ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/10/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී 22/03/2024 නිබ්බාන භාවනාව අවසානයට එකතු කරන ලද, තුන් වෙනි කාරණය සඳහා දුන් සටහන භාවිතා කළා.
මෙහි සම්මා සතිය තුළට සමුදය වය යන ධර්ම කොටස ඇතුළත් වන අතර එය සඳහා, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද විමසා, එහි සඳහන් අයුරින් දිට්ඨි විපල්ලාසය ඉවත් වීම ද, මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සඤ්ඤා විපල්ලාසය ඉවත් වීම ද, එමගින් ම සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම ද, වටහා ගෙන එය සිහියේ පැවැතිය යුතු ම ය. එනම් ඉදිරිය මනා කොට දැන අත්තා කර ගැනීම නැවතීම භාවිතා කළ යුතු ය. මෙය හත් වන ධ්‍යානයට යන අයෙකු මනා කොට මගේ යැයි නොගන්නේ යම් සේ ද, මෙය එසේ ය.
මෙහි දී ආනෙඤ්ජ සප්පාය slide 5 සිහි විය. එහි අත්තා යැයි නොගැනීම ඇත. මෙහි දී සිදු කරන්නේ ද එම ධර්මය තව ආකාරයකට භාවිතා කිරීමක් ලෙස වැටහිණ. එය එසේ ය. එසේ අත්තා කර ගැනීමෙන් වෙන් වීම, වය ධර්මය භාවිතා කරන ආරම්භයේ සිට නිවනට යන අවසානය දක්වා පවතී. එය තවදුරටත් විමසන්නේ ආනෙඤ්ජ සප්පාය slide 4 වල දී, භවය ද භෝග ද වෝකාරය ද අහංකාරයට පදට්ඨානය, යනුවෙන් ඉගෙන ගතිමු.
මෙය කවුළුවට සම්බන්ධ වන බව දුටුවා.
එනම් භවය යන්න වේදනාව සමග සම්බන්ධ වන්නේ එය නාමරූප වලින් නිරූපණය කරනු ලබයි. වෝකාරය විභව තණ්හාවේ වැඩි ම අගය අට වන ධ්‍යානය මගින් නිරූපණය කළ හැකි ය. ඉතිරිව ඇත්තේ සක්කාය දිට්ඨියට ඇලීම වන්නා වූ ප්‍රධාන ස්ථානයට සිත යොමු කරන්නේ මෙය අහංකාරය ලෙස ද, එමගින් ඇති වන්නා වූ දහම් අස්මිති අනුසය දක්වන ප්‍රදේශය මගින් ද නිරූපණය කරනු ලබයි. තව ද රූපය මගින් ඇති වන්නා වූ දහම්, ශුක්‍රාණුවේ සිට සතර මහා ධාතු ඇතුළත් වන සියලු ධර්මයෝ සුභ යැයි පරාමාසයේ සිට ඉදංසච්චයට ඇදීම මගින් නිරූපණය කරන බව වැටහිණ.
මෙසේ විමසන්නේ slide 5 වල
පෙර වූ මෝහය ද්වේෂ සහිතව ජීවත් වීම පාණාතිපාතය, දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානය, කාමෙසුමිච්ඡාචාරා කාම සඤ්ඤාව මෙහි ඇලීම අභිනිවේසයයි, යන ධර්මතාවයෝ අනාශ්‍රව සටහන සමග සම්බන්ධ විය.
මෙසේ දස අකුසලය ලෝභ ද්වේෂ මෝහ සමඟ සම්බන්ධ වීම පෙනේ. එය ඉවත් වන්නේ නම් අරි අට මඟ සෑදීම ද මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සුභ චිත්ත විපල්ලාසය ඉවත් වීම පෙර විමසා ඇත්තේ, සුභ චිත්ත විපල්ලාසය ඉවත් වූ පසුව, සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම, සතිය තිබීම පමණක් සෑහේ යැයි බුදුපියා පැවසූ ධර්මතාවය මගින් වටහා ගන්නේ, මෙහි දී වේදනා සිට පරාමාස වීමට සංසාරේ ගිය බර load එක එන්නේ නැත යැයි වැටහිණ.
මින් අනතුරුව සම්මා සංකල්පය පරිවාර වීම විය යුතු අතර එය සඳහා සුඛ චිත්ත විපල්ලාසය නොවිය යුතු අතර එහි මනා කොට බැස ගැනීම, ආරති විරති පටිවිරති යන දහම්හි පිහිටීම, විය යුතු ම ය. මෙහි දී ආනෙඤ්ජ සප්පාය slide 6 සිහි විය. කාම සඤ්ඤාව නිසා ඇති වන්නේ දොම්නස පමණි. මෙසේ තණ්හාව ඉවත් වීම නිසා වන ධර්මතාවය, සිතේ පවතින්නේ නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව කාරණා දෙකක් එකතු කරනවා නම්,
මෙම භාවනාව කරන්නේ මණ්ඩලාධිපති බුදුපියාගේ දහම සිහි කරන්නේ නිකට නළල වම (සතිය තියන තැන) නළල දකුණ (ප්‍රඥා) මගින් දැක්වෙන මුලු ප්‍රදේශය ම cool විය. එය ආනෙඤ්ජ සප්පාය slide 4 සහ මණ්ඩලාධිපති බුදුපියාගේ දහම් කරුණු ලකුණු කරන ප්‍රදේශය එකම යන්න සමග වැටහේ. Slide 5 දක්වා පැමිණෙන්නේ ඔලුව globe එකක් මෙන් ප්‍රභාස්වර විය.
දෙවන දිනයේ දී භාවනාව ආරම්භ කිරීම සමග එක් එක් ධ්‍යානයන් හරහා උත්සාහයකින් තොරව circle වීම සිදු විය. එය භාවනාව තුළ දී මනස එම තත්වයට යොමු වන්නේ නම් එසේ ම විය. භාවනාව අවසානයේ repair කරන්නේ එසේ ම circle වීම සිදු විය, පුදුමයකි අශ්චර්යකි. බුදුපියාගෙන් විමසන්නේ ඔබ ආනෙඤ්ජ සප්පාය දහම් පෙර වඩා ඇත්තේ ඒ නිසා මෙසේ වන්නේ යැයි පැවසුවා. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්