍යාන තල කෙරෙහි අභිජ්ඣා ඇත්තෙකුගේ එවැනි සඤ්ඤා නිසා වන අත්තා 1. මෙම අවස්ථාවේ දී නාමරූපවල නාම කොටසේ වේදනා අගයන් යොදා එම තල දෙකෙහි ඉපදීම සිදු වේ.
තව අවස්ථාවක් විමසන්නේ, නාම කොටසේ වේදනා අගයන් දුර්වල වන්නේ නම්, එහි සඤ්ඤා මනසිකාරයෝ ගිලිහී යයි. මෙවිට හත් වන ධ්‍යාන තලයේ ඉපදීම සිදු වේ. මෙහි නාම කොටස් සහ රූප කොටස් කෙරෙහි අභිජ්ඣා නැති වී ඇති නම් (*1) පමණක්, 8 වන ධ්‍යාන තලයේ ඉපදේ.
හතර වන අවස්ථාව විමසා බලමු. අත්තා 1 දුර්වල ය, සහ අත්තා 2 දුර්වල ය. මෙහි දී ප්‍රේත ලෝකයේ ඉපදීම සිදු වේ. කුමක් නිසා ද? අත්තා 1 ට තුඩු දෙන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප ගතයුත්තක් නොවන ලෙස පලාස වීම එම අයට ඇති වන නිසා, එම පලාස වීම නිසා ම, පෙනෙන්නා වූ රූපය ගිලිහී යයි. මෙසේ ප්‍රේත ලෝකයේ ගැටුම් සහිතව ම ඉපදේ.
දෙවන අවස්ථාව නැවතත් විමසන්නේ, 22/10/2021 නිබ්බාන භාවනාවේ ගාථාව සිහි විය.
තස්මා උපාදානක්ඛයා, සම්‌මදඤ්‌ඤාය පණ්ඩිතා, ජාතික්ඛයං අභිඤ්ඤාය, නාගච්ඡන්ති පුනබ්භවන්ති.
එහි දී, දී ඇති සටහන විමසන්න.
ඒකෙ පෙන්නනවා, මේ මනා කොට දැන, උපාදාන ක්ෂය කිරීම නාමරූප සිට ථීනමිද්ධය දක්වා නොයෑම කියලා. එතකොට “සම්‌මදඤ්‌ඤාය” මනා කොට දැන, මෙයට චෙතො විමුක්තිය ප්‍රමාණවත් යැයි කියලා බුදුපියා පැවසුවා.(*2) ඒ වගේ ම, ගොඩට ගැසීම කියන එකේ පෙන්නා දීලා තියෙනවා, විශිෂ්ට ඥානයෙන් දැන, ථීනමිද්ධ දක්වා නොයෑම. “අභිඤ්ඤා” විශිෂ්ට ඥානයෙන් දැන, මෙයට චෙතො විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය යන දෙක ම තිබිය යුතුයි.
මෙසේ මෙම අවස්ථා හතර විමසා, ගාථාව භාවිතා කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට කාරණාවක් එකතු කරනවා නම්,
මෙම භාවනාව හොඳින් බලා, භාවනාව කරගෙන යන්නේ, බුදුපියවරුන් සිහි කරන ආරම්භයේ දී ම, මනෝමය කාය ඇති විය. තුන් වන අවස්ථාව මෙනෙහි කළ පමණින් ම, සිත slow වී අනෙක් ධර්ම කරුණු සිතා ගැනීමට නොහැකි තරමට අකුරු අතර පරතරය වැඩි වන ලෙසට සිත පැවතිණ. කුමක් නිසා ද යැයි විමසන්නේ, මනා කොට දැනීම නිසා යැයි බුදුපියා පැවසුවා. අට ස්ථානයට අමතරව නාමරූපත් හොඳින් දැනීම නිසා ය. තව ද, භාවනාව අතරතුර, ඔළුවේ තද ගතිය නැති අතර ඉතා cool වූ ස්වභාවයක් ඇති වේ. මෝහය නැති බව හොඳින් දැනේ. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 12/10/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ persistence of no abhijja කියන එකයි ඔය කිව්වේ.
(*2) එතකොට ඊළඟට පල්ලෙහායින් arrow එකක් තියෙනවා. එතන ලකුණු කරලා තියෙනවා, ඒ සංස්කාරයේ ඉඳන් ථීනමිද්ධයට යන එක.