Date: 11/10/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/10/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අත්තා 1 සහ 2 එකතු වන්නේ එයට මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වේ. මෙය නොවීමට සම්මා දිට්ඨිය කෙසේ උදව් උපකාර කරයි ද? එකතු නොවීමට තරම් දුක්ඛය යන ධර්මතාවය ප්‍රබල විය යුතු ය. එකතු වී නොපවතින බව තේරුම් ගැනීමට තරම් දුක්ඛ සමුදය සහ නිරෝධ ධර්මයෝ ප්‍රබල විය යුතු ම ය. මෙය සඳහා අරි අට මඟ කෙසේ උදව් උපකාර කරයි ද? යම් සම්මා දිට්ඨියක් මගින් යම් දහමක් ඉදිරිපත් කරන්නේ ද, එය නිර්වාණය දක්වා ගෙන යෑමට උදව් උපකාර කළ යුතු ම ය. එය එසේ ය. මෙසේ සම්මා සමාධිය මගින් චතුරාර්ය සත්‍යයේ 1, 2, 3 සත්‍යයන්ගේ පැවැත්ම කළ යුතු ම ය.

04/10/2024 නිබ්බාන භාවනාවේ දෙවන අවස්ථාව යොදා ඉහත ධර්මතාවය තවදුරටත් විමසා බැලුවා. එහි අත්තා 1 ප්‍රබල වන්නේ රූප හෝ වේදනා කෙරෙහි දැඩි අගයන් නොපැවතීම වුව ද, එම ධර්මයන් කෙරෙහි සඤ්ඤා අගයන් ප්‍රබල ලෙස පැවතීම නිසා ය, යනුවෙන් ඉගෙන ගතිමු. සඤ්ඤා අගයන් ප්‍රබලව පැවතුණත් එයට සම්මා දිට්ඨිය නිසා ඇති වූ දුක යන සඤ්ඤාව සහ, යම් දහමක් නොපවතින බව පෙන්වන දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධ ධර්මයන් එකතු වන්නේ නම් කුමක් වේ ද? එය එසේ වන්නේ නම්, අත්තා 2 දුර්වල නම්, එනම් නාමරූප ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ දුර්වල නම්, තව ද පෙර විඳිනා ලද වේදනා කෙරෙහි පවතින සඤ්ඤා මනසිකාරයෝ ගිලිහී ගොස් ඇත්නම්, දෙවන සහ තුන් වන සත්‍ය මගින් පෙන්වන දහමුන් නිසා, හොඳ වේදනා තිබිය නොහැකි බව මනා කොට විද්‍යාමාන වන බැවින්, එම වේදනා දහමුන් නොසොයයි. මෙසේ 1 සිට 4 දක්වා වූ ධ්‍යාන තලවල ඉපදීම අත්හරී.

පළවන අවස්ථාවේ, එනම් අත්තා 1 සහ 2 ප්‍රබල අවස්ථාවේ දී සඳහන් 5 සහ 6 යන ධ්‍යාන තලවල ඉපදීම කෙසේ කෙළවර වේ ද? එහි දී නාම කොටසෙහි වේදනා අගයන් යොදා එහි ඉපදීම පෙර සාකච්ඡා කර ඇත්තේ අභිජ්ඣා නොවීමට තරම් සම්මා දිට්ඨිය ප්‍රබල විය යුතු ම ය.(*1) මෙය චතුරාර්ය සත්‍යයෙහි 1, 2, 3 යන ධර්මතාවයෝ මගින් ම සිදු කරනු ලබයි. කෙසේ ද? මිච්ඡා දිට්ඨිය, සම්මා දිට්ඨිය මගින් වැනසිණ, ඒ නිසා ය. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මගින් විඤ්ඤාණයේ පැවැත්ම මෙහි නැත. තව ද නාම කොටසේ වේදනා අගයන් දුර්වල වන්නේ නම්, ඒ සඤ්ඤා මනසිකාරයෝ ගිලිහී යයි. මෙහි දී විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප ධර්මයන්ගේ සඤ්ඤා කොටස් විමසා බැලුවා. සඤ්ඤාවේ අනිත්‍යභාවය දෙවන සහ තෙවන චතුරාර්ය සත්‍යය මගින් පෙන්වා දෙන නමුදු, සඤ්ඤාව දුක වශයෙන් තවමත් අවබෝධ නොවූ අයෙකුට එම දහම්හි සියුම්ව පිහිටීම කිසි වේදනාවක් නොදැනෙන විට තිබිය හැකි ය. සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ නම් සක්කාය දිට්ඨියට ඇලීම, එනම් අස්මිතිය ඉවත් වන්නේ නම් පමණක්, හත් වන ධ්‍යාන තලයේ ඉපදීම ඉවත් කළ හැකි ය. මෙයට සතිය අධික ලෙස තිබිය යුතු ය. මෙය සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය, යන්න මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන්, සටහන 2 දී වටහා ගත් ආකාරයට වටහාගෙන සම්මා සමාධිය තුළට කාවැදී තිබිය යුතු ම ය.

