Date: 08/11/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සුඛ සඤ්ඤා විපල්ලාසය ඉවත් වීම මගින් සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම පෙර විමසා ඇත. එහි සුඛ සඤ්ඤාවේ සමුදය දැන, එනම් සුභ + නිත්‍ය මගින් සුඛ බව දැන සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම ඇත.(*1) පළවෙනි සටහන බලන්න.

MM_08_11_2024_D1.jpg

ඒකෙ ලකුණු කරලා තියෙනවා, a - සුඛ සඤ්ඤා විපල්ලාසය ඉවත් වීම මගින්, b - සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම.

25/10/2024 නිබ්බාන භාවනාවේ දී මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සුභ චිත්ත විපල්ලාසය ඉවත් වීම පෙර විමසා ඇත්තේ සුභ චිත්ත විපල්ලාසය ඉවත් වූ පසුව සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම කළ හැකි බව බුදුපියා පැවසුවා. මෙයට සතිය තිබීම පමණක් සෑහේ යනුවෙන් ඉගෙන ගතිමු. මෙය වෙන එකක් ගත්තත් එපමණ ය යන සතිය සමඟ, සුභ + නිත්‍ය මගින් සුඛ යන සතිය පැවැතී ම ය. වෙන එකක් ගත්තත් එපමණ ය යන්නට උදව් කරන්නේ ජීවිත ඉන්ද්‍රිය ය. පැමිණි අගයන්ගේ වෙනසක් නොදැනෙන තත්වයට එය පත්ව ඇත.(*2) මෙතෙන්දි අපි දෙවෙනි සටහනක් දෙනවා.

MM_08_11_2024_D2.jpg

ඒකෙ පෙන්නනවා, c - සුභ චිත්ත විපල්ලාසය ඉවත් වීම මගින්, b - සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම. ඒ වගේ ම තුන් වෙනි සටහනකුත් දීලා තියෙනවා.

MM_08_11_2024_D3.jpg

ඒකෙ පෙන්නනවා, a - සුඛ සඤ්ඤා විපල්ලාසය සහ c - සුභ චිත්ත විපල්ලාසය ඉවත් වූ පසු, b - සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම. එසේ නම් a - සුඛ සඤ්ඤා විපල්ලාසය සහ c - සුභ චිත්ත විපල්ලාසය ඉවත් වූ පසු, b - සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම වන බව පෙනෙන්නේ ය. මෙහි දී ජීවිත ඉන්ද්‍රිය ද, ප්‍රශ්නය යැයි විමසුවා. එය එසේ යැයි බුදුපියා පැවසුවා. එය මගින් යම් සැපයීමක් නැති ද, එවිට b - සුඛ චිත්ත විපල්ලාසය පරාමාසගත නොවේ යැයි බුදුපියා පැවසුවා.

මෙය සිහියේ තබාගෙන, 01/11/2024 නිබ්බාන භාවනාව නැවතත් කරන්නේ කවුළුවේ භවය නිරූපණය කරන නාමරූප ලකුණු කරන තැන ම, සුභ චිත්ත විපල්ලාසයත් සුඛ චිත්ත විපල්ලාසයත් ලකුණු කරගන්න. දී ඇති සටහන බලන්න.

MM_08_11_2024_D4.jpg

සුඛ චිත්ත විපල්ලාසය කුමක් නිසා මෙහි ලකුණු කරයි ද? 18/10/2024 නිබ්බාන භාවනාවේ දී නාමරූප මගින් නිරූපණය කරන දහමුන්ගේ වැඩි ම අගය ලෙස සුභ යන චිත්ත විපල්ලාසය සහ සුඛ යන සඤ්ඤා විපල්ලාසය ලෙස විමසා ඇත. මෙහි භවය ඇතුළත් වන බැවින් එය සමඟ ඇති වන දහමුන් නිරූපණය කිරීම සඳහා සුඛ චිත්ත විපල්ලාසය යොදා ඇත. කුමන දහමුන් ද? සංසාරයේ ගෙන යන තණ්හා දහමුන් ය.

1) භවය - සුභ චිත්ත විපල්ලාසය, සුඛ සඤ්ඤා විපල්ලාසය යන ධර්මයෝ නොමැති විට, 2) වෝකාරය ඉවත් කළ හැකි ය. මෙහි සටහන දෙකෙහි මෙන් සතිය තිබිය යුතු ය. එමගින් සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම සිදු වේ. වෝකාරය ඉවත් කළ පසු 3) වේදනා සිට පරාමාස වීමට සංසාරයේ ගිය බර load එක නොපැමිණෙන්නේ ය. වේදනා සිට පරාමාස වීමට සංසාරයේ ගිය බර load එක නොපැමිණෙන්නේ නම් පරාමාස ඉදංසච්ච එකට සිටීමක් ද නැත. මෙහි කාම සඤ්ඤා රඳන්නේ නැත. එය ම නිර්වාණය වේ. කාම සඤ්ඤාව නිසා ඇති වන්නේ දොම්නස පමණි.

ඒක තමයි මං කරපු භාවනාව.

මේකට කාරණාවක් එකතු කරනවා නම්,

සටහන 1 වේදනාව සමඟ සම්බන්ධ ය. සටහන 2 දිට්ඨිය සමඟ සම්බන්ධ ය. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 23/11/2024

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් මෙතෙන්දී ඔය diagram එකේ a කියන එක සුඛ සඤ්ඤා විපල්ලාසය සෑදුණේ මෙසේ යැයි දැන, ඒ කියන්නෙ සුභ + නිත්‍ය මගින් සුඛ වුණා කියන එක, ඒක ම තමයි ඔය “ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතිමා” කියන අර්ථයට බලන්න පුළුවන්.

(*2) ඉතින් මෙතන ගන්න පුළුවන් ඔය සඤ්ඤාව මගේ නොවේ යැයි කියන්නේ නම් එසේ වන්නේ ය.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-07.jpg