ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
11/10/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අත්තා 1 සහ 2 එකතු වන්නේ එයට මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. ඉන් අනතුරුව මගේ යැයි ගනී. අත්තා 1 සහ 2 එකතු වීම මගින් 20/09/2024 ශාන්ත සුවිමුත්ත චිත්ත භාවනාවේ සටහන 2හි සඳහන් අස්මිති අනුසය නිරූපණය කරන කවුළුව ඇති වූ බව පෙර භාවනා උපකාරයෙන් වැටහේ.
මෙහි ආරම්භය අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ ලෙස වැටහේ. එමගින් ඇති වූ දෝලනය බලපා ඇත. එමගින් වූ සංසාරයේ ගමන ඇත. චලනය වූ බව දත යුතු ය.(*1)
11/10/2024 නිබ්බාන භාවනාවේ හත් වන ධ්‍යාන අවස්ථාව සමඟ 06/09/2024 නිබ්බාන භාවනාවේ එකතු කරන ලද තුන් වන කාරණය සම්බන්ධ විය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර පරාමාසගත වූ පසු බිඳී යන්නේ නම්, 4.4 දී දිට්ඨි ආශ්‍රව ඇති වේ. 4.4 දක්වා යන්නේ පහළ ධාරාව දිට්ඨි ආශ්‍රව දක්වා පැමිණීම සිදු වේ. මෙම 4.4 දක්වා යන අවස්ථාව සමඟ සසඳා බලන්නේ, එහි නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය නොපවතී. දිට්ඨි ආශ්‍රව 4.4 දී ඇති වුවත්, දිට්ඨි විපල්ලාස වීමට තව දහමුන් එකතු විය යුතු බව බුදුපියා පැවසුවා. කුමක් එකතු විය යුතු ද? මගේ යැයි ගැනීම, 5.5 අත්තා විය යුතු ම ය. එසේ නොවන්නේ නම් දිට්ඨි විපල්ලාස ඇති නොවේ. නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය ගැන කවර කතා ද? එය මෙහි නැත.
සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය යන්න, මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සටහන 2 දී වටහාගෙන ඇත්තේ නම්, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය නොයෙදීම ඉහත අයුරින් වටහා ගත් අයෙකුට හත් වන ධ්‍යාන තලයේ ඉපදීම පහසුවෙන් ඉවත් කළ හැකි ය. මෙහි අත්ත සඤ්ඤාව අත්ත දිට්ඨි බවට පත් නොවීම පෙනේ. එනම් petrol pump එක නැවතූ පසු petrol නොඑන්නාක් මෙන් නාමරූප සිට සුඛ චිත්ත විපල්ලාසය නොගලයි. එය සංස්කාරවලින් සැපයීම නැත. Petrol pump එක වැසීම යන සංස්කාරය කර ඇත. එනම් මගේ නොවේ යන්න, සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ මගින් දැන ගැනීමට වුවමනාවක් නැත. කුමක් නිසා ද? සඤ්ඤාව දුක නිසා ය.
මෙහි 8 වන ධ්‍යාන තලයේ ඉපදීම වැළකීම සිහි කරන්නේ, අස්මිති අනුසය නිරූපණය කරන ප්‍රදේශයේ සිට කවුළුවකින් බලන්නාක් මෙන් සිතන්නේ, විභව තණ්හාවේ වැඩි ම අගය 8 වන ධ්‍යාන තලයේ ඉපදීම බව සිහි කරන්න. එනම් රූප වේදනා සඤ්ඤා සියල්ල එපා යැයි කියන්නේ ය. එනමුදු තවමත් ගිලිහී ඇති පටිච්චසමුප්පන්න පුරුක්වල පෙර ලැග සිටි බව විද්‍යාමාන වන බැවින්, තවමත් කොහේ හෝ සිටීමට කැමැත්තක් ඇති බව වැටහෙන්නේ ය. එනම් මෙච්චර කාලයක් සංසාරයේ ගියා, තව කෙසේ හෝ ඉන්නට කැමැත්ත ඇත. එය ඉවත් වීම කළ යුතු බව වැටහීම වේ. එය ශාන්ත සුවිමුත්ත චිත්තය මගින් කෙසේ ඉටු කරයි ද? මෙපමණ කාලයක් සංසාරයේ ගියා යැයි, එය අත්තා කරගැනීම අත්හැරීම වන නිසා ය. එය සඳහා කවුළුවෙන් බලන තාක් දුක ඇති බව ශාන්ත සුවිමුත්ත චිත්තය මගින් පෙන්වා දෙනු ලබන්නේ, එම දහමේ මනා කොට බැසගත යුතු ය. එහි පලාසය නැති බව වටහා ගත යුතු ය. නිවන පලාස නොවේ. 09/08/2024 ධම්මකාය භාවනාවේ red arrow සිහි කරන්න. එකක් ගන්නේ නම් නිවනින් පිට සියල්ල ම සාධාරණ වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
මෙම භාවනාව කරන්නේ සුභ යන චිත්ත විපල්ලාසය ඉවත් වන බැවින්, මේ තාක් සංසාරයේ ගෙන ගියා වූ සුඹුල ඉවත් කර නිර්වාණය සාක්ෂාත් කරගත හැකි බව වැටහේ. මෙසේ වටහා ගන්නේ, දිට්ඨීන් නිසා ඇති වූ චිත්තය, සංසාරය ලෙස සිතන්න.
