Date: 25/10/2024 Name: Nibbana

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

4.4 අවස්ථාවේ සිට ජාතිය දක්වා දිග ගමනක් නොයෑම සඳහා කුමක් කළ යුතු ද? කුමන පදනමක සිටිය යුතු ද? 13/09/2024 නිබ්බාන භාවනාවේ දී, 22/03/2024 නිබ්බාන භාවනාව අවසානයට එකතු කරන ලද, තුන් වෙනි කාරණය සඳහා දුන් සටහන භාවිතා කළා.

MM_22_03_2024.jpg

එහි දී ආර්ය වූ සම්මා සමාධිය, අරි අට මඟේ ඉතුරු කොටස් හත පරිවාර වීම මගින් අස්මිති අනුසය පහ කළ හැකි බව ඉගෙන ගතිමු. කෙසේ සම්මා දිට්ඨියේ සිට සම්මා සතිය දක්වා වූ කොටස් පරිවාර කළ හැකි ද?

18/10/2024 නිබ්බාන භාවනාවේ පෙන්වා දුන්, සමුදය වය ධර්මය බලමින් පුනපුනා වාසය කරන්නේ නම් පමණක්, එසේ සම්මා දිට්ඨියේ සිට සම්මා සතිය දක්වා වූ කොටස් පරිවාර වන බව කිව යුතු ම ය. එය එසේ ය.

මෙහි සම්මා සතිය තුළට සමුදය වය යන ධම්ම කොටස ඇතුළත් වන අතර, එය සඳහා සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද විමසා, එහි සඳහන් අයුරින් දිට්ඨි විපල්ලාසය ඉවත් වීම ද, මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සඤ්ඤා විපල්ලාසය ඉවත් වීම ද, එමගින් ම සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම ද, වටහා ගෙන එය සිහියේ පැවැතිය යුතු ම ය. එනම් ඉදිරිය මනා කොට දැන අත්තා කර ගැනීම නැවතීම භාවිතා කළ යුතු ය. මෙය හත් වන ධ්‍යානයට යන අයෙකු මනා කොට මගේ යැයි නොගන්නේ යම් සේ ද, මෙය එසේ ය. මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සුභ චිත්ත විපල්ලාසය ඉවත් වීම පෙර විමසා ඇත්තේ, සුභ චිත්ත විපල්ලාසය ඉවත් වූ පසුව සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම කළ හැකි බව බුදුපියා පැවසුවා. මෙයට සතිය තිබීම පමණක් සෑහේ.

මේ සඳහා තථාගතයන් වහන්සේලා නියම කරන දස කුසලයෙහි මනා කොට පිහිටිය යුතු අතර එහි පිහිටීමට වෑයම් කළ යුතු ය. මෙසේ සීලය සම්මා වායාමය සම්මා සති යන තුන් ධර්මයෝ පරිවාර වීම පළමුව සිදු වේ. දී ඇති අනාශ්‍රව සටහන බලන්න.

anasava.jpg

මින් අනතුරුව සම්මා සංකල්පය පරිවාර වීම විය යුතු අතර එය සඳහා සුඛ චිත්ත විපල්ලාසය නොවිය යුතු අතර එහි මනා කොට බැස ගැනීම, ආරති විරති පටිවිරති යන දහම්හි පිහිටීම, විය යුතු ම ය. මෙය 09/02/2017 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කර ඇත. ධ්‍යාන සුඛය භුක්ති විඳ හෝ ජීවත් වෙනවා යන්න ඉවත් විය යුතු ය. මෙසේ ගොඩ නැංවෙන සම්මා දිට්ඨිය මගින් පමණක්, ඉවත් වීම මගින් වන ධර්මතාවයෝ සම්මා සමාධියට කා වැද්දවීම සිදු කරයි. කුමක ඉවත් වීම ද? තණ්හාව ඉවත් වීම නිසා වන ධර්මතාවය, එනම් සිතේ සැහැල්ලු බව, දුක අඩු බව, සමාධි සහගත චිත්තයට කා වැදේ. එහි පුනපුනා බැස ගැනීම වන්නේ, නම් එතන නිර්වාණය ඇත.

ඒක තමයි මං කරපු භාවනාව.