MM_06_09_2024_D2.jpg

අට වන ධ්‍යාන තලයේ ඉපදීම කෙසේ වැළකේ ද? එනම් නාම කොටස් සහ රූප කොටස් කෙරෙහි අභිජ්ඣා නැති වී ඇති අතර, එම අභිජ්ඣා නැති වීමේ දහම පවතින නමුත්, ඉපදීම නැවැත්වීම කුමකින් සිදු වේ ද? මෙහි දී අස්මිති මානයාගේ ඉවත් වීම සඳහා, කුමන හෝ දහමක් බලපායි ද යන්න විමසුවා. එයට ශාන්ත සුවිමුත්ත චිත්තය අවශ්‍ය බව කියමි. එය 20/09/2024 ශාන්ත සුවිමුත්ත චිත්ත භාවනාව මගින් වටහා ගත යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

මේකට තව කාරණා එකතු කරනවා නම්,

1. මෙසේ විමසන්නේ 30/08/2024 නිබ්බාන භාවනාවේ ඉගෙන ගත් පරිදි, අස්මිති මානයාගේ ප්‍රහාණය සඳහා සම්මා සමාධියෙහි ප්‍රඥා ස්කන්ධය පරිවාර වන විට ශාන්ත සුවිමුත්ත චිත්තය ඇති වන බව වැටහේ. එය එසේ ය.

2. මෙම භාවනාව කරන්නේ මුල දී ප්‍රීතිය ඇති වීමත්, එය ඇඟ පුරා ගැලීමත්, ඉන් අනතුරුව සුඛ වීමත්, උපෙක්ඛා වීම ද, 5, 6, 7 ධ්‍යාන වශයෙන් ඇති වීමත් උත්සාහයකින් තොරව සිදු විය. එය භාවනාවට සූදානම් වී පැමිණි නිසා ය. ඉන් අනතුරුව මෙහි කොටස් හරහා යෑම සිදු විය.

3. මෙහි පළවන අවස්ථාවේ, එනම් අත්තා 1 සහ 2 ප්‍රබල අවස්ථාවේ දී සඳහන් 5 සහ 6 යන ධ්‍යාන තලවල ඉපදීම විමසන විට, 16/06/2023 භාවනාවේ භාවිතා කළ අවිතක්ක අවිචාර සටහනේ line c ධ්‍යාන d සිහි වන්නේ, එය සමඟ අරූප ධ්‍යාන වීම ද, එම අරූප ධ්‍යාන හොඳින් පැවතීම ද විය.

s_AvitakkaAvicara.jpg

තව ද එක් එක් ධ්‍යානයන් ඇති වුව ද, කිසිම ධ්‍යානයක් අල්ලාගෙන සිත නොපිහිටයි. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 26/10/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) මේකට පොඩ්ඩක් එකතු කරනවා නම්, එනම් සමුදය අස්තංගමය වේදනාව කෙරෙහි දක්ෂව යෙදීමට හැකි විය යුතු ය.