තව ද විභව තණ්හාවේ වැඩි ම අගය, එනම් 8 වන ධ්‍යාන තලයේ ඉපදීම ගැන සිතන්නේ, කවුළුවේ නාමරූප මගින් නිරූපණය කරන දහමුන්ගේ වැඩි ම අගය ලෙස, සුභ යන චිත්ත විපල්ලාසය සහ සුඛ යන සඤ්ඤා විපල්ලාසය බව වැටහිණ. එසේ ම සක්කාය දිට්ඨියට ඇලීම වන ප්‍රධාන ස්ථානය පරාමාසකායගන්ථය ලෙස ලකුණු කිරීම ද වැටහේ. එනම් වැරදි ලෙස ග්‍රන්ථ වුණා වූ, වැඩි ම අගය, සක්කාය දිට්ඨියට ඇලීම වන්නේ ය. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 26/10/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතකොට මට නම් ඔතනට ආවා ඉතින් අහිකුණ්ඨික ජීවිතයක් මෙන් වැටහෙනවා ඒ අවස්ථාවේ දී, ඒ කියන්නේ එක භවයක ඉඳන් තව භවයකට යෑම.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට දැන් තව ලස්සන ධර්මතාවයක් පෙන්නන්න පුළුවන්.
මේ භාවනාවේ කියපු මේ වචන ටිකක් කහ පාටින් ලකුණු කරගන්න.
1. අත්තා1 සහ 2 එකතු වන්නේ
2. කවුළුව ඇති වූ බව
3. සුභ යන්න චිත්ත විපල්ලාසය
4. සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය
5. විභව තණ්හාවේ වැඩි ම අගය 8 වන ධ්‍යාන තලයේ ඉපදීම බව සිහිකරන්න
6. තවමත් සිටීමට කැමැත්තක් ඇති බව වැටහෙන්නේ ය
7. මෙච්චර කාලයක් සංසාරේ ගියා යයි තව කෙසේ හෝ ඉන්නට කැමැත්ත ඇත
දැන් ඊළඟට මේ කියන වචන ටික නිල් පාටින් ලකුණු කරගන්න
1. එසේ නොවන්නේ නම් දිට්ඨි විපල්ලාස ඇති නොවේ
2. මණ්ඩලාධිපති බුදුපියාගේ දහම
3. හත් වෙනි ධ්‍යාන තලයේ ඉපදීම පහසුවෙන් ඉවත් කළ හැකිය
4. මෙපමණ කාලයක් සංසාරයේ ගියා යයි අත්තා කර ගැනීම අත්හැරීම වන නිසා ය
5. පලාසය නැති බව වටහා ගත යුතු ය
එතකොට ඔය දුක්ඛය හටගත් ආකාරය බැලීමට කහ පාටින් ලකුණු කරන ලද පෙළ අනුගමනය කරන්න සහ දුක්ඛය නැති වන ආකාරය බැලීමට නිල් පාටින් ලකුණු කළ පෙළ අනුගමනය කරන්න. මෙය, සමුදයවයධම්මානුපස්සී වා විහරති, යන්න වේ. එය එසේ ය. ඔයගොල්ලෝ අහලා ඇති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති කියලා. වරක කයෙහි ඉපදෙනා සැටිත් වරෙක නැසෙන සැටිත් නොයෙක් අයුරින් පුනපුනා බලනු වේ හෝ වෙසේ. ඒ ධර්මයන්ගේ ඉපැද්දීමට කරුණු ද, විටෙක ඔවුන්ගේ වැනැස්මට කරුණු ද දක්නා සුළු වේ ධර්මයන්ගේ ධම්මානුපස්සීව වෙසෙයි කියලා සතර සතිපට්ඨාන සූත්‍රයේ එහෙම පෙන්නනවා. එතකොට අන්න අපි ඉගෙන ගන්නවා මෙතැන දී මේ භාවනාව තමයි සමුදය වය කියලා කියන්නේ.
එතකොට මේ භාවනාව, මේක හරි ලස්සනයි මේ භාවනාවේ හත් වන ධ්‍යාන අවස්ථාව සිහි කරන්නේ සුඛ සහිතව මූණ දැනෙන අවස්ථාවේ සිට සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය යන්න මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් මෙනෙහි කරනවිට හත් වන ධ්‍යාන වීම මනා කොට දැනෙන අතර මෙය එසේ යැයි දැන සතුටු වන විට 6 වන ධ්‍යානය වීම ද, නැවත සුභ + නිත්‍ය මගින් සුඛ මෙනෙහි කරනවිට හත් වන ධ්‍යාන වීම ද serious වීම ද කිහිප වාරයක් සිදු විය. මෙසේ 6 සහ 7 අතර මාරු වීමේ ධ්‍යාන කුසලතාවය ද මෙම දහම් මගින් ම ඇති වේ. